ශාන් බෙහෙත් බඩු පෙට්ටියත් අරගෙන සෝෆාවෙන් නැඟිටින්න හදද්දී යීබෝ ශාන්ගේ අතින් අල්ලගෙන ශාන්ව නවත්තගත්තා. 'හිතේ තියන දේ කියන්න' වගේ බැල්මකින් යීබෝ දිහා බලාගෙන ශාන් ආයිත් සෝෆාවෙන් ඉදගත්තා.
"සාහෝ කියනවා... එයා මගෙ මමාවයි පපාවයි ම..රන්න හිතුවේ නෑ...ලු..."
අංතිම වචන කීපය කියද්දී යීබෝගේ හඩ බිදුනා. ඇස් වලින් කඳුළු බිදු මතුවෙද්දී යීබෝ ඉක්මනින් බිම බලාගත්තා.
"මරන්න හිතුවේ නෑ කියන එකේ තේරුම මොකද්ද බෝ... ඒ ඇක්සිඩන්ට් එකටත් සාහෝගේ සම්බන්දයක් නෑ කිව්වද..."
යීබෝ කියපු දේ ශාන්ට පැහැදිලිව තේරුම් ගන්න බැරි උන නිසා ශාන් කුතුහලයෙන් අහද්දී යීබෝ නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා.
"ඇක්සිඩන්ට් එක ක..රලා තියෙන්නේ සාහෝ තම..යි... මාස දෙක තුනක් ඇඳකට වෙලා.. ඉන්න වැඩේ කරවන්..නලු ඕන උනේ... ඒ...ත් නොහිතපු විදිහට මමා..යි ප..පායි මැ..රු..නලු..."
"ඒ *#*@# එහෙම කිව්වද... ඌ මහ තිරිසනෙක්නේ... ඇක්සිඩන්ට් එක කරවලා මරන්න හිතාගෙන කරේ නෑ කියන්නේ... කරපු දේ ගැන ලැජ්ජාවක් පසුතැවීමක් නැද්ද... උබට කේන්ති ගිය එක සාධාරණයි... මට අහු උනා නම් මම ඕකව එතනම මරනවා..."
යීබෝ කියපු දේ නිසා සාහෝ ගැන ඇතිවුනු කේන්තියට ශාන් එක දිගට කියවගෙන ගියත් යීබෝගෙන් කිසිම හඩක් නැති නිසා ශාන් යීබෝ දිහා බැලුවා. හීබෝ හිටියේ බිම බලාගෙන.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඇඩුවේ නැති උනත් යීබෝ අමාරුවෙන් වේදනාව දරාගෙන ඉන්න බව ශාන්ට තේරුනා. ශාන්ගේ අත හිර වෙන්න අල්ලගෙන ඉන්න යීබෝගේ අත උඩින් ශාන් එයාගේ අනිත් අත තිබ්බා.

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."
? Chapter 21 ?
Start from the beginning