抖阴社区

                                    

ශාන් - ඇයි උබ බෝට කිව්වෙ උබ ලියෝට කැමතියි කියලා...

සෝහි - මම එහෙම කිව්වෙ මම ඇත්තටම ලියෝට කැමති නිසා...

ශාන් - සෝහි... උබ මටත් බොරු කියන්න එපා බන්... මම දන්නවා උබ කවදාවත් බෝව අතෑරලා වෙන එකෙක්ට කැමති වෙන්නෙ නෑ කියලා...

සෝහි - බොරු නෙමෙයි බනී... මම ඇත්තට කිව්වේ...

සෝහි තමන් කියපු දේ ඇත්තක් බව ආයෙ ආයෙත් කියද්දි ශාන් සෝහිගේ උරහිස් දෙකෙන් අල්ලගෙන සෝහිගේ මූනට එබුනා.

ශාන් - සෝහි මට ඇත්ත කියන්න...

සෝහි - ඇත්ත ඒක තමයි ශාන්...

ශාන් - නෑ සෝහි... උබ එහෙම දෙයක් කියන්න වෙන හේතුවක් තියනවා... දැන්වත් මට ඇත්ත කියපන් බන්...

සෝහි - මම එහෙම කලේ සල්ලි නිසා...

ශාන් දිගින් දිගටම සෝහිගෙන් බලකරමින් ඒ ගැන අහද්දි, සෝහි ඇස් දෙකත් පියාගෙන කෑ ගහුවා.
සෝහි කියපු දේ ඇහුන ශාන් ඇස් දෙක ලොකු කරගෙන සෝහිගේ මූන දිහා බැලුවා.

ශාන් - සෝහි... මොනවද බන් කියන්නේ...

සෝහි - ඔයා ඇත්ත කියන්න කිව්වනේ... මමාගෙ ඔපරේශන් එකට ගත්ත ණය ගෙවන්න ලියෝ මට සල්ලි දෙන්නම් කිව්වා... මේ වෙලාවෙ ඒක මට ගොඩක් වටිනවා...

සෝහි කියන දේවල් අදහාගන්න බැරුව ශාන් ටික වෙලාවක් සෝහි දිහා බලාගෙන හිටියා. අංතිමේදි ශන් හඩ බාල කරලා සෝහිට කතා කලා.

ශාන් - සෝහි... මම උබට කිව්වනේ... උබ තනියම ඒ ණය ගෙවන්න ඕනෙ නෑ... ණය ගෙවන්න මාත් උදව් කරන්නම්...

? The chase ?( ? )Where stories live. Discover now