"ඔබතුමාගෙ ලැප් එක හැක් කරලා බව දැනගනිද්දිත් ටිකක් පරක්කු උනා නේ...?? ඒකෙනුත් ඔබතුමාට ගොඩාක් වටින තොරතුරු කීපයක්ම අපරාධ අංශයට ලැබිලා තිබුනා..."
යීබෝ සාහෝගේ මූණ දිහාම බලාගෙන කියද්දී සාහෝ පුදුමයෙන් යීබෝ දිහා බලන් හිටියා.
"එතකොට තමුන්... තමුන්ද එහෙනම්..."
"ඒ මම තමයි... වෙන් සාහෝ... ඔබතුමා නැති කරේ මගෙ මමාගෙයි පපාගෙයි ජීවිත... සතුටු වෙන්න මේ ලැබුනු දඩුවම ගැන... හරිනම් ඔබතුමා මේකට ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනේ..."
යීබෝ සාහෝ ඇමතිට කතා කරද්දී ගෞරවනීය වචන පාවිච්චි කලත් කතා බහ අහගෙන ඉන්න ඕනම කෙනෙකුට යීබෝගේ වචන ඇතුලේ තිබුනු වෛරය උපහාසාත්මක බව පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් උනා. ටික වෙලාවක් නිහඩව යීබෝගේ රතුවුනු ඇස් දිහා බලාගෙන ඉදපු සාහෝ හිනාවෙලා ඔළුව දෙපැත්තට වැනුවා.
"යීබෝ... මම කියන්නෙ නෑ මම නිවැරදියි කියලා... හැබැයි, ඔයා හිතාගෙන ඉන්න තරම් වැරදි මම කරලා නෑ..."
"ඔබතුමා කියන්න හදන්නේ ඔබතුමා මගෙ මමාවයි පපාවයි මැරුවේ නෑ කියලද... කිසිම දෙයක් නොදන්න අහිංසක කෙල්ලෙකුට මැරයෝ දම්මලා තර්ජනය කලේ නෑ කියලද..."
යීබෝ කෙන්තියෙන් සාහෝ දිහා බලාගෙන කියද්දී සාහෝ කුතුහලයෙන් යීබෝ දිහා බැලුවා.
"ඔයා කියන්නේ මොන කෙල්ලෙක් ගැනද...??"
"මම කියන්නේ සෝහි ගැන... මගෙ හිටපු girlfriend ගැන..."
සාහෝගේ මූණ බලන වාරයක් වාරයක් ගානේ
වැඩි වෙන කේන්තිය අමාරුවෙන් පාලනය කරගත් යීබෝ කිව්වා."ඔයා මේ දේවල් කොහෙන් කොහොම දැනගත්තද කියන්න මම දන්නෙ නෑ යීබෝ... මම මගේ පැත්තෙන් කතාව කියන්නම්..."
වෙන් සාහෝ උගුරේ රැල් බුරුල් කරලා සෝෆාවෙ නිවැරදිව වාඩි වෙලා කතාව කියන්න සූදානම් උනා.
"මම කාටවත් මැරයෝ දාලා තර්ජනය කරලා නෑ යීබෝ... ඔයා මගේ දුවව එක පාරින්ම ප්රතික්ශේප කරපු නිසා මට ඒ වෙලාවෙ තරහක් ඇති වුනා... ඉතින් මම මගේ මිනිස්සුන්ට කිව්ව ඔයාගේ girlfriendව හොයාගෙන එයාට සල්ලි දීලා ඔය දෙන්න අතර තියන සම්බන්දේ නවත්තන්න කියන්න කියලා... කොහොමත් මගෙ දුව ගැන හිතේ ආදරයක් නැති එකෙකුට මම මගෙ දුවව දෙන්නෙ නෑ... ඒ නිසා මම එතනින් එහාට ඒ ගැන හොයන්න ගියෙ නෑ..."

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."
? Chapter 20 ?
Start from the beginning