⚡ - The Chase - ⚡
"හරි... එහෙ...නම්... හැබැ...යි... මට.. මුලින්ම සල්ලි ටික ඕ...නෙ... මමාට හොද..ටම සනී..ප වෙනකම්... ම..ට මමා... ලඟ ඉන්න...ත් ඕනේ... ඊට ප...ස්සේ ම..ම එන්..නම්..."
සෝහිගේ බිදුනු හඩ ෆෝන් එකෙන් ඇහෙද්දී ජේ කේ ගේ මූණේ වියරු හිනාවක් මැවුනා.
"අනිවාරෙන් බබී... එයාට ඉන්නේ ඔයා විතරයිනේ... සල්ලි ටික හෙට ඔයාගෙ ගෙදරට ලැබෙයි... හැබැයි... ඔයා කිව්ව දේ ඒ විදිහටම වෙන්න ඕනේ... සල්ලි ටික ගත්තට පස්සේ මට බොරුවක් කරන්න හැදුවොත්... ඔයාගෙ මමාගෙ හුස්ම ටික යන්නෙ මගෙ අතින්... තේරුනානේ..."
Flashback end....
"ඒ කෙල්ල අසරණ උන වෙලාවෙදි ඒ වගේ බලු වැඩක් කරේ කොහොමද යකෝ..."
ජේ කේ අතීතයේදි සිද්දවුනු දේවල් කියද්දි යීබෝට සෝහි ගැන ලොකු දුකක් හිතට දැනුනා. යීබෝ රතු වුනු ඇස් වලින් කෑ ගහද්දී ජේ කේ උපහාසාත්මක විදිහට හිනා උනා.
"මම ඒකිට ඒ විදිහට හරි උදව් කරා... ඒකි වෙනුවෙන් උබ මොනවද කරලා තියෙන්නේ... එකපාරට සම්බන්දේ නවත්තමු කියද්දි නිකමටඒ ගැන හොයලා බැලුවද... ඒකි තැන් තැන් වල ණය වෙවී තමන්ගේ මහ එකීව හොද කරගන්න දගලද්දී උබ ඒ දේවල් ගැන හොයලා බැලුවද... උබ ඒකිගේ හොදම යාළුවවත් ඒකිට නැති කරා... අංතිමේදි ඒකි උබට හැමදේම කියන්න ආවත් උබ සතෙක් වගේ ඒකිව පාරට තල්ලු කරලා යන්න ගියා... එතකොට මම විතරද තිරිසනා... උබත් තිරිසනෙක් තමයි... මට ඇඟිල්ල දික් කරන්න කලින් උබෙන්ම අහල බලපං... උබ හින්දයි සාහෝ කාරයා ඒකිව මුණගැහෙන වැඩේ මට බාරදුන්නේ... උබ හින්දයි මම ඒ රෝස මලක් වගේ කෙල්ලව දැක්කේ... ඒකිව දැකපු හින්දයි මට ඒකිව ඕන උනේ... උබ හින්දයි ඒකිට මැරෙන්න උනෙත්... තිරිසනා මමද... නැත්තම් උබද..."
ජේ කේ එයාගේ දබරැඟිල්ලෙන් යීබෝගේ පපුවට අනිමින් වචනෙන් වචනේ කියද්දී ජේ කේ කියපු හැමදේම ඇත්ත නොවුනත් යීබෝට වරදකාරී හැගීමක් දැනුනා. සෝහි මැරුනේ යීබෝ නිසා බව කියද්දී ඒ වචන තියුනු ඊතල වගේ යීබෝගේ හදවතේ රැදුනා. කැනඩාවේ ගතකරපු කාලේ වගේ දුක අමතකවෙනකම් බොන්න හිතුනත්, කෑ ගහලා අඩන්න ඕන උනත් යීබෝ අමාරුවෙන් පිටට පනින්න එන ඉකිය නවත්තගත්තා. දුක මොනතරම් හිරකරගන්න හැදුවත් යීබෝටත් අකීකරු උන කඳුළු බිංදුවක් ඇස් වලින් පහලට ගලාගෙන යද්දී ජේ කේ යීබෝ දිහා බලලා කට කොනකින් හිනා වුනා.
"ඒකිව මගෙ ලඟින් තියාගත්තට මම ඒකිට වරදක් කලේ නෑනේ... මම ඒකිට කන්න බොන්න දුන්නා... ඉන්න තැනක් දුන්නා... සමහර වෙලාවට ඒකිට මාත් එක්ක අමාරු වෙන්න ඇති... ඒත් මං ඒකිව මැරුවේ නෑනේ..."
"""එක පාර මැරුවා නම් මට ආයි ආයි ඒකිගෙන් මගෙ කම්මුලට ගහපු වාඩුව ගන්න බැරි වෙනවනේ..."""
කතාව ටිකකට නතර කරපු ජේ කේ එහෙම හිතන ගමන්ම ඇස් කොනින් යීබෝ දිහා බලද්දී යීබෝගේ අත් වෙව්ලමින් මිටමෙලවෙන හැටි දැක්කා.
"තමන්ගේ පාඩුවේ දෙන දෙයක් කාලා මට ඕන විදිහට හිටියා නම් ඒ බැ** අදටත් පන පිටින් ඉන්නවා... ඒකිටත් වැඩකට නැති කුණු අවුස්සන්නෙ නැතුව ඉන්න බැරි උනානේ... උබේ මහ එවුන්ව මැරුවේ මම කියලා දැනගත්තට පස්සේ ඒකිට අමුතු කැසිල්ලක් හැදුනා... මගෙ වැඩ ගැන හොයන්නෙ නැතුව ඉන්න බැරිවුනා..."
ජේ කේ කියපු දේ නිසා යීබෝ සැනින් ඔලුව උස්සලා ජේ කේ දිහා බැලුවා.
"මම ඒකිට එක පාරක් කිව්වා වැඩකට නැති රෙ**වල් අවුස්සන්නෙ නැතුව පාඩුවේ ඉදපන් කියලා... ඒත් ඒකි ඇහුවේ නෑ... තමන්ට බල්ලෙකුට වගේ සලකපු... ලේසියෙන්ම ඒකිව අතෑරලා දාපු ආදරවන්තයගේ මහ උන් වෙනුවෙන් යුක්තිය ඉශ්ඨ කරන්න ගියා... අංතිමට ඒකිට මොකද උනේ... මගෙ කකුල් පාමුල ජීවිතේ ඉල්ලලා වැද වැටෙන්න... දන්නවද යීබෝ... මේ ජේ කේ ලඟ වැරදි කරපු උන්ට සමාවක් නෑ... වැඩකට නැති උන් වෙනුවෙන් සාධාරණේ ඉශ්ඨ කරන්න ගිහිල්ලා අංතිමට ඒකිට ගං පතුලේ නිදියන්න උනා..."
ජේ කේ ගේ මුවින් පිටවුන අංතිම වචන ටික ඇහෙද්දි වටපිටාවේ තිබුනු හැමදේම තමන් වටේට කැරකෙනවා වගේ හැගීමක් යීබොට දැනුනා.
"""ඒ කියන්නේ... සෝහිව ජේ කේ මරලා තියෙන්නේ, මගෙ මමාගෙයි පපාගෙයි මරණෙට ජේ කේ වැරදි කාරයා කියලා සෝහි ඔප්පු කරන්න හදපු හින්දද... ජීවිතේට අනතුරක් වෙන බව දැන දැන එහෙම කලේ ඇයි සෝහි... අපේ සම්බන්දේ ඔයා නැවැත්තුවා... ඒ වෙලාවෙදිම මම ඔයාව මගෙ හිතින් අයින් කරලම දැම්මා... බැඳීමක් නැති එකෙක් වෙනුවෙන් ජීවිතේ අනතුරේ දාගත්තේ ඇයි සෝහි... එහෙම කලේ ඇයි...??"""
අවුරුදු හතක් තිස්සේ මමාගෙයි පපාගෙයි මරණෙට තමන් වගකියන්න ඕනෙ කියලා හිතමින් හිතෙන් විදවපු යීබෝ සෝහීගේ කතාව ඇහුවට පස්සේ තව තවත් හිතින් කඩා වැටුනා.
"උම්...බ මහ තිරි..ස..නෙක්..."
යීබෝ වෙව්ලන හඩින් කියද්දී ජේ කේ හිනා වෙලා ඉදගෙන ඉදපු පුටුවෙන් නැඟිට්ටා.
"ඒ දේවල් වෙලා ඉවරයිනේ යීබෝ... ගිය උන්ව අමතක කරලා දාපං... දැන් උබ වදවෙන්න ඕනෙ උබ ගැන... මේ තරම් කාලයක් මම පැත්තකට වෙලා බලන් ඉදියේ මගෙ නම කොහෙටවත් ගෑවුනේ නැති හින්දා.. ඒත් ඉතින් සාහෝ කාරයාව මුණගැහිලා මං ගැන විස්තර අහගත්ත දවසෙ ඉදන් උබලගෙ සහන කාලෙ ඉවර උනා... උබලා මං ගැන දැනගන්න කලින් උබලට අනතුරු ඇගෙව්වේ පොඩි පොඩි කුක්කෝ මරලා පව් පුරවගන්න ඕනෙ නැති හින්දා... ඒත් උබලා වැඩේ නැවැත්තුවෙ නෑනේ... තැන් තැන් වල ගිහින් මං ගැන තොරතුරු හොයන වැඩේට මං කැමති නෑ බං... ඒකෙන් මගෙ වැඩ වලට බාදාවක් වෙනවා...
උබල දෙන්නටම මම අනතුරු ඇගෙව්වා... ආයිත් උබට අවස්ථාවක් හම්බවෙන්නෙ නැහැ..."
යීබෝගේ ඉස්සරහ එහා මෙහා ඇවිදිමින් කියපු ජේ කේ යීබෝ දිහා බලාගෙනම ඉනේ හංගගෙන ඉදපු පිස්තෝලයක් අතට ගත්තා.
"හ්ම්හ්... මාව මැරුවත්... උබට බේරෙන්න වෙන්නෙ නෑ... උබ කරපු වැරදි වලට උබට දඩුවම් ලැබෙනවා... උබ කුක්කෝ කියලා හිතාගෙන ඉන්න අයගේ අතින්ම උබට කවදහරි අවසන් ගමන් යන්න වෙනවා..."
ජේ කේ පිස්තෝලය අතට ගනිද්දී යීබෝගේ හිත එක මොහොතකට ගැස්සුනත් යීබෝ බයක් නොපෙන්වා ජේ කේට කතා කලා. ඒ වෙලාවෙදි යීබෝට මතක් උනේ ශාන්ව. යීබෝට තවත් දෙයක් ගැන හිතන්න වෙලාවක් තිබුනෙ නෑ. යීබෝ කියපු දේ නිසා වේගයෙන් යීබෝ ලගට ආව ජේ කේ පුටුවත් එක්කම විසි වෙලා යන්න යීබෝට පයින් පාරක් ගැහුවා.
"ආහ්...."
ජේ කේ ගේ පහරට පිංසිද්ද වෙන්න යීබෝව පුටුවත් එක්කම ඇදගෙන වැටෙද්දී යීබෝගේ දකුණු උරහිස තදින් බිම වැදුනත් යීබෝට ඒ වේදනාව ඒ තරම් දැනුනේ නෑ. යීබෝ ඉක්මනින් බැලුවේ පුටු ඇන්දටත් පොළවටත් මැදි වෙලා දකුණු අතේ තියන වොච් එක දිහා.
"""ආයිශ්... බිම වැදුනු පාරට මේක කැඩිලනේ... බනීට මම ඉන්න තැන හොයාගන්න බැරි වෙයිද..."""
සිමෙන්ති පොළවේ වැදුනු පාරට කෑලි කැඩිලා තියන වොච් එක දැක්කම යීබෝගේ හිතේ ජීවිතේ බේරගන්න තිබුනු අංශු මාත්‍රයක බලාපොරොත්තුවත් නැති වෙලාම ගියා.
"හ්ම්..."
වොච් එක දිහා බලාගෙන ඉදපු යීබෝගේ බඩට තවත් පාරක් වදිද්දී කලින් වතාවේ නොහිතපු වෙලාවක ලැබුනු පහර නිසා යීබෝගේ කටින් කෙදිරියක් පිටවුනත් යීබෝ මේ වතාවෙදී නිහඩව පා පහර දරාගෙන හිටියා.
"මැරෙන්න වැටිලා හිටියත් උබේ කටේ සද්දේ අඩු වෙලා නෑ නේද... මම මැරෙන විදිහ ගැන මම බලාගන්නම් යකෝ... උබ ඒ ගැන හිතන්න ඕනෙ නෑ... උබේ මහලොකු යාළුවා... අදින් පස්සෙත් ඌ මේ වැඩේ අතෑරියේ නැත්තම් ඌවත් මම උබ යවපු දිහාටම එවන්නම්කෝ... එතකොට උබට පාළුවක් දැනෙන එකක් නෑ..."
කෝපයෙන් රතු වුනු ඇස් වලින් යීබෝට තවත් පාරක් ගහපු ජේ කේ අඩියක් පස්සට තියලා බිම වැටිලා ඉන්න යීබෝගේ මූණටම පිස්තෝලය ඉලක්ක කලා.
"""මම මැරුනා කියලා මේ ලෝකේ මට නැති වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑනේ... මගෙ කියන හැමෝම ඉන්නෙ එහෙ... ඉතින් මම ඇයි මැරෙන්න බය වෙන්නේ... බනී... බනී මම මේ ලෝකේ නැති උනත් හොදින් ඉදියි..."""
"කියව කියව ඉන්නෙ නැතුව මරපං ඉතිං..."
යීබෝ මැරෙන්න බය උනේ නෑ. යීබෝගේ හිතේ තිබුනු එකම බය ජේ කේ ශාන්වත් මේ විදිහටම අල්ලගනියිද කියන එක විතරයි. ඒ උනත් ඒ වෙලාවෙදි ශාන් වෙනුවෙන් යීබෝට කරන්න පුලුවන් දෙයක් නැති හින්දා යීබො හිත දැඩි කරගත්තා. තම කකුල් පාමුල බිව වැටිලා උනත් තියුනු ඇස් වලින් තමන් දිහාම බලාගෙන ඉන්න යීබෝ දිහා ජේ කේ තප්පර කීපයක් නිහඩව බලාගෙන හිටියා.
"එහෙනම්... උඩ ලෝකෙට යන්න ලෑස්ති වෙයං..."
.
.
.
.
.
.
"සර් ප්‍රශ්නයක්... සිග්නල් එක නැතුව ගියානේ..."
වෙලාව රාත්‍රී අටටත් ලං වෙලා තිබුනත් ගස් අතරින් පෙරීගෙන එන හද එළිය නිසා පරිසරය පුරාම පැතිරිලා තිබුනේ මද අඳුරක්.
ශාන්ගේ ෆෝන් එකෙන් පෙන්නන පාර දිගේ ජීප් රථව පදවගෙන ගියපු පොලිස් නිලධාරියා ජීප් එක නතර කරලා බින් දිහා බැලුවා.
"එහෙම වෙන්නේ කොහොමද... මේ වෙනකම් හොදට තිබුනනේ..."
බින්ටත් කලින් කතා කලේ ශාන්. ශාන් ඉක්මනින් ජීප් එක ඉස්සරහා තිබුන එයාගේ ෆෝන් එක අරන් බැලුවා. පොලිස් නිලධාරියා කිව්ව විදිහටම මේ වෙනකම් යීබෝගේ වොච් එකෙන් ලැබුනු සංඥාව ෆෝන් තිරයේ පෙනුනේ නැහැ.
"බිනා දැන් අපි මොකද කරන්නේ... බෝට කරදරයක් උනාද දන්නෙ නෑ බන්..."
ශාන් වේදනාත්මක හඩින් කියද්දී බින් වාහනය පදවපු පොලිස් නිලධාරියා දිහා බැලුවා.
"ෆෝන් එකෙන් පෙන්නපු තැන ගැන මතකයක් නැද්ද කොල්ලෝ..."
"තව වැඩිදුරක් යන්න තිබුනෙ නෑ සර්... ඕනෙනම් තව මීටර 30ක් 40ක් ඇති..."
"හ්ම්ම්... එහෙනම් හිමින් සැරේ ඉස්සරහට යමංකෝ... මේ හරියේ වැඩිපුර තියෙන්නේ කැලෑව නිසා තැන හොයාගන්න අමාරුවෙන එකක් නෑ..."
බින් කල්පනාවෙන් කියද්දී ශාන් කලබලකාරි ඇස් වලින් බින් දිහා බැලුවා.
"ඒත් බිනා... බෝ ඉන්නෙ කැලේනම්... අපි කොහොමද බෝව හොයාගන්නේ..."
"මාත් ඒ ගැන හිතුවා ශානා... ඒත් මේ වෙලාවෙ කැලේ අස්සේ හොයනවට වඩා හොදයි මිනිස් වාසයක් හොයාගෙන මේ පැත්ත ගැන විස්තර ටිකක් දැනගන්න එක..."
බින් කවුළුවෙන් එළියට ඇස් යොමු කරගෙන වටපිට බලමින් කියද්දී ශානුත් නිහඩව වටපිටාව පිරික්සන්න උනා.
"සර්... ඉස්සරහ ගෙයක් තියනවා... පොඩි ගෙයක්... තොරතුරු මොනවාහරි දැනගන්න පුලුවන් වෙයි..."
තවත් විනාඩි කීපයකට පස්සේ ඉස්සරහා සීට් එකේ ඉදපු පොලිස් නිලධාරියෙක් කියද්දී බිනුත් ශානුත් ඒ දිහා බැලුවා. තවත් මීටර කීපයක් ඉස්සරහින් පාරෙන් ඈතට වෙන්න උළු සෙවිලි කරලා හදලා තියන පුංචි ගේ ශාන් දැක්කා.
"බිනා... අතන බලපං... අර ගහ ලඟ..."
විමසිලිමත් දෑසින් ගේ දිහාම බලාගෙන ඉදපු ශාන් නිවසට මීටර කීපයක් දුරින් තියන රූස්ස ගහක් පෙන්වමින් බින්ට කතා කරද්දී බින් ඒ දිහා බැලුවා. ගහට හේත්තුවෙලා සිගරට් එකක් බොමින් ඉදපු කලු ඇදගත් පුද්ගලයෙක්ව බින් දැක්කා.
"ගිය වතාවෙදි බෝව කිඩ්නැප් කරන්න ආවෙත් ඔය වගේම කළු ඇදගත්තු මිනිස්සු..."
ඒ රූපය දකිද්දි ඇතිවුනු කේන්තියට ශාන් අත් දෙක මිටමොලවාගත්තා.
පොලිස් ජීප් රථයේ ඉන්න හැමෝගේම සැකය තහවුරු කරමින් තවත් විනාඩි කීපයක් ගහ ලඟම රැදුනු පුද්ගලයා සිගරට් කොටය වීසි කරලා පුංචි ගේ දිහාට ඇවිදගෙන ගියා.
"ශානා... මෙතනදි කලබලවෙලා බෑ... අපි ඉන්නේ නිල ඇඳුමින්... මුලින්ම උබ තනියම ගිහිල්ලා බලපන්... ගේ ඉස්සරහට ගිහින් කතා කරහම කවුරුහරි එළියට එයිනේ... එවලෙට කටට එන මොකක් හරි බොරුවක් අහපං... හොදට බලපං සැක හිතෙන විදිහ හැසිරීමක් හරි දෙයක් හරි තියනවද කියලා... ප්‍රශ්නයක් උනොත් අපි එන්නම්..."
කලු ඇදගත් පුද්ගලයා ගෙදර පිටුපස පැත්තෙන් නොපෙනී යද්දී බින් ශාන් දිහා බලලා කිව්වා.
ඒ වෙලාවෙදි ශාන්ගේ යිතේ තිබුනේ යීබෝව ඉක්මනින් බේරගන්න එක ගැන විතරයි. බින් කරන්න ඕන දේ කියපුගමන්ම ශාන් දෙවරක් නොහිතා ජීප් රථයෙන් බැස්සා.
.
.
"සැක හිතන්න තරම් දෙයක් වටපිටාවෙ නම් නෑ බන්... මම කතා කරහම දොර ඇරියේ පොඩි කෙල්ලෙක්... හැබැයි පිරිමි කටහඩවල් දෙකතුනක්ම ගේ ඇතුලෙන් ඇහුනා..."
ආයිත් ජීප් රථයට ගොඩ වුනු ශාන් බින් දිහා බලලා කියද්දී බින් ශාන්ගේ පිටට තට්ටු කරන ගමන් හිනා වුනා.
"උබට රසවත්ම කොටස මගෑරුනා ශානා... උබ ඒ කෙල්ලත් එක්ක කතා කරන වෙලාවෙදි ගෙයි පිටිපස්සෙන් කලු ඇදගත්තු මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා වටපිටාව හැම තැනම හොදට බැලුවා... මන් හිතන්නේ උන් අපේ වාහනෙත් දකින්න ඇති... මෙතන මොකක්ම හරි හොරයක් තියනවා ශානා... මම ස්ටේශන් එකට කෝල් කරලා විස්තරේ කිව්වා... ටිකකින් තව පස් දෙනෙක් එයි... එතකන් අපි ගිහින් තව ටිකක් කතා බහ කරලා බලමු..."
තුවක්කුව ඉන පටියේ නිවැරදිව රදවාගත් බින්. තවත් තුවක්කුවත් අරගෙන ශාන්ට දුන්නා.
"කලබලයක් ඇති උනොත් උබ පරිස්සම් වෙලා ඉන්න ඕනේ... මේකත් මගේ පිස්ටල් එකක්... ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ... උබට වෙඩිල්ලක් තියාගන්න බැරි කමක් නෑනේ..."
බින් දිගු කරගෙන ඉන්න තුවක්කුව ගන්නෙ නැතුව ශාන් පුදුමයෙන් බින් දිහා බලද්දී බින් සැහැල්ලුවෙන් කිව්වා.
"උබට අමතක උනාද කොලේජ් එකේ ඉලක්කෙට වෙඩි තියලා හැමදාම පළවෙනියා වෙන්නෙ කවුද කියලා..."
ශාන් හිනාවෙමින් බින්ගේ අතේ තිබුනු තුවක්කුව අතට ගත්තා. පිටතට පේන්න සැහැල්ලුවෙන් හිටියත් ශාන්ගේ හිත මල්ලවපර පිටියක් වගේ උනා. බින් එක්ක මොනවා ගැන කතා කලත් ශාන්ට තප්පරයක් තප්පරයක් ගානේ මතක් වෙන්නේ යීබෝගේ මූණ.
"""තව ටික වෙලාවක් ඉන්න බෝ... මම ඉක්මනට ඔයාව හොයාගන්නවා... මම එනකම් පරිස්සම් වෙන්න... ඔයාට මොනවා හරි උනොත්, මම මට සමාවක් දෙන්නෙ නෑ..."""
"හොදට මතක තියාගන්න... කවුරුත් එතන කලබලයක් ඇති කරන්නෙ නෑ... අපි යන්නෙ කතා කරන්න විතරයි... එයාලගෙන් අපිට ප්‍රශ්නයක් ඇති නොවෙන තාක් අපි කලබලයක් ඇති කරගන්නෙ නෑ... ශාන්... ඔය පිස්ටල් එක උබ පාවිච්චි කරන්න ඕනේ අත්‍යාවශ්‍යම වෙලාවකදි විතරයි... එහෙනම් යමු කොල්ලනේ..."
බින්ගේ උපදෙස් වලින් පස්සේ බිනුත් ශානුත් ඒ පිටිපස්සෙන් අනිත් පොලිස් නිලධාරීන් දෙදෙනාත් ජීප් එකෙන් එළියට බැස්සා.
.
.
.
.
.
.
"අවසන් වතාවට කියන්න දෙයක් තියනවද උබට... ඕනෙ නම් මට පුලුවන් උබ වෙනුවෙන් උබේ යාළුවට පණිවිඩේ කියන්න..."
"උබට මේ හැමදේටම වන්දි ගෙවන්න වෙනවා..."
යීබෝට පිස්තෝලය එල්ල කරගෙන ඉන්න ජේ කේ දිහා බලපු යීබෝ වෛරය පිරුනු ඇස් වලින් කියද්දී ජේ කේ කට කොනකින් හිනා වුනා.
බයක් ගෑවිලාවත් නැති වෛරයෙන් පිරුනු යීබෝගේ මූණ දිහා බලාගෙනම ජේ කේ ට්‍රිගර් එක තද කරන්න හැදුවත්...
"ලොක්කා..."
කරන්න හදපු දේට බාදාවක් උන නිසා ජේ කේ කේන්තියෙන් දොර ලඟින් මතුවුනු පුද්ගලයා දිහා බැලුවා.
"මොකද යකෝ... පේන්නෙ නැද්ද මම මෙතන වැඩක් කියලා..."
ජේ කේ ගේ තර්ජ්නාත්මක හඩ නිසා මුලින් කතා කල පුද්ගලයාගේ මූණේ බියක් ඇදුනත්, ඒ පුද්ගලයා අපහසුවෙන් කතා කලා.
"ලොක්කා... මේ... පොලී..සියෙන් ඇවිල්ලනේ... එයාලට ගේ.. පරීක්ශා කර..න්න ඕනෙලු..."
ගෝලයා කියපු දේ නිසා ජේ කේ සම්පූර්ණයෙන්ම ඒ දිහාට හැරුනා.
"පොලීසියෙන්... මීට කලින් කවදාවත් මෙහාට පොලීසියෙන් ඇවිල්ල නෑ..."
තාමත් වැටුනු විදිහටම බිම ඉන්න යීබෝ දිහාවට තියුනු බැල්මක් යොමු කරන ගමන් ජේ කේ කිව්වා.
"ද..දන්නෙ නෑ බොස්... එයාලට ගේ ඇතුල පරීක්ශා කරන්න ඕ..නෙමයි කියනවා..."
"උන්ට උනත් එහෙම හිතුමනාපෙට ගෙවල් වලට කඩා පනින්න බෑනෙ... උන් ලඟ වරෙන්තුවක් තියනවද..."
"අපිත් ඔය ගැන කිව්වා බොස්... උන්ගේ බල ප්‍රදේශෙ නිසා වරෙන්තු නැති උනත් පුලුවන්ලු..."
කතා කරලා ඉවර වෙන්නත් කලින් තවත් පුද්ගලයෙක් කලබලෙන් දුවගෙන ආවා.
"ලොක්කා... අපි නවත්තන්න හදද්දී බලෙන්ම එයාල ගේ ඇතුලට ආවා..."
දෙවනියට ආව පුද්ගලයා කියන දේ අහගෙන ඉදපු ජේ කේ සමච්චල් හඩින් හිනා උනා.
"හ්ම්..හ්ම්... පොලිසියේ මහත්තුරු එක්ක අනවශ්‍ය ලෙඩ දාගන්න ඕනෙ නෑනේ... උන්ට ඇතිවෙනකම් හොයන්න දීල උබලා පාඩුවේ ඉදපං..."
"හරි ලොක්කා...//"
ජේ කේට ඔළුව නමලා ආචාර කරපු ගෝලයන් දෙන්න එතනින් පිටවෙලා යද්දි ජේ කේ ආයිත් යීබෝ දිහාට හැරිලා පිස්තෝලය යීබෝට එල්ල කාලා. ඒ වතාවෙදි, ජේ කේ ව නැවැත්තුවේ ජේ කේ යීබෝට ගහනකම් යීබෝව අල්ලගෙන ඉදපු හැඩි දැඩි පුද්ගලයා.
"බොස්... වෙඩි සද්දේ උඩට ඇහුනොත් ප්‍රශ්නයක් වෙයි... බොස්ට ඕනෙ නම් මේක ගන්න..."
යීබෝට වෙඩි තියන එක වලක්වමින් ජේ කේ ගෙ අතින් අල්ලපු මයික් දිහා ජේ කේ කෝපයෙන් බැලුවත් මයික් කියපු දේ ඇහුවට පස්සෙ ජේ කේ සන්සුන් උනා. මයික් දිගු කරපු තියුනු කිණිස්ස දිහා බලපු ජේ කේ හිනාවෙලා මයික්ගේ පිටට තට්ටුවක් දාගෙනම යීබෝ දිහාට හැරුනා.
"උබට තව විනාඩි කීපයක් පනපිටින් ඉන්න පුලුවන්... ඒ වෙලාවෙදි කරපු හොද වැඩ ටික මතක් කරගනිං..."
අවඥාසහගත හඩින් කියපු ජේ කේ යීබෝගේ පුටුව කෙලින් කරන්නෙවත් නැතුව එයාගේ ගෝලයෝ දෙන්නත් එක්ක කාමරයෙන් පිටවුනා.
"""පොලීසියෙන්... බනී බින් එක්ක මම ඉන්න තැන හොයාගත්තද දන්නෙ නෑ..."""
වැටිලා ඉන්න ඉරියව්වෙන්ම යීබෝ අත ගැටගහලා තිබුනු බැමි ලෙහාගන්න උත්සාහ කලා. දැන් දැන් පොළොවට තද වෙලා තියන උරහිසෙන් දැඩි වේදනාවක් දැනෙන්න ගනිද්දී යීබෝ ලණුව ලෙහාගන්න පුලුවන් දෙයක් තියනවද බලන්න කාමරේ පුරාවට ඇස් යැව්වා.
යීබෝගෙ ඇස් වලට අහු උනේ කාමරේ කොනක තිබුනු හිස් උනු අරක්කු බෝතල් කීපය
"""කොහොමහරි එතනට යාගත්තා නම් වීදුරුවෙන් ලණුව කපාගන්න තිබ්බා..."""
"දොහ්..."
යීබෝ වීඳුරු දිහා බලාගෙන කල්පනා කරමින් ඉද්දී යීබෝගේ ඔළුවට උඩින් සද්දයක් ඇහුනා. ඔළුව උඩින්ම ඇහුනු හඩ නිසා යීබෝ ඉක්මනින් සිවිලිම දිහා බැලුවත් ආයිත් පුරුදු විදිහටම වටපිටාව නිහඩ වුනා. සිවිලිමෙන් ඇහුන සද්දෙ නිසා යීබෝ ඒ දිහා බලාගෙනම කල්පනා කලා.
"""මාව අල්ලගෙන ඉදපු එකා එවලේ ජේ කේට කිව්වා වෙඩි සද්දේ උඩට ඇහුනොත් ප්‍රශ්නයක් වෙයි කියලා... ඒ කියන්නේ... මම ඉන්නෙ ගෙදරක පහල තට්ටුවෙද... පොලීසියෙන් ඇවිල්ලා චෙක් කරනවා ඇත්තේ උඩ තට්ටුව... කෙලින්ම උඩ තට්ටුව චෙක් කරන එකත් අමුතුයි..."""
යීබෝ ඒ ගැන හිතමින් හිමින් හිමින් කකුලෙන් තල්ලු වෙවී වීඳුරු බෝතල් ටික ලගට යන්න පටන් ගත්තා. දකුණු උරහිසෙන් දැනෙන තද වේදනාව නිසා වීඳුරු බෝතල් ලඟට යන එක හිතන තරම් ලේසි නැති උනත් වේදනාව දරාගෙන යීබෝ අරක්කු බෝතල් තිබුනු තැනට ආවා.
අත ලඟම තිබුනු වීඳුරු බෝතලය අරගෙන බෝතලය බිදිලා යන විදිහට බිත්තිය දිහාවට වීසි කරත් බෝතලය බිදුනේ නෑ.
"උන් එතන කනපිට පෙරලලා හෙව්වත් මෙතන ගැන දැනගන්නෙ නෑ... මේව ඉතින් අපේ ලොක්කගේ වැඩනේ... හොයලා හොයලා ඇති උනහම යයි..."
"මුලින් ආවේ හතර දෙනයි... දැන් තවත් සෙට් එකක් ඇවිල්ලා... ලොක්කා කිව්ව අපිටත් ලෑස්ති පිට ඉන්න කියලා..."
කොරිඩෝවෙන් ඇහෙන කටහඩවල් නිසා යීබෝ කරමින් ඉදපු වැඩේ නවත්තලා කටහඩවල් වලට අවදානය දුන්නා.
"""ඒ කියන්නේ මම ඉන්න තැන පොලීසියෙ අයට හොයාගන්න බැහැ... උදව් ඉල්ලලා කෑ ගහන්නත් බෑ... එහෙම උනොත් පොලීසියේ අය මෙතනට එන්න කලින් උන් මාව මරලා දායි... පොලීසියෙන් ආපු අය යන්න කලින් මම මෙතනින් පැනගත්තේ නැත්තම් කොහොමත් මට මෙතනම මැරෙන්න තමයි වෙන්නේ..."""
හිතට ඇතිවුනු සිතුවිලි නිසා යීබෝ ඉක්මනින් වීඳුරු බෝතලයට අවදානය දුන්නා. වීඳුරු බෝතලය කකුලෙන් බිත්තියට තද කරපු යීබෝ බෝතලය බිදෙන්න සපත්තුවෙන් වේගවත් පහරක් එල්ල කලා. ඒ වතාවෙදී නම් කකුලටත් බිත්තියටත් තද වුනු වීඳුරු බෝතලය කෑලි කෑලි වලට කුඩු වෙලා යද්දී යීබෝ එයාගේ අත ලඟටම වීසි වුනු වීඳුරු කෑල්ලක් අහුලගත්තා. බෝතලය බිදුනු සද්දෙ කාමරයෙන් එළියට ඇහුනද කියලා දැනගන්න යීබෝ ටික වෙලාවක් නිහඩව හිටියා.
කාමරයට පිටතින් කිසිම හැලහොල්මනක් නැති නිසා යීබෝ පුලුවන් උපරිම වේගයෙන් වීඳුරු කෑල්ලෙන් අත බැදලා තියන ලණුව කපන්න පටන් ගත්තා.
යීබෝ තාමත් ඉන්නේ පුටුවත් එක්කම පැත්තට බිමට වැටුනු විදිහට. වීදුරු කෑල්ල තද කරලා අල්ලගෙන ලණුව කපද්දී යීබෝගේ අතත් තියුණු වීඳුරුවට තුවාල උනත් යීබෝ ඒ ගැන හිතුවේ නෑ. විනාඩි කීපයක උත්සාහයෙන් පස්සේ යීබෝ එක අතක් ලණුවලින් නිදහස් කරගත්තා. නිදහස් උනු අතින් අනිත් අතේ ලණු පොටවල් එකින් එක ඉක්මනින් කපාගත්තු යීබෝ වීදුරු කෑල්ල පැත්තකට විසි කරලා පුටුවෙන් ඈත් වෙලා නැඟිට්ටා.
"ආයිශ්...."
ජේ කේ යටි බඩට ගහපු පහර නිසා නැගිටිද්දී යීබෝගේ බඩ වේදනා දුන්නත් යීබෝ දැනෙන වේදනාව දරාගෙන හිමින් සැරේ දොර ලඟට ලං උනා. හිමින් සීරුවේ දොරෙන් ඔළුව එළියට දාපු යීබෝ කොරිඩෝවේ දෙපැත්තම බැලුවා. වම් පැත්තට යන කොරිඩෝව පඩිපෙළකින් ඉවර වෙද්දී තවත් කාමර පහක් හයක් ඈතට විහිදිලා තිබුනු දකුණු පැත්තේ කොරිඩෝව කෙලවර වෙලා තිබුනේ බිත්තියකින්.
කොරිඩෝව දෙපැත්තේම කවුරුත් නැති බව තහවුරු කරගත්ත යීබෝ හිමින් සීරුවේ කාමරයෙන් එළියට ආවා.
"""ජේ කේ ආවේ වම් පැත්තෙන්... ඌ ගියෙත් වම් පැත්තට... උඩට නගින පඩිපෙල තියෙන්නෙත් ඒ පැත්තට... ඒකෙන් උඩට නැග්ගොත් මට ජේකේව හොයාගන්න පුලුවන් වෙයි... පොලීසියෙ අයත් තාම උඩ ඇතිනේ..."""
ඒ වෙලාවෙදි යීබෝට ඕන උනේ එයාගෙ ජීවිතේ බේරගන්න නෙමෙයි. මමාගෙයි පපාගෙයි සෝහිගෙයි මරණය වෙනුවෙන් ජේ කේගෙන් පළිඟන්න. වටපිටාව ගැන සෝදිසියෙන් අඩි කීපයක් පඩිපෙළ දිහාට ඇවිදගෙන ගිය යීබෝ හදිසියේ මතක් උන දෙයක් නිසා ආයිත් හැරිලා කොරිඩෝව දිහා බැලුවා.
"""යුවාන්... යුවාන් ගියෙ අනිත් පැත්තට..."""
යීබෝ ඉක්මනින් පඩිපෙළ දිහාවට යන ගමන නතර කරලා කාමර අතරින් කොරිඩෝවෙ අනිත් පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා.
යීබෝව හිර කරලා තිබුනු කාමරය ලඟ ඉදන් තවත් කාමර දෙකක් වගේ දුරකට යනකම් ලයිට් දාලා තිබුනත් එතනින් එහා තිබුනු කාමර අඳුරේ ගිලිලා තිබුනා. ලයිට් එළියෙන් ආලෝකමත් වෙලා තිබුනු අංතිම කාමරයට ලං වෙද්දී කාමරය ඇතුලෙන් දොරට ගහන සද්දයක් යීබොට ඇහුනා.
"මේ දොර ඇරපියව්..."
"උබ මොකා උනත් මෙතනින් එළියට ආපු ගමන් උබව මම මරනවා..."
"දොර කඩාගෙන එන්න කලින් මේක ඇරපියව්..."
"""කවුරු උනත් නියම වැඩක් කරලා තියෙන්නේ...""""
දොරට ලං වෙලා බලද්දී දොර එළියෙන් අගුලු දාලා තියන බව යීබෝ දැක්කා. දොරට කන තියලා අහද්දී පිරිමින් කීපදෙනෙක් කාමරේ ඇතුලේ ඉදන් දොරට ගහමින් කෑ ගහන හඩ යීබෝට ඇහුනත්, යකඩින් හදලා තියන දොරවල් කඩන එක ලේසි පහසු දෙයක් නොවෙන නිසා යීබෝ ඒ ගැන හිතන්නෙ නැතුව ඉස්සරහටම ඇවිදගෙන ගියා.
කොරිඩෝවේ අඳුරු මුල්ලේ එක කාමරයකින් දොර අස්සෙන් ආලෝකයක් වැටිලා තියනවා දැකපු යීබෝ ඒ දිහා බලාගෙනම දොර ඉස්සරහින් නතරවුනා.
"""ආයුවාන් ඉන්නෙ මේ කාමර වලින් එකක... ඒත්... ඒ මොන කාමරේද... හිතුන හිතුන ඒවට ඔළුව දාලා බලන්නත් බෑනේ..."""
අඳුරේ ගිලිලා තිබුනු කාමර වලින් විදුලි ආලෝකයක් ආවේ යීබෝ දැන් බලාගෙන ඉන්න කාමරෙන් විතරයි. කාමරේ දොර දිහා බලාගෙනම යීබෝ කල්පනා කරද්දී සිද්දවුනේ යීබෝ හීනෙකින්වත් නොහිතපු දෙයක්.
"අහ්..."
කාමරේ දොරත් ඇරගෙන කලබලයෙන් එළියට ආව තරුණියක් යීබෝගේ ඇගේ හැප්පිලා පස්සට විසි වෙද්දී යීබෝත් අඩියක් පස්සට තිබ්බා.
තරුණිය පුදුමයෙන් යීබෝ දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉද්දී තරුණියගේ පිටිපස්සෙන් මූණ දික් කරපු ආයුවාන් බියපත් ඇස් වලින් යීබෝ දිහා බලාගෙන හිටියා.
"ආයුවා...න්..."
පුංචි ආයුවාන්ගේ මූණ දැක්කම යීබෝට තප්පර කීපයකට කලින් සිද්දවුනු හැමදේම අමතක වෙලා ගියා. කඳුළු පිරුනු ඇස් වලින් යීබෝ ආයුවාන් දිහා බලාගෙන මුමුණද්දී තරුණිය යීබෝ දිහා බලාගෙන බයෙන් කතා කලා.
"ඔ..යා යීබෝ... නේ..ද...??"
තරුණියගේ වෙව්ලන හඩ නිසා ආයුවාන්ගෙන් ඇස් ඉවතට ගත් යීබෝ තරුණිය දිහා බැලුවා.
පුංචි ආයුවාන්ගේ වගේම තරුණියගේ ඇස් වලත් තිබුනේ වේදනාව විතරයි. රූමත් තරුණියක් උනත් විදපු දුක් කරදර වලට පිංසිද්ද වෙන්න ආයුවාන්ගේ වගේම තරුණියගේ සුන්දරත්වයත් විඩාවට පත්වුනු සිරුර ඇතුලේ හැංගිලා තිබුනා.
යීබෝ 'ඔව්' කියන්න ඔළුව ඉහල වනද්දී තරුණිය සැනසුම් හුස්මක් පිටකලා.
"මම යැන්ලි... සෝහි ජීඒ මට යීබෝ ගගා ගැන කියලා තියනවා..."
දුර්වල හිනාවක් මූණට මවාගත්ත යැන්ලි යීබෝ දිහා බලාගෙන කතා කරද්දී හිනාවෙන්න පුලුවන් තත්වයක් ඒ වෙලාවෙදී නොතිබුනත් යීබෝ යැන්ලි එක්ක හිනා වුනා.
"අර වැඩේ කලේ ඔයාද..."
යීබෝ එළිය පැත්තෙන් අගුල් දාලා තියන දොර පෙන්නන ගමන් ඇහුවා. ඒ වෙද්දිත් කාමරේ ඇතුලේ හිර වෙලා ඉන්න පිරිස එළියට එන්න කෑ ගහමින් දොරට ගහන සද්දේ ඇහුනා.
"මම ගගාව බේරගන්නයි එන්න හැදුවේ... මෙතනින් පැනගන්න මීටවඩා හොද අවස්ථාවක් ලැබෙන්නෙ නෑ... මට ඇහුනා පොලීසියෙන් ඇවිල්ලා උඩ චෙක් කරනවා කියලා... ඒ සර්ලා යන්න කලින් කොහොම හරි මෙතනින් බේරිලා යන්න..."
"ඇයි එයාලා පහල තට්ටුව නැතුව උඩ තට්ටුව විතරක් චෙක් කරන්නේ...??"
පොලීසියෙන් ආවා කියපු වෙලාවේ ඉදන් යීබෝට තිබුනු ගැටළුව යීබෝ යැන්ලිට කිව්වා. මේ මුලු කාලය පුරාවටම ආයුවාන් හිටියේ යැන්ලිගේ පිටිපස්සෙ හැංගිලා මූන විතරක් එළියට දාගෙන.
"මේක පොළව යට තියන ගබඩාවක් ගගා... උඩින් බලුවම පේන්නේ පුංචිගෙයක් වගේ... හැබැයි ඊට වඩා දෙගුනයක් විතර ලොකු ගබඩාවක් පොළව යට තියනවා... පොලීසියේ සර්ලා මොනතරම් හෙව්වත් එයාලට මේ තැන හොයාගන්න වෙන්නෙ නෑ... එයාලා මේ වගේදෙයක් තියනවා කියලා හීනෙකින්වත් හිතන එකකුත් නෑ... අපි ඉක්මන් කරන්න ඕනේ..."
යීබෝට වචනයක්වත් කතා කරන්නට ඉඩක් නොතබා එක දිගට කියාගෙන ගිය යැන්ලි කාමරය දිහාට හැරිලා කාමරය කොනක තිබුනු මේසයක් ලඟට යන ගමන් ආයිත් කතා කරන්න උනා.
"සෝහි ජිඒ විශ්වාස කලා... කවදහරි දවසක ශාන් ගගා ඇවිල්ලා එයාගෙ ආයුවාන්ව මේ අපායෙන් බේරගනියි කියලා... ජීඑ ගගා ගැනත් මාත් එක්ක ගොඩාක් දේවල් කතා කරලා තියනවා... අංතිම මොහොත වෙනකම් ජීඑ ආදරේ කළේ යීබෝ ගගාට විතරයි... ජීඑ ගොඩක් දුක් උනා අංතිම වෙනකම්... අහ්... ඔන්න පිටිපස්සේ..."
මේස ලාච්චුවෙන් මොනවදෝ අතට ගත්ත යැන්ලි කතා කරමින්ම යීබෝ දිහාට හැරුනත් යීබෝට පිටිපස්සෙන් ඉන්න මයික්ව දැකපු නිසා යැන්ලි අතකුත් ඒ දිහාවට දිගු කරලා කෑ ගැහුවා.
යැන්ලිගේ හැසිරීම නිසා යීබෝ ඉක්මනින් පිටිපස්ස හැරිලා බලද්දීම... තියුනු කිණිස්සක් යීබෝගේ පපුව දිහාට ඇදී ආවත් යැන්ලි මුලින්ම අනතුරු අගවපු නිසා යීබෝ කිණිසි පහරින් බේරුනා.
යීබෝගේ වාසනාවකට පළවෙනි පහරින් බේරුනත්, කිනිස්සක් අමෝරාගෙන ඉන්න මයික්ගෙන් බේරෙන එක හිතන තරම් පහසු උනේ නෑ. පළවෙනි කිණිසි පාරින් බේරෙන්න පස්සට පැන්න යීබෝට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකරම මයික් තවත් පහරක් එල්ල කරද්දී යීබෝ මයික්ගේ අතේ තිබුනු කිණිස්ස ඈතට විසි වෙලා යන විදිහට කිණිස්ස තිබුනු අතට පයින් ගැහුවා.
කිණිස්ස මයික්ගේ අතින් ගිලිහිලා කාමරේ මුල්ලකට විසිවෙලා ගියත් මයික්ගේ පහරදීම එක මොහොතකටවත් නැවතුනේ නෑ. මයික්ගේ පහරදීම් ගොඩක් වේගවත් උනා. මයික්ගේ පහරවලින් බේරිලා යීබෝ මයික්ට පහර කීපයක් ගැහුවත් ඒ එකකින්වත් මයික්ගේ වේගය අඩු උනේ නෑ. යීබෝටත් මයික්ගේ පහර කීපයක්ම වදිද්දී කාමරේ කොනක යැන්ලිව දෑතින්ම බදාගෙන බයෙන් බලාගෙන ඉන්න ආයුවාන්ව යීබෝ ඇස් කොනකින් දැක්කා. මයික්ගේ පා පහරක් නිසා විසි වෙලා ගිය යීබෝ බිත්තියේ වැදිලා නොවැටී බේරුනත් යීබෝ ලඟට ආව මයික් යීබෝගේ යටි බඩට ගහපු පහර ජේ කේ ගහපු තැනටම වදිද්දී දැනුන වේදනාව නිසා යීබෝ බඩත් අල්ලගෙන බිමට පාත් උනා. ආයුවාන්ගේ බියෙන් තැතිගත් මූණ මතක් කරගත්ත යීබෝ වේදනාව දරාගෙන ආයිත් නැගිටින්න හැදුවත්, ඒ වෙලාවෙදි සිද්ද වුනේ යීබෝ නොහිතපු දෙයක්.
මයික්ගේ පිටිපස්සෙන් යකඩ පොල්ලක් අරගෙන ආව යැන්ලි අත දිගෑරලා යකඩ පොල්ලෙන් මයික්ගේ හිස් මුදුනටම පාරක් ගැහුවා. හිස් මුදුනට වැදුන පාර නිසා මයික් සිහිය නැතුව බිමට ඇදගෙන වැටෙද්දී යැන්ලි මයික් දිහා බලාගෙනම යකඩ පොල්ල බිමට ඇතෑරියා.
"යැ..න්ලි..."
මයික් දිහා බලාගෙන වෙව්ලමින් ඉන්න යැන්ලිට යීබෝ කතා කරන්න හැදුවත් යැන්ලි ඔළුව උස්සලා යීබෝ දිහා බලද්දී යීබෝට කියන්න හදපු දේ අමතක උනා. කරපු දේ නිසා ඇතිවුන කම්පනයටද, තරහටද දුකටද කියලා නොතේරුනත් යැන්ලිගේ ඇස් රතු වෙලා කඳුළු පිරිලා තිබුනා.
"මුන්ට මෙහෙම වෙන්න ඕනෙ ගගා... අද මගේ මමීගෙයි පපාගෙයි එක මිනීමරුවෙක්ගෙන් මම පළිය ගත්තා..."
යැන්ලි වෙව්ලන හඩින් කියද්දී යීබෝ බිම වැටිලා ඉන්න මයික් දිහා හිස් බැල්මකින් බැලුවා. මයික්ට තාම පන තියනවද කියලා බලන්න යැන්ලිටවත් යීබෝටවත් උවමනාවක් තිබුනේ නෑ. යකඩ පොල්ලෙන් වැදුන පහර නිසා මයික්ගේ ඔළුවෙන් ලේ ගලමින් තිබුනා.
"අපිට වැඩි වෙලාවක් නෑ... තව උන් එන්න කලින් ඉක්මන් කරමු..."
ඇද මෙට්ටය ඇස්සේ තිබුනු ගිනි පෙට්ටියක් අතට ගත්ත යැන්ලි ආයුවාන්වත් වඩාගෙන කාමරයෙන් එළියට යද්දී අංතිම වතාවටත් ලේ විලක් මැද වැටිලා ඉන්න මයික් දිහා බලපු යීබෝත් යැන්ලිගේ පස්සෙන් කාමරයෙන් එළියට ආවා.
•_______________________________________•
ඔන්න තව කොටසක් අරන් ආවා...🤗❤️💚
අද photo නම් නෑ...🥲
ඔයාලගේ අදහස් කියාගෙන යන්න හොදේ...🙃💚❤️💚❤️