抖阴社区

12..... ?????????? ?????? .....?

2K 399 432
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️........

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන් .....හුඟ දවසකට පස්සෙ ලස්සන තෑග්ගක් ........❤💚💛

.
.
.
.

බලාපොරොත්තුවේ දිනයට හිරු උදාවී ඇත.......ඒ ඉතින් යීබෝගේ මානයෙනි........ ඔහුගේ වචනයෙන් කියනවා නම්  හිස් දවසක්  අවසන් වී අලුත් දවසකට හිරු උදාවී ඇත.........මේ සදුදා උදෑසනයි......මේ වන විට රැකියාවට යන්නට පටන් අරගෙන මාස එකහමාරක් ගතවී තිබුණත් අද දවස ඔහුට දැනෙන්නේ නැවුම් බවකි......

ආයතන ප්‍රධානියා සිදු කරන්නට ගිය සාපරාදී ක්‍රියාව නිසා රැකියාවට යනවාද නැද්ද වැනි දෙගිඩියාවක් හිතේ තිබුණත් ඒ සියල්ල යටගොස් අර හිනාවෙන මුහුණ දකින්නට උවමනාවක්  යීබෝගේ හිතට තදින්ම වද දෙන්නට පටන්ගෙන ඇත.......

කම්මුලට වැදුනු පහරත් සමග ඔහුගේ ප්‍රතිචාර කොයි ලෙසින් සිදු වේවිදැයි කියා කියන්නට වැටහීමක් නැති උනත් , ඔහු මූණ බලා කතා කරාවි යැයි කියා කියන්නට තරම් විශ්වාසයක් හිතේ නැති උනත් ඒ මුහුණ දකින්නට ඉස්පාසුවක් ඇත්තේ නැත....

තවමත් ඉතින් ඇඳෙන් බැස සූදානම් වන්නට තරම් අරුණළු වැටී නැති නිසා ඔහු ඇඳ මතින් වාඩි වී ඇඳ වියලට හේතුවී පෙර දින සන්ධ්‍යාවේ මාළු මාකට් එකට ගොස් යළිත් පැමිණෙන අතර වාරයේ නියෝ සමඟ සිදුකල සංවාදය සිහිකලේය ..

" මං උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් මට ඇත්තම කියනවද....."

" අහන්න ඉතින්......."

දෙදෙනාම සිටින්නේ මාළුමාකට් එකේ සිට යළිත් නිවසට එන අතර පාර අයිනේ බයික් එක නතර කර එතනම ඇති බෙන්ච් එකක් මත වාඩිවී නියෝගේ ආච්චිගෙන් පොලී මුදල් ලබාගත් අයකු මුදල් රැගෙන එතැනට පැමිණෙනතුරු බලාගෙන සිටිනා අතරයි...

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now