⚡ The chase ⚡( ✅ )

By Chanudasanayaka2306

40.8K 4.6K 902

⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනි... More

⚡ Intro ⚡
⚡ Chapter 01 ⚡
⚡ Chapter 02 ⚡
⚡ Chapter 03 ⚡
⚡ Chapter 04 ⚡
⚡ Chapter 05 ⚡
⚡ Chapter 06 ⚡
⚡ Chapter 07 ⚡
⚡ Chapter 08 ⚡
⚡ Chapter 09 ⚡
⚡ Chapter 10 ⚡
🔸 special note
⚡ Chapter 11 ⚡
⚡ Chapter 12 ⚡
⚡ chapter 13⚡
⚡ Chapter 14 ⚡
⚡ Chapter 15 ⚡
⚡ Chapter 16 ⚡
⚡ Chapter 17 ⚡
⚡ Chapter 19 ⚡
⚡ Chapter 20 ⚡
⚡ Chapter 21 ⚡
⚡ Chapter 22 ⚡
⚡ Chapter 23 ⚡
⚡ Chapter 24 ⚡
⚡ Chapter 25 ⚡
⚡ Chapter 26 ⚡
⚡ Chapter 27 ⚡
⚡ Chapter 28 (End)⚡
New story... 🌸

⚡ Chapter 18 ⚡

1K 133 35
By Chanudasanayaka2306

⚡- The Chase - ⚡


Chapter 18

"එහෙනම් ඕක දෙන්නකෝ... මම පිහදාගන්නම්..."

ශාන් තුවාය ගන්න අත දික් කලත් යීබෝ ශාන්ට ගන්න බැරි වෙන්න තුවාය රැදි අත පිටිපස්සට කලා.

"තුවාලේ නිසා තනියම බෑනේ බනී... මම පිහදාන්නම්... ඕක ගලවන්නකෝ..."

"ඈහ්..."

යීබෝ ඇස් වලින් ශාන්ගේ සිරුර පෙන්වමින් කියද්දී ශාන් ඇස් දෙකත් ලොකු කරගෙන යීබෝ දිහා බලලා ඇහුවා. ශාන්ගේ මූණ දැකපු යීබෝට හිනා යන්න ආවත් යීබෝ හිනාව තද කරගෙන කතා කලා.

"ඔය කමිසේ ගලවන්න කියලා කිව්වේ..."

"ආහ්... හරි හරි..."

*

ශාන් යීබෝ දිහාත් බලමින් උඩු කමිසයේ බොත්තම් ටික ගලවද්දී යීබෝ ශාන්ට කමිසය ඇඟෙන් ඉවත් කරන්න උදව් උනා.
ශාන්ගේ කමිසය ඇඳේ කෙලවරකින් තිබ්බ යීබෝ තුවායෙන් ශාන්ගේ පිට ප්‍රදේශය පිහදාන්න පටන් ගත්තා.
ශාන් බීමත් වුනු රාත්‍රියේදීත් ශාන් උඩ ඇඳුම නැතුව ඉන්න හැටි යීබෝ දැක්කත්, ශාන්ගේ අඩ නිරුවත් සිරුර මේ විදිහට ලඟින් දකිද්දී යීබෝගේ හදගැස්ම වැඩි වෙන බව යීබෝට තේරුනා. වේලුනු උගුර කට තෙත් කරගන්න කෙල ගිල්ල යීබෝ ඉක්මනින් වතුර භාජනය දිහාට හැරිලා ආයිත් තුවාය උණු වතුර භාජනයේ පෙගෙව්වා.
ශාන්ගේ ගෙලත් පිටත් තුවායෙන් හොදින් පිහදැම්මට පස්සේ යීබෝ ශාන්ගේ පපු ප්‍රදේශය පිහදාන්න පටන් ගත්තා. වැඩි වෙන හදගැස්මේ හඩ ශාන්ටත් ඇහෙයිදෝ කියලා හිතට දැනුන බය නිසා යීබෝ ඇස් කොනින් ශාන් දිහා බැලුවත් යීබෝ දැක්කේ අමුතුම හැඟීමකින් යීබෝ දිහාම බලාගෙන ඉන්න ශාන්ව.

"මං වෙනුවෙන් උනත්, උබ මේ වගේ දේවල් කරනවට මම කැමති නෑ බෝ..."

ශාන් තමන් දිහාම බලන් ඉන්න බව දැකපු යීබෝ ඇස් වලින් ඇයි කියලා අහද්දී ශාන් වේදනාත්මක හඩින් උත්තර දුන්නා.

"උබ වෙනුවෙන් ඇරෙන්න වෙන කවුරුවත් වෙනුවෙන් මෙහෙම දේවල් කරන්නෙත් නෑ මම..."

ආයිමත් රාජකාරියට අවධානය දුන් යීබෝ මෘදුව ශාන්ගේ ඇඟ පිහදාන ගමන් කෙටි හිනාවකින් කිව්වා. යීබෝ කියපු දේ නිසා ශාන්ගේ හිතට අමුත්තක් දැනුනත් ඊළඟ තප්පරයේදී යීබෝම කියපු දෙයක් නිසා ඒ අමුත්ත ශාන් හිතින් අයින් කරගත්තා.

"""මේ ලෝකේ එයාගෙ කෙනෙකුට කියලා ඉන්නේ මම විතරයි කියලා බෝම දවසක් කිව්වනේ... වෙන කවුරුවත් වෙනුවෙන් මෙහෙම කරන්නෙ නෑ කිව්වේ ඒක වෙන්න ඇති..."""

කල්පනා කරමින් යීබෝ දිහා බලපු ශාන්, යීබෝ වේදනාවෙන් තුවාලය දිහා බලාගෙන ප්ලාස්ටරය වටේට පරිස්සමින් තුවායෙන් පිහදාන හැටි දැක්කා.

"දෙන්න බෝ... දැන් මම පිහදාගන්නම්..."

ශාන්ට පිහදාගන්න අමාරු තැන් පරිස්සමට තුවායෙන් පිරිසිදු කරලා ඉවර උනාට පස්සේ ශාන් යීබෝගෙන් තුවාය ඉල්ලුවා. තුවාලය පෑරෙන්නේ නැති වෙන්න ඉතුරු ටික පිහදාගන්න පුලුවන් බව දන්න නිසාත්, ඉනට පහල කොටස යීබෝට පිරිසිදු කරන්න බැරි නිසාත් යීබෝ තුවාය ශාන්ගේ අතට දුන්නා.

"ඇයි දැන් ඔය විදිහට මගෙ දිහා බලාගෙන ඉන්නෙ බනී..."

උඩු කය සම්පූර්ණයෙන් පිරිසිදු කරගත්තට පස්සේ යීබෝ ආයිමත් තුවාය උණු වතුරේ පොගවලා ශාන්ගේ අතට දුන්නත් ශාන් තුවායත් අතේ තියාගෙන යීබෝ දිහාම බලාගෙන ඉන්න නිසා යීබෝ ඇහුවා.

"ඔතනට වෙලා ඔහොම බලාගෙන ඉන්නකොට මට මෙව්වා පිහදාන්න බෑනේ අනේ... මම ලැජ්ජා බයට හැදුනු ළමෙක්..."

ශාන් තම යටි කය ප්‍රදේශය ඇස් වලින් පෙන්වමින් කටත් අමුතු කරගෙන කියද්දී ලැජ්ජා බයට හැදුනු ළමයා යීබෝ ඉස්සරහදිම ඇඳුම් ගලවන්න හදපු රාත්‍රිය ගැන මතක් වෙලා යීබෝ අමාරුවෙන් හිනාව තද කරගත්තා.

"මම මෙතනට වෙලා ඉන්නේ උබේ මුකුත් බලන්න ඕන නිසා නෙමෙයි ඔය තුවාය වතුර එකේ පොගවලා දෙන්න ඕන නිසා... විකාර නැතුව ඔන්න ඕක පිහදාගනින් බං... උබට තියන එව්වම තමයි මටත් තියෙන්නේ..."

යීබෝ හිනාව තද කරගෙන තරමක් හඩින් කියද්දී අමනාප මූනක් මවාගත්ත ශාන් යීබෝ ඉද්දීම කලිසමට අස්සෙන් අත දාලා ඇඟ පිරිසිදු කරගත්තා.

මුලු ඇඟම උණුසුම් තුවායෙන් පිහදාලා ඉවර උනාට පස්සේ අලුත්ම රෝහල් ඇඳුමක් ශාන්ගේ අතට දුන්නු යීබෝ, ශාන්ට ඇඳුම් මාරු කරගන්න ඉඩ දීලා වතුර භාජනයත් තුවායත් අරගෙන රෝහල් කාමරයෙන් පිටවුනා. මුල් දිනවලදී ඇඳුම් මාරු කරගන්නත් යීබෝ ශාන්ට උදව් කරන්න උත්සාහ කලත්, ශාන්ගේ දැඩි විරෝදය නිසා ශාන්ට නිදහසේ ඇඳුම් මාරු කරගන්න ඉඩදුන් යීබෝ ඒ වෙලාවට රෝහල් කාමරයෙන් පිටවෙලා ඉන්න පුරුදු වුනා.
.
.
.
.
.
"දණහිසේ අස්ථියක පොඩි පිපිරීමක් වෙලා තිබුනේ... තුවාලෙත් දැන් අඩුයිනේ... දැන් ඉතින් කකුලට වැඩිය බර දෙන්නෙ නැතුව හිමින් සැරේ ඇවිදින්න පුලුවන්... හැබැයි වැඩි දුර ඇවිදින්න එපා..."

යීබෝගේ පපා නැතිවුනු දවසේ යීබෝ ලඟින් ඉදපු වෛද්‍යවරයා, ඩොක්ටර් ෆෙයමින් ශාන්ගේ කකුල පරීක්ශා කරමින් කාරුණික හඩින් කිව්වා.
දවස් 16ක් රෝහල් කාමරයටම වෙලා ඉදපු ශාන්, අංතිමේදී රෝහලෙන් පිටවෙන්න සූදානම් උනා.

"කරපු හැමදේටම ස්තූතියි ඩොක්ටර්..."

ශාන් රෝහලේ ගතකල දිනවලදී ඩොක්ටර් ෆෙයමින් ශාන්ට වැඩි අවදානයක් දෙමින් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ශාන් ගැන නිතරම හොයලා බලපු නිසා යීබෝ ඩොක්ටර් ෆෙයමින්ට ස්තූති කලා.

"ඕක මොකද්ද පුතා... මේක ඉතින් අපේ රාජකාරියනේ... දවස් තුනකින් තුවාලෙට බෙහෙත් දාන්න එක්කන් ආවම ඇති..."

ඩොක්ටර් ෆෙයමින් දරුවකුගේ රාජකාරි ගැන මවකට පැහැදිලි කරනවා වගේ යීබෝ දිහා බලාගෙන කියද්දී යීබෝ 'හා' යැයි කියන්න ඔළුව ඉහල පහල වැනුවා.

"ශාන් පුතා මෙහෙදි පරිස්සම් උනා වගේම ගෙදරදිත් පරිස්සම් වෙන්න ඕනේ... යීබෝවත් හොදින් බලාගන්න..."

"හරි ඩොක්ටර්..."

ඩොක්ටර් ෆෙයමින් ශාන් දිහා බලාගෙන කාරුණික හඩින් කියද්දී ශාන් හිනාවෙලා උත්තර දුන්නා.

"එහෙනම් මම දැන් යනවා... දෙන්නම පරිස්සමට ඉන්න..."

"හොදට ඉන්න එකාව බලාගන්න කියන්නේ ලෙඩාටනේ... ඒකත් හරි වැඩක් තමයි..."

ඩොක්ටර් ෆෙයමින් රෝහල් කාමරයෙන් පිටවුනු සැනින් ශාන් නෝක්කාඩු ස්වරයෙන් කියද්දී යීබෝ හිනාවෙලා නිහඩව ශාන්ගේ බඩු බාහිරාදිය බෑග් එකකට අහුරන්න පටන් ගත්තා.
.
.
.
.
.
"ඕනෙ නෑ බෝ... මම ඇවිදගෙන යන්නම්..."

ශාන්ගේ ගෙමිදුලේ කාර් එක නතර කරපු යීබෝ, ශාන්ව ඔසවාගන්න හැදුවත් ශාන් යීබෝව නැවැත්තුවා.
කකුලට හානි වෙලා සති දෙකක් ඇවිදගන්න බැරුව හිටියත්, ශාන් ඒ කාලය තුලදී රෝද පුටුවක්වත් පාවිච්චි කලේ නැත්තේ යීබෝ ඒ කාලය තුලදී ශාන්ට එක වතාවක්වත් ඒ දේවල් පාවිච්චි කරන්න ඉඩක් නොදුන් නිසා.
'උබ ලෙඩෙක් වගේ වීල්චෙයා එකක ඉන්නවා මට බලන්න බෑ බනී... උබේ බර දරාගන්න තරමට මගෙ අත පය හයිය තියනවා...'
ශාන් වීල් චෙයා එකක් පාවිච්චි කරන්නම් කියන හැමවතාවකදිම යීබෝ එහෙම කියමින් ශාන්ව දෑතට ඔසවාගෙන එහා මෙහා අරන් ගියත්, කකුල බිම තියලා ඇවිදින්න පුලුවන්කම තිබිද්දිත් ගෙමිදුලේ ඉදන් ගේ ඇතුලට යන්නත් යීබෝ ශාන්ව උස්සගන්නවට ශාන් කැමති උනේ නෑ.

"තාම තුවාලේ හොද නෑනේ බනී... ඒ නිසා මම අරන් යන්නම්..."

"ඩොක්ටර් කිව්වේ දැන් හිමින් සැරේ ඇවිද්දට කමන්නෑ කියලා... ඇත්තමයි... උබ ඔය විදිහට මාව උස්සගෙන එහෙ මෙහෙ ගියොත් තව ටික දවසක් යද්දී මගෙ කකුල් වලට ඇවිදින්න අමතක වෙලා තියෙයි..."

ශාන්ට කාර් එකෙන් බහින්න නොදී මග හරස් කරගෙන ඉන්න යීබෝ දිහා බලපු ශාන්, නෝක්කාඩු හඩින් කිව්වා.

"හ්ම්ම්... එහෙනම් එන්නකෝ..."

අංතිමේදී යීබෝ පරාජය බාරඅරගෙන ශාන්ට අල්ලගන්න අතක් දිගු කරද්දී, ශාන් ජයග්‍රාහී හිනාවක් මූණේ රදවාගෙන යීබෝගේ අතට බරදීලා කාර් එකෙන් බැස්සත්...

"බෝ... මොනවද බං කරන්නේ... මාව බිමින් තියපං..."

ශාන් කාර් එකෙන් බැස්ස සැනින් යීබෝ ශාන්ව දෑතට ඔසවාගත්තා. යීබෝ කරපු දේ නිසා පුදුම වුනු ශාන් යීබෝගේ කමිසයෙන් අදිමින් බිමින් තියන්න කියලා කෑ ගැහුවත් යීබෝට නම් ඒ දේවල් ගැන වගක්වත් තිබුනේ නෑ.

"දැන්ම ඇවිදලා ලෙඩ වැඩි කරගන්න ඕනෙ නෑ... තව දවස් දෙක තුනක් මෙහෙම ඉදල ඊට පස්සේ ඇවිදින්න පටන් ගමු..."

යීබෝ ස්ථිර හඩින් කියද්දී, තවත් ඒ ගැන වාද කරලා වැඩක් නැති බව තේරුනු නිසා ශාන් නිහඩව යීබෝට තමාව උස්සගෙන යන්න ඉඩ දුන්නා.

"හරිනේ ඉතින් අමාරුව... ඇත්තමයි බෝ... උබ හින්දා මගේ ආත්ම ගරුත්වය කෑලි කෑලි වලට කුඩු වෙනවා..."

මල් වැට ලඟට වෙලා අත් දෙකත් පපුවට බැදගෙන ශානුත් යීබොත් දිහා බලන් ඉන්න මෙයී ආන්ටිව දැකපු ශාන් මෙයී ආන්ටිගේ ඇස් මගහරිමින් යීබෝගේ පපුව දිහා බලාගෙනම කෙදිරිගාන්න පටන් ගත්තා.

"ආ... ශාන් පුතා හොස්පිටල් එකේ ඉදපු දවස් ටිකට මහත් වෙලා ඇවිල්ලනේ... සුදුත් වෙලා... යීබෝ පුතා හොදට බලාගෙන තියන පාටයි..."

මෙයී ආන්ටි හිනාවෙමින් ශාන් දිහා බලාගෙන කියද්දී ශාන් අහක බලාගෙන ඉන්න බැරි කමට මෙයී ආන්ටි දිහා බලලා අහිංසක විදිහට හිනා වුනා.

"මම කෑම ටික කිචන් එකෙන් තිබ්බා පුතා... ශාන්ටත් කන්න දීලා, ඔයත් කන්නකෝ... මම හවසට එන්නම් ලෙඩ්ඩු බලන්න..."

යීබෝ දිහා බලලා කිව්ව මෙයි ආන්ටි ශාන්ටත් හිනාවක් තිළිණ කරමින් දෙදෙනා දිහාම බලන් ඉද්දී, යීබෝ මෙයී ආන්ටිවත් පහු කරගෙන නිවස දිහාවට ඇවිදගෙන යන්න වුනා.

"පුදුමයි..."

මෙයී ආන්ටි ඉන්න තැනින් ඈත් වෙනකම් නිහඩව ඉදපු ශාන් රහසින් කිව්වා.

"මොකද්ද පුදුම බනී...??"

යීබෝ ඉස්සරහා බලාගෙනම අහද්දී ශාන්ට යීබෝගේ හඩ ඇහුනේ තම හිසට ඉහලින්.

"මෙයි ආන්ටි කට කැඩුනු කතා මුකුත් කිව්වේ නෑ..."

ශාන් කල්පනාවෙන් කියද්දී යීබෝ හිනාවුනු බව අඟවන කෙටි වේගවත් හුස්ම හඩක් ශාන්ට ඇහුනා.

"මෙයී ආන්ටි කියන්නේ හිත හොද මනුස්සයෙක් බනී... අදත් මම එපා කියද්දී අපි දෙන්නටත් එක්ක කන්න හදන්නම් කිව්වා..."

දෙදෙනාගේ කතා බහ දැන්ම ඉවර වෙන්නේ නැති නිසාත්, හදිසියේම ශාන්ව තම සිරුරින් ඈත් කරන්න හිතේ ඇතිවුනු ලෝබකම නිසාත් යීබෝ ගමනේ වේගය තව තවත් බාල කරා.

"මෙයී ආන්ටිගේ හිත හොදයී කියලා මාත් දන්නවා බෝ... කට තමයි ඉතින් පොඩි අවුලකට තියෙන්නේ... දැන් ඒ ගැන හිතලා බලද්දී මෙච්චර දවසක් මේ ලයින් එකේ අපි ගැන කතාවක් හැදුනේ නැති එකත් පුදුමයක් වගේ..."

"ඇයි බනී එහෙම කිව්වේ...??"

යීබෝ ශාන්ගෙන් අහද්දී, ශාන් යීබෝගේ කමිසයේ බොත්තමක් එක් අතකින් පිරිමදින්න උනා.

"න්...නෑ ඉතින්... මෙයී ආන්ටි එදා දැක්ක දේ නිසා... එයා අපි ගැන මොනවා හිතුවද දන්නෙ නෑනේ... එයා සාමාන්‍යෙන් ඔය වගේ අවස්ථා මිස් කරගන්නේ නෑ... පොඩි දෙයක් උනත් ඇති ලුනු ඇඹුල් දාලා මුළු ගමේම පතුරනවා..."

'එදා දැක්ක දේ' මොකද්ද කියලා තප්පර කීපයක් කල්පනා කරද්දී ශාන්වත් පෙරලගෙන සෝෆාවට වැටුනු හැටි යීබෝගේ මතකයට ආව නිසා යීබෝ මුකුත් නොකියා තරමක් හඩින් හිනා වුනා.

ඒත් එක්කම ශාන්ගේ දිලිසෙන ඇස් මතක් වුනු නිසා යීබෝගේ හදගැස්ම හිමින් හිමින් වැඩි වෙන්න පටන් ගනිද්දී කතාවෙන් කතාවෙන් ශාන්ගේ නිදන කාමරයට ආව යීබෝ ශාන්ව ඉක්මනින් ඇඳ උඩින් තිබ්බා. 

"මම වොශ් එකක් දාගෙන එන්නම් බනී... ඊට පස්සේ දෙන්නම කමු..."

රෝහලෙන් පිටවෙන්න කලින් ශාන් පිරිසිදු වී අලුත් ඇඳුමක් ඇදගෙන ඉදපු නිසා යීබෝ ශාන්ව ඇඳෙන් තියලා වොශ් එකක් දාගන්න ශාන්ගේ කාමරයෙන් පිටවුනා.
.
.
.
.
.
හවස් වරුවේදී මෙයී ආන්ටි ගෙදර හදපු කේක් එකකුත්, ශාන්ටත් යීබෝටත් රාත්‍රී කෑමත් අරගෙන 'ලෙඩ්ඩු' බලන්න ආව නිසා හවස් වරුවම මේයි ආන්ටිත් එක්ක සාලෙට වෙලා කතාබහ කරමින් ගෙවිලා ගියා. මෙයී ආන්ටි ගෙදරින් පිටත් උනාට පස්සේ ශාන්ටත් කවමින් රාත්‍රී අහාර ගත්ත යීබෝ අංතිමේදී ශාන්වත් උස්සගෙන ශාන්ගේ නිදන කාමරයට ආවා.

"බාත්රූම් යන්න ඕනෙද බනී..."

"ඔව්..."

නිදන කාමරයට ඇතුල් වෙද්දීම ශාන්ගෙන් අහපු යීබෝ ශාන් ඔව් කියපු නිසා කෙලින්ම ශාන්ව බාත්රූම් එක ඇතුලින් ගිහින් තිබ්බා.

"කතා කරානම් මම එනවනේ බනී..."

ශාන් යීබොට කතා කරන්නේ නැතුව තනියම නොන්ඩි ගහමින් බාත්රූම් එකෙන් එළියට එනවා දැකපු යීබෝ, ඉක්මනින් ගිහින් ශාන්ව ඔසවාගන්න හැදුවත් ශාන් යීබෝව නැවැත්තුවා.

"මේ අඩි දෙක තුන මෙහෙම යන්නම් බෝ... ඇවිදින්නෙ නැතුව ඉදලා මගේ කකුල් දෙකත් හිරිවැටිලා වගේ..."

ශාන් කියපු දේට එකග උනු යීබෝ, නිහඩව ශාන්ට ඇවිදින්න පහසු වෙන්න එක් අතක් ශාන්ගේ ඉන වටේට දාලා අනිත් අතින් ශාන්ගේ අතක් අල්ලගත්තා.

හිමින් සැරේ අඩිය තියමින් ඇඳ ලඟට ගිය ශාන් තුවාලේ පෑරෙන්නෙ නැති වෙන්න හිමින් සීරුවේ ඇඳට ගොඩ වුනා.

"මොකක් හරි ප්‍රශ්නයක්ද බෝ...??"

ශාන් ඇඳට ගොඩ වෙනකම් ශාන් දිහා බලන් ඉදපු යීබෝ කාමරයෙන් යන්නෙ නැතුව ඇඳේ කොනකින් ඉදගනිද්දී ශාන් යීබෝ දිහා බලලා ඇහුවා. ටික වෙලාවක් ශාන් දිහා නිහඩව බලාගෙන ඉදපු යීබෝ කතා කරන්න වුනා.

"මම මේ තරම් දවසක් නිහඩව හිටියේ උබ අසනීපෙන් ඉදපු නිසා බනී... තව දවස් කීපයකින් මම සාහෝව මුණගැහෙන්න යනවා..."

යීබෝ බැරෑරුම් හඩින් ශාන් දිහා බලාගෙන කියද්දී ශාන් ඇඳේ හරි බරි ගැහිලා කෙලින් වෙලා ඇඳ වියලට හේත්තු වුනා.

"සාහෝව මුණගැහෙන්න තනියම යන්න එපා බෝ... මට හොද වෙනකම් තව ටික දවසක් මේ හිටියා වගේම ඉන්න..."

"සාහෝව මුණගැහෙන්න ගිහින් දවස් හතරක් යද්දී උබේ කාර් එක ඇක්සිඩන්ට් වුනා... මේ අනතුර කලේ සාහෝ කියන්න අපිට අමුතුවෙන් සාක්ශි ඕනේ නෑනේ බනී... සාහො කැමති නෑ අපි මේ දේවල් ගැන හොයනවට, ඌව මුණගැහෙන්න එනවට... සමහරවිට මාව කිඩ්නැප් කරන්න හැදුවෙත් සාහොම වෙන්නත් පුලුවන්..."

යීබෝ වේගයෙන් කියාගෙන යද්දී ශාන් ඇඳ උඩ තිබුනු යීබෝගේ අත අල්ලගත්තා.

"ඒ නිසාම තමයි බන් තනියම යන්න එපා කියන්නේ... මමත් ලෙඩ වෙලා ඉද්දී උබටත් මොකක් හරි අනතුරක් උනොත්, ඒ නිසා තව ටික දවසක් නිහඩව ඉමු... මගෙ කකුල හොද උනාට පස්සේ දෙන්නම ගිහින් සාහෝට කතා කරමු..."

ශාන් සන්සුන්ව යීබෝට කරුණු පැහැදිලි කරද්දී නිහඩව ශාන් දිහා බලාගෙන ඉදපු යීබෝ, දිග හුස්මක් පිටකරලා ඇඳෙන් නැගිට්ටා.

"හරි එහෙනම්... උබ කියන හින්දා මම තව ටික දවසක් ඉන්නම්... good night බනී..."

"Good night බෝ..."

ශාන් කියන දේට එකඟ බව කියලා යීබෝ ශාන්ගේ කාමරයෙන් පිට වුනත් ආයිත් වතාවක් ශාන්වත් එක්කගෙන සාහෝව මුණගහෙන්න නොයන්නට යීබෝ තනියම හිතාගත්තා.
.
.
.
.
.
.
"මෙයී ආන්ටි දවල් කෑම එක ගෙනත් දෙයි... මේ තියෙන්නේ බෙහෙත් ටික... වතුර බෝතලේකුත් තියනවා... බාත්රූම් යන්න ඕන උනොත්, වැටෙන්නේ නැතුව පරිස්සමට යන්න බනී... ඒ ඇරෙන්න කාමරෙන් එළියට යන්න බැහැ තේරුනානේ... මම ඉස්සරහ දොර වහගෙන යන්නම්... හේතුවක් නැතුව එහෙ මෙහෙ ඇවිදින්න යන්න එපා..."

"හරි හරි බං... ඔය ටික දැන් කී පාරක් කිව්වද... මම පොඩි එකෙක් නෙමෙයි..."

ඊළඟ දවසේ උදෑසන ආයතනයට යන්න සූදානම් උනු යීබෝ, අත් ඔරලෝසුව බදිමින් කී වෙනි වතාවටදෝ ශාන්ගේ නිදන කාමරයට ඇවිල්ලා උපදෙස් මාලාවක් දෙන්න පටන් ගත්තා.

"මොනතරම් කිව්වත් උබ අහන්නෙ නෑනේ... ඒකයි ආයි ආයිත් මතක් කරන්නේ... හැබැයි... පොඩි එකෙක් නෙමෙයි කිය කිය හිටියට කමන්නෑ... මම එනකොට මොකක් හරි අනතුරක් කරගෙන තිබ්බොත් උබට ආයිත් ඇදෙන් බිමට අඩියක් තියන්න දෙන්නෙ නෑ..."

යීබෝ බැරෑරුම් මුහුණක් මවාගෙන කියද්දී ශාන් අසරණ විදිහට යීබෝ දිහා බැලුවා.

"මගේම ගෙදරදි පොඩි එකෙක් වගේ නිතී වලට යට වෙලා ඉන්නත් උනානේ දෙවියනේ... මේ දේවල් වලට මම නඩු දැම්මොත්, මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරා කියලා උබට හිරේ යන්න වෙන්නේ..."

ශාන් යීබෝ දිහා බලාගෙන නාහෙන් අඩද්දී පිටට පනින්න ආව හිනාව තද කරගත් යීබෝ ශාන් දිහා බලාගෙන කතා කලා

"නඩු දාන්න කලින් ඔය අන්ඩයි තුවාලෙයි හොද කරගෙන ඉන්නකෝ... මම යනවා බනී... හවස් වෙනකම් ඉන්නෙ නෑ මම දවල්ට එනවා හොදද..."

"පරිස්සමින් ගිහින් එන්න බෝ..."

යනවා කිව්වට පස්සෙත් යීබෝ ඇඳ ලඟ හිටගෙන ශාන් දිහාම බලාගෙන ඉන්නවා දැකපු ශාන් ඇස් වලින් ඇයි කියලා ඇහුවා.

"මම ගිහින් එන්නම් බනී... පරිස්සමින් ඉන්න..."

දිලිසෙන ඇස් වලින් විනාඩි කීපයක් නිහඩව ශාන් දිහාම බලාගෙන ඉදපු යීබෝ දැනෙන නොදැනෙන තරමට ශාන්ගේ හිසත් අතගාගෙන නිදන කාමරයෙන් පිට වුනා.

"""ඒ පාර එයාට මොනවා වෙලාද... ඔළුවත් අතගෑවා... ආයිශ්... දැන්නම්  ඇත්තටම පොඩි එකෙක් ගානටම වැටිලා වගේ..."""

යීබෝගේ බැල්ම තේරුම් ගන්න බැරුව ටික වෙලාවක් යීබෝ නොපෙනී ගිය දොර දිහාම බලාගෙන ඉදපු ශාන් යීබෝ තමන්ව පොඩි එකෙක් වගේ පරිස්සම් කරන හැටි මතක් වෙලා ලැජ්ජාවෙන් ඔලුවෙ ඉදන් පොරවන රෙද්ද පෙරවගෙන ඇස් දෙක පියාගත්තා.
.
.
.
.
.
යීබෝගේ තුන්දහසක් නීති මැද තවත් දවස් දෙකක්  ගෙවිලා ගියත් ශාන්ට නිදන කාමරයේ ඇරෙන්න ගේ අතුලෙවත් තනියම ඇවිදින්න යීබෝගෙන් අවසර ලැබුනේ නෑ.
සුපුරුදු විදිහට රාත්‍රී ආහාරයෙන් පස්සේ ශාන්ගේ බෙහෙත් ටිකත් වතුර බෝතලයකුත් ශාන්ගේ අතට දුන් යීබෝ ශාන් සෝෆාවේ ඉදගෙන ඉද්දි කිචන් එක පිරිසිදු කලා. ශාන්වත් උස්සගෙන නිදන කාමරයට ඇවිල්ලා ශාන්ව බාත්රූම් එක ඇතුලෙන් තියලා ශාන් එනකම් යීබෝ ශාන්ගේ ඇඳ රෙද්ද මාරු කරන්න පටන් ගත්තා.

"ඔහොම ඉන්න බනී... මම මේක කරන්නම්..."

බාත්රූම් එකෙන් එළියට ඇවිල්ලා හිමින් හිමින් ඇඳ ලඟට ලං උනු ශාන් යීබෝට උදව් කරන්න හැදුවත් යීබෝ ශාන්ව නැවැත්තුවා.
අනතුරෙන් දවස් 20ක් විතර ගෙවිලා තියන නිසා දැන් ශාන්ගේ තුවාලෙත් කකුලත් ගොඩාක් දුරට හොද වෙලා තිබුනත් යීබෝ තාමත් ශාන්ට හරියට ඇවිදින්නවත් ඉඩ දුන්නේ නෑ. ශාන් සැරින් සැරේට තනියම ඇවිදින්න පුලුවන් බවත්, තුවාලේ පෑරෙන්නෙ නැති බවත් කිව්වත් යීබෝ ඒ දේවල් කනකට ගන්නේ නැති නිසා අංතිමේදි ශානුත් නිහඩව ඉන්න තීරණය කළා.

යීබෝ අලුත් ඇතිරිල්ලක් දාලා ඇඳ සූදානම් කරනකම් ඇඳ ලඟට වෙලා බලාගෙන ඉදපු ශාන් යීබෝ දිහා බලාගෙනම ඇඳට ගොඩවුනා.

"මොකද බනී..."

ශාන් හිනාවෙමින් තමන් දිහා බලාගෙන ඉන්නවා දැකපු යීබෝ ඇහුවා.

"නෑ... මම මේ කල්පනා කරේ... උබ වගේ කොල්ලෙක්ගේ ආදරේ ටික කාලෙකට හරි ලබන්න සෝහි මොනතරම් වාසනාවන්තයිද කියලා..."

ශාන් හිනාවෙමින් කියද්දී ටික වේලාවක් ශාන් දිහා නිහඩව බලාගෙන ඉදපු යීබෝ දිග හුස්මක් පිටකලා.

"සෝහි ගැන මගෙ හිතේ තිබුනේ ආදරයක් නෙමෙයි කියලා මට දැන් හිතෙනවා බනී..."

වැරැද්දක් කල අයෙක් වගේ යීබෝ බිම බලාගෙන  කියද්දී යීබෝ කියන දේ තේරුම් ගන්න බැරිවුනු ශාන් කුතුහලයෙන් යීබෝ දිහා බැලුවා.

"ඇයි එහෙම කියන්නේ බෝ... උබලා දෙන්නා ඒ දවස් වල ඉදපු විදිහ දකිනකොට මටත් ඉරිසියා හිතිලා තියනවා..."

"මම ඊට කලින් කවදාවත් වෙන කෙනෙකුට ආදරේ කරලා තිබුනේ නෑ බනී... ඉතින් සෝහි යුන්හී මමා නිසා දුකින් ඉන්නවා දකිද්දී, අසරණ වෙලා... තනි වෙලා ඉන්න බව දකිද්දී... සෝහි ගැන මට දුක හිතුනා... එයාව සතුටින් තියන්න ඕනේ කියලා හිතුනා... දුකක් දැනෙන තැන් වලදි එයා වෙනුවෙන් එයත් එක්ක ඉන්න ඕනේ කියලා හිතුනා... එයාට උදව් කරන්න ඕනෙ කියලා හිතුනා... ඉතින් මං හිතුවේ ආදරේ කියන්නේ ඒ දැනුනු හැඟීම් වලට කියලා... ඒත්... දැන් ඒ ගැන හිතලා බලද්දී... මට හිතෙනවා සෝහි ගැන මගෙ හිතේ තිබිලා තියෙන්නේ අනුකම්පාවක් විතරයි කියලා..."

යීබෝ කියපු දේවල් වලට නිහඩව ඇහුම්කන් දීපු ශාන් ටික වෙලාවක් යීබෝ කියපු දේවල් ගැන කල්පනා කරා.

"සෝහි ගැන උබේ හිතේ තිබුනේ අනුකම්පාවක් විතරයි කියලා හිතමුකෝ... අවුරුදු හතකට පස්සේ ඒ ගැන උබට තේරුම් ගියේ... උබේ හිතේ දැන් කාගැන හරි ඇත්තටම ආදරයක් ඇතිවෙලාද...??"

ඒ වතාවෙදි නම් යීබෝ සැනින් ඔළුව උස්සලා ශාන්ගේ මූණ දිහා බැලුවා. තමන් දිහාටම එල්ල වෙලා තියන ශාන්ගේ තියුනු ඇස් ඉස්සරහා යීබෝගේ හදවත ගැස්සුනත් යීබෝ ශාන්ගේ ඇස් වලින් ඇස් ඉවතට ගත්තේ නෑ.

"කන්න වගේ මගෙ මූණ දිහා බලාගෙන ඉන්නෙ නැතුව කියපං ඉතින්... උබේ හිතේ කාගැන හරි ආදරයක් තියනවද...??"

යීබෝ ඇසිපිය නොහෙලා තමන් දිහාම බලගෙන ඉන්න නිසා ශාන් නොරිස්සුම් හඩින් ආයිමත් කලින් ප්‍රශ්නෙම ඇහුවා.

"හෙට උදෙන්ම ඔෆිස් එකට යන්න ඕනේ... මම නිදාගන්න යනවා බං... good night..."

තවත් විනාඩි කීපයක් ශාන්ගේ ඇස් දිහා නිහඩව බලාගෙන ඉදපු යීබෝ ශාන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් නොදීම කාමරෙන් පිටවුනා.
.
.
.
.
.
රාත්‍රියේදී ශාන් අහපු ප්‍රශ්නෙට යීබෝගෙන් උත්තරයක් නොලැබුනත් ඊළඟ දවසේ ශාන් ආයිමත් යීබෝගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ නෑ. ඉතින් පුරුදු විදිහටම ශාන්ට කන්න දීලා උදේ බෙහෙත් වේල බොන්න දුන්නු යීබෝ. ශාන්ට අවශ්‍ය කරන සේරම ඇඳ ලග ටේබල් එක උඩට ගෙනත් දීලා කම්මැලිකමට කකා ඉන්න චොකලට් එකකුත් ටේබල් එක උඩින් තියලා ආයතනයට යන්න ගෙදරින් පිටත් වුනා.

හේතුවක් නැතුව එහෙ මෙහෙ ඇවිදින්න එපා කියලා නීතියක් දාල තියන නිසා යීබෝව රවට්ටන්න බැරි කමට ශාන් ඇඳටම වෙලා හිටියත් දවල් 1ත් පහුවෙද්දී නම් ශාන් කම්මැලි කමේ පතුලටම ගිලිලා තිබුනා.
කම්මැලිකම මගෑරගන්න ඕන නිසාම මෙයි ආන්ටි ගෙනත් දීපු දවල් කෑම එකත් බඩගින්නක් නැතිවුනත් කටට දෙකට ගිලලා දාපු ශාන් බෙහෙත් ටිකත් බීලා බාත්රූම් එකටත් ගිහින් ආයිත් ඇඳට ගොඩවුනා.

""" ආ...හ්ම්... මේක මොන වගේ ජීවිතයක්ද අප්පා... තව එක දවසක් හරි මෙහෙම හිටියොත් කම්මැලිකම දරාගන්න බැරුවම මම මැරිලා යයි..."""

ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කරන්න පටන් ගත්තත් ඒකටත් කම්මැලි හිතුනු නිසා ශාන් ෆෝන් එකත් ඇඳ උඩට දාලා ඈනුමකුත් යවන ගමන් ටිකක් නිදාගන්න හිතාගෙන පොරවන රෙද්ද අස්සේ හරි බරි ගැහිලා සුවපහසුවට ඇලවුනා.

ටික වෙලාවක් නිදාගන්න හිතාගෙන ඇස් දෙක පියාගත්තත්, විනාඩි දහයක්වත් යන්න කලින් වාහනයක් ගෙමිදුලට හරවන හඩ ශාන්ට ඇහුනා.

"""බෝ අද එද්දී හතර විතර වෙනවා කිව්වනේ... වැඩ ටික ඉක්මනට ඉවර වෙලාද..."""

ෆෝන් එකෙන් වෙලාව බලද්දී 2.30 විදිහට සටහන් වෙලා තිබුනු නිසා ශාන් ඇඳේ නිදාගෙනම ගෙවත්තෙන් ඇහුන වාහනයේ දොර වහන හඩට ඇහුම්කන් දුන්නා.

'ටිං... ටිං.........'

ටික වෙලාවක් ගතවුනත් ගෙදර දොර අරින හඩ ඇහුනේ නැති නිසා ශාන් තවත් උවමනාවෙන් ඇහුම්කන් දෙද්දී නිවසේ සීනුව නාද වුනා.

"""ඇවිල්ලා තියෙන්නේ බෝ නෙමෙයි... මේ වෙලාවෙ කවුද එන්නේ..."""

හිතට දැනුනු කුතුහලයත් එක්කම ශාන් හිමින් සීරුවේ ඇදෙන් බැස්සා. නිදන කාමරයෙන් එළියට ආව ශාන් සැකෙන් ප්‍රදාන දොර දිහාවට ඇවිදගෙන යද්දී ආයිත් පාරක් නිවසේ සීනුව නාද උනා.

"ඉන්න..."

ශාන් හිමින් හිමින් අඩිය තියමින් දොර ලඟට ගිහින් දොර ඇරලා බැලුවත්...

"අහ්....."

දොර ලඟින්ම දැකපු මූණ නිසා ශාන්ගේ මුවින් බලාපොරොත්තු නොවුනු හඩක් පිටවුනා.

•_______________________________________•

කවුද ආවේ...???

ශාන් අසනීපෙන් ඉන්න කොටස් ටික හිතුවට වඩා දිගට ලියන්න වුනා... ඒක අවුලක් නෑනේ...
ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න...😊❤️💚❤️💚

Continue Reading

You'll Also Like

238K 17.3K 31
"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්...
8.4K 760 14
වෛරයෙ ගිනිදලු අතරින් ගොඩනැගෙන අසීමාන්තික ආදර අන්දරය.... (Phoenix - ෆීනික්ස්)
137K 11.2K 41
අදටත් එයාගෙ හදවත නුවර අහස යට ගිනි ගන්නවා...අදටත් මේ ඇස් නුවර වැව ලගදි ඉකි ගහනවා...තුරුලට අරන් උබ වැරදි නෑ කිවත් හෘද සාක්ශිය නඩු අහනකොට එයා ආයෙමවත් වැ...
5.4K 666 53
පැටලුන හදවත් දෙකකින් ඇත්තම ආදරේ වෙන් කර ගන්න එක ලේසිද... ගලක් වගේ පපුවක් ඇතුලේ ඇත්තම ආදරේ වෙනුවෙන් කකියන හැගීම තේරුන් ගන්න ඒ එක හදවතකට හරි පුලුවන් ව...