"""ඒ කියන්නේ සාහෝ සල්ලි දුන්නට සෝහි ඒ සල්ලි කීයක්වත් අරගෙන නෑ... සල්ලිගත්තානම් සෝහි අමාරුවෙන් ණය ගෙවන්න මහන්සිවෙන්න ඕනෙ නෑනේ... සල්ලි දුන්නත් වැඩේ කරගන්න බැරි උනු නිසා උන් සෝහිට තර්ජනය කරන්න ඇති..."""
සාහෝගේ කතාවට සවන් දෙමින් යීබෝ සිදුවීම් එකිනෙක ගලපගත්තා.
"එතකොට මගෙ මමායි පපායි..."
සාහෝ මමාගෙයි පපාගෙයි ගැන කතා කරන්නේ නැතුව උවමනාවෙන්ම මගහැරපු බව තේරුනු නිසා යීබෝ විමසිලිමත් ඇස් වලින් සාහෝ දිහා බලලා ඇහුවා.
"කීරෙන් කියන්නේ මම කාලයක් තිස්සේ අඳුරන මනුස්සයෙක්... මට කරපු අපහාසෙ නිසා මම ජැකීට කිව්වේ මාස දෙක තුනක් ඇඳේ ඉන්න විදිහට වැඩේ කරන්න කියලා... ඒත් මමත් නොහිතපු විදිහට දෙන්නම නැති උනා කියලා ආරංචි උනේ පස්සේ..."
සාහෝ දකිද්දී හිතට ඇතිවුනු තරහා මේ වෙනකම් ඉවසගෙන හිටියත් මේ වෙලාවෙදි නම් යීබෝට තවත් තමන්ව පාලනය කරගන්න පුලුවන්කමක් තිබුනේ නෑ. ඉදගෙන ඉදපු පුටුවෙන් සැනින් නැඟිට්ට යීබෝ අතත් මිටමොලවගෙන සාහෝ ලඟට ආවත්, ඊළඟ තප්පරේදී තමන්ව පාලනය කරගත් යීබෝ හිතේ තිබුනු සම්පූර්ණ කේන්තිය එකතු කරලා ලඟම තිබුනු ටීපෝවට වැරෙන් පහරක් එල්ල කලා.
යීබෝගේ පහර නිසා ටීපෝවේ වීඳුරු මතුපිට කෑලි කෑලි වලට කුඩු වෙලා යද්දී සාහෝ ඉක්මනින් ඉදගෙන ඉදපු තැනින් නැඟිට්ටා. වීඳුරු කෑලි වලට තුවාල උනු යීබෝගේ අතින් බලාගෙන ඉද්දිම ලේ ගලන්න උනත් ඒ ගැන තැකීමක් නොකල යීබෝ සාහෝගේ කමිස කොලරයෙන් හිර වෙන්න අල්ලගත්තා. නිවස ඇතුලෙන් ඇහුනු හඩ නිසා ගේට්ටුව ලග ඉදපු මුරකරු යීබෝත් සාහෝත් ලඟට දුවගෙන ආවත් සාහෝ අතින් සංඥා කරලා මුරකරුව නැවැත්තුවා."මගෙ පපාටත් වඩා වයසක මනුස්සයා හින්දා මම උබට ගහන්නේ නැතුව ඉවසන්නේ... නිකරුනේ නැති වුනේ මිනිස් ජීවිත දෙකක් යකෝ... උබ කොහොමද ඔය තරම් සැහැල්ලුවෙන් ඒ ගැන කතා කරන්නේ... උබට පොඩිම හරි පසුතැවීමක් නැද්ද..."
දරාගන්න බැරි කේන්තියත් පපා මමා ගැන මතක් වෙද්දි ඇතිවුනු දුකත් නිසා රතු වුනු ඇස් වල කඳුළු බිදු පිරෙද්දී සාහෝව මූණ ලඟටම ඇදලා ගත්තු යීබෝ සාහෝගේ කොලරයෙන් අල්ලලා හොලවන ගමන් කෑගැහුවා.

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."
? Chapter 20 ?
Start from the beginning