抖阴社区

42.... ?????? ?????? ??????......?

1.6K 358 207
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...........

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.

සාමාන්‍ය පරිදි යීබෝ  රැකියාවටත් , මෙයි පාසලටත් ශාන්  කායිගේ මාකට් එකේ ගිණුම් තැබීමටත් යන අතර දින තුනක් පමණ ගතවී ගියේය...... මේ අතරතුරත් ෂාන් සම්මුඛ පරීක්‍ෂණ කිහිපයකට සහභාගී වූ අතර එදා සිදුවීමෙන් එසේත් නැතිනම් රැකියාව අතහැර ඇවිත් විසි වැනි දිනය පසුවෙද්දීත් රැකියාවක් සම්බන්ධයෙන් සුභවාදී පිළිතුරක් නම් තවමත් ලැබී තිබුණේ නැත.......

මීට දින දෙකකට පෙර ශාන්ගේ ආයතනයේ වැටුප් නිකුත්කර තිබුණු අතර , දින පහළොවක දාසයක පමණ සේවා කාලයක් සිදුකර තිබුණත් ශාන්ගේ ගිණුමට යුආන් එකක් වත් බැරවුනේ නැත.....

ඒ පිළිබඳව ඉතින් ඔහුගේ හිතට මහා ලොකු වේදනාවක් නොදැනුනේ , ඔහු එය බලාපොරොත්තුවෙන්ම සිටි නිසා වන්නට ඇත...... අනෙක් අතට ඉතින් ස්ථිර රැකියාවක් නැතත් මේ වන විට අතට කීයක් හෝ ලැබෙන සාමාන්‍ය රැකියාවක් ශාන් සිදුකරන්නේය.......

විශේෂයෙන්ම එතැනදී ශාන් හට ලැබෙන ගෞරවය ඔහු බලාපොරොත්තු වූ එකක් නොවන්නේය...... කායි , චෙන් පමණක් නොව එතැන සේවය කරන සේවකයින් හත් අට දෙනාම ශාන්  මහත්තයා යනුවෙන් කට පුරා පවසමින් ඔහු සමග ලෙන්ගතුව කතාබහ කරන්නටත් , බොහෝ අවස්ථාවලදී සමහර තීරණ ගැනීමේදී ඔහුට මුල් තැන ලබාදෙන්නටත් පුරුදු වී සිටින්නේය......

" ශාන්  පුතා ඒක චුට්ටක් බලන්නකෝ.........ශාන් පුතා අපි එහෙම කරමුද , ශාන්  අයියා මේ හරි නේද ......."

ආදී වශයෙන් එතැන ඇත්තේ වෙනම සැලකීමකි...

" මෙතන ඉන්නේ සාමාන්‍ය මිනිස්සු මචං....ඔය මහා සල්ලිකාර මිනිස්සු ළඟ නැති මනුස්සකම් මේ මිනිස්සු ළඟ උතුරන්න තියෙනවා......අන්න ඒකයි මෙතන තියෙන වෙනස......... හැබැයි අපි වැඩ කරන ගමන් ෆිල්ම් එකේ උනත් ඔය තත්ත්ව ඔය විදිහටම තියෙනව...... එතන ඉන්නෙත් වැඩිපුරම සාමාන්‍ය මිනිස්සු......"

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now