ශාන් ඇහෙන නෑහෙන හඩින් කියද්දී යීබෝ කැඳ බඳුන ටේබල් එක උඩින් තියලා ශාන් දිහා බැලුවා.
අහිංසක පෙනුමක් මූණට මවාගෙන ශාන් ඇස්වලින් රෝහල් කාමරයටම සම්බන්දවී තියන බාත්රූම් එක පෙන්වද්දී ශාන්ගේ උවමනාව මොකද්ද කියලා යීබොට තේරුනා."ඕක කෙලින්ම කියන්න එපැයි බනී..."
ශාන්ගේ තුවාලය තියෙන්නේ දකුණු පැත්තේ යටි බඩේ නිසා යීබෝ හිනාවෙමින්ම වම් පසින් ශාන් ලඟට ලං උනා.
"ඉන්න ඉන්න... ඔය මොකද්ද කරන්න හදන්නේ..."
එක අතක් ශාන්ගේ පිට හරහා දාපු යීබෝ අනිත් අතින් ශාන්ගේ කකුල් වලින් අල්ලගෙන උස්සන්න හදද්දීම, ශාන් යීබෝව නැවැත්තුවා.
"උස්සගෙන ගිහින් බාත්රූම් එකෙන් තියන්න... වෙන මොනවා කරන්නද..."
ශාන් යීබෝව නවත්වපු නිසා ශාන්ව ඔසවාගන්න හදපු විදිහටම ශාන් ලඟට පාත්වීගෙන යීබෝ ශාන්ගේ මූණ දිහා බලන ගමන් කිව්වා.
"චී... ඔහොම උස්සගෙන යන්නෙ කෙල්ලන්වනේ අප්පා..."
ඒ වතාවෙදි නම් යීබෝ ශාන්ගේ මූණ දිහා බලාගෙනම ඇඳ ලඟ කෙලින් හිටගත්තා.
"එහෙම උස්සගන්න එපා නම් කොහොමද මම උබව බාත්රූම් එකට එක්කන් යන්නේ..."
"අපි තනි කකුලෙන් පැන පැන යමු..."
"තනි කකුලෙන් පැන පැන ගිහාම තුවාලෙ හොද වෙනවද..."
"එහෙනම් වීල්චෙයා එකක් ගේන්න..."
"වැඩි වැඩ කරන්න ගිහිල්ලා තුවාලේ පෑරුනොත් මටයි ඩොක්ටර්ස්ලගෙන් බැනුම් අහන්න වෙන්නේ..."
"තුවාලෙ පෑරෙන්නෙ නෑ අනේ... මම හිමින් සැරේ පැන පැන යන්නම්..."
"බනී......."
"මට නම් බෑ කෙල්ලෙක් වගේ එහෙම යන්න... බර තද කරගෙනවත් ඉන්නම් ඉතින් වෙන මොනවා කරන්නද..."
"එහෙනම් මම නර්ස්ට කියන්නම් අර බටේ දාන්න කියලා... එතකොට බර තද කරගෙන ඉන්න ඕනෙ නෑනේ..."
"හරි හරි අප්පා... එහෙනම් උස්සගන්නකෝ..."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."
? Chapter 16 ?
Start from the beginning