抖阴社区

                                    

"ඉතින් කොහොමද සාහෝ ඇමතිතුමා... නැත්තම්... මම 'හිටපු' ඇමති කියන්නද..."

යීබෝ උවමනාවෙන්ම 'හිටපු' කියන වචනය බර කරලා කියද්දී සාහෝ යීබෝ දිහාට හැරුනා.

"වන්ග් යීබෝ... වන්ග් යීබෝ කියලා කෙනෙක් මාව මුණගැහෙන්න ආව කිව්වට... සැකයක් තිබුනා මාව මුණගැහෙන්න ආවේ මම දන්න යීබෝමද කියලා... එහෙනම්... හිතපු විදිහටම ඇවිල්ලා තියෙන්නේ මම දන්න යීබෝම තමයි... වන්ග් කීරෙන්ගේ පුතා..."

කිසිම හැඟීමක් නැති හඩකින් කිව්ව සාහෝ සෝෆාවෙන් ඉදගෙන යීබෝටත් ඉස්සරහා තියන සෝෆා පුටුව අතින් පෙන්නුවා.
යීබෝ සාහෝ දිහා බලාගෙනම සාහෝට ඉස්සරහින් තිබුනු සෝෆාවේ වාඩි වුනා.

"ඉතින් යීබෝ... අවුරුදු හතක් රටින් පිට ඉදලා බිස්නස් බලාගන්න ඕන නිසා ආයිත් චීනෙට ආවා කියලා ආරංචි උනා... දැන් කොහොමද බිස්නස් වැඩ එහෙම..."

සාහෝ ඇමතිතුමා වෙනසක් නැතුව සාමාන්‍ය විදිහට කතා කරද්දී යීබෝට තවත් කේන්ති ගියා.

"""මගෙ මමාගෙයි පපාගෙයි ජිවිත නැති කරලා... කිසිම දෙයක් නොදන්න ගානට මාත් එක්ක කතා කරන හැටි... ඇත්තටම මේ මනුස්සයට ලැජ්ජාවක් නැද්ද... මාව දකිද්දිවත් පොඩි හරි පසුතැවීමක්වත් දැනෙන්නෙ නැද්ද..."""

"මම ගැන කියන්න කලින්, ඔබතුමා ගැන විස්තර ටිකක් කියලා ඉන්නකෝ..."

වෙන් සාහෝගෙ හැසිරීම ඉවසෙගන ඉන්න බැරි වුනත් යීබෝ තරහා පාලනය කරගෙන සාහෝ දිහා බලාගෙන කතා කරන්න උනා.

" මීට අවුරුදු පහ හයකට උඩදී, නොහිතපු විදිහට ඔබතුමාගේ හොර ජාවාරම් සේරම නීතියට අහු උනාලු නේද... ඇෆ්ගනිස්තානෙන් ආපු කණ්ඩායමක් ඔබතුමා හොරෙන් හොටෙල් එකකදි මුණගැහෙන වීඩියෝ එක පොලීසිය අතට ගියේ නැත්තම් ඔබතුමා වැඩිම මුදලක් හම්බකරපු අවි ජාවාරම තාමත් අගේට කරගෙන යන්න තිබුනනේ..."

යීබෝ අවඥාසහගත හඩින් කියද්දී සාහෝ පුදුමයෙන් යීබෝ දිහා බැලුවේ සාහෝ ඇමතිතුමා ඇෆ්ගනිස්තාන අවි ජාවාරම්කරුවන්ව මුනගැහෙන වීඩියෝ එක ගැන කිසිම තොරතුරක් පොලීසියෙන් මාද්‍යට හෙළි කරේ නැති නිසා. සාහෝ ඇමතිතුමාගෙ වෙනස් උනු මූණේ ඉරියව් දැකපු යීබෝ කට කොනකින් හිනා වෙලා ආයිත් කතා කරන්න පටන් ගත්තා.

? The chase ?( ? )Where stories live. Discover now