" හයයි දහය මූට හැමදාම හයයි විස්ස වගේ පේන්නෙ.......අහ්.......ඇඟපත රිදෙනවා.........."
දුරකථනයේ සටහන්වී තිබෙන වේලාව හයයි දහය බව දුටු ඔහු තම සොයුරාටත් සෙමින් බැන වදිමින් දුරකථනය පසෙකින් තබා ඇඟමැලි කඩමින් ඇදෙන් නැඟිට්ටේය ....... ඉක්මනින් සූදානම් වී 07 වන විට නිවසෙන් පිටත් විය යුතු නිසා ඇදුම් රැක් එකමත ඇති ටවල් එකත් රැගෙන ඔහු නානකාමරයට රිංගා ගත්තේය ....
කුඩා නාන කාමරයේ කුඩා කණ්ණාඩිය ඉදිරියේ හිටගත් පසුව පෙනෙන තමන්ගේම දර්ශනය දෙස බලාගෙන ටික වේලාවක් සිටි ඔහු පපුව පුරවා හුස්මක් පිට කළේය...... අද දිනයේ කරන්නට නියමිත රාජකාරි සිහිවන විට කොහේදෝ නැති හිස රදයක් හිසට දැනෙන්නට පටන් ගන්නා නිසාම ආයතනයට ගොස් ඒවා පිළිබඳව කල්පනා කරන්නට හිතා ඔහු දත්‍ටික මදින්නට පටන්ගත්තේය .....
නමුත් ඉතින් ඒ අතරම උදෑසනම ඔහු ප්‍රාර්ථනා කළ එක දෙයකි....
අදනං බොසාට මොකෙක්වත් ජෝඩු කරන වැඩක් නොවැටේවා....... යන්නයි.....
තවත් ඉතින් කා දමන්නට කාලයක් නොමැති නිසා ඉක්මනින් නාගත් ඔහු සූදානම් වී පහලට එද්දී තම පියා ආලින්දයේ වාඩිවී සුපුරුදු පරිදි රූපවාහිනිය නරඹන ආකාරයත් , සහෝදරිය පාසල් යන්නට සූදානම් වී සිටින ආකාරයත් දුටුවේය .....
දෙමහල් නිවසක් යයි කීවාට මෙය ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක ඉදිවී තිබෙන අවම පහසුකම් සහිත නිවසකි......පහත මාලයේ කුඩා සාලයක් මුළුතැන් ගෙයක් සහ කාමර දෙකක් පිහිටා තිබෙන අතර ඉහළ මාලයේ ඇත්තේ කාමර දෙකක් පමණකි...... දුප්පත්ම නොවන නමුත් ධනවත් නොවන පවුලක එසේත් නැතිනම් මධ්‍යම පාන්තික පවුලක වැඩිමහල් දරුවා ඔහුය.......
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
01...... ?????? ??????....?
Start from the beginning