抖阴社区

38... ???? ?????? ??????....?

1.7K 360 225
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️............

.
.
.
.
.

සාමාන්‍ය සිදුවීම් සමගින් තවත් සති දෙකක් එලෙසින් ගෙවී ගිය අතර  ශැන්ග් නම් උදෑසන ආයතනයට පැමිණි පසු හෙම්බත්වයේ සවස ආයතනයෙන් පිටව යන්නේ සසර කලකිරුණු පුද්ගලයකු ලෙසටයි.....

මේ ඉතින් 25 වෙනිදායි..... සේව් කරගෙන නැති නම්බර් දෙක තුනකින්ම උදෑසන පටන් ශාන්ගේ දුරකථනයට ඇමතුම් ලැබුණු අතර ඔහු ඒ එකක්වත් සම්බන්ධ කරගත්තේ නැත්තේ ශාන් සෙලීනාගේ සහ ජිලින්ග් ගේ දුරකථන අංක බ්ලොක් කර දමා තිබෙන නිසා ඔවුන් වෙන කාගේ හෝ දුරකථන වලින් ඇමතුම් ලබාගන්නා බව හොඳින්ම දන්නා නිසාවෙනි.....

හැබැයි ඉතින් දැන් පෝන් අංශකරය නැත්නම් ගේට්ටුව ළඟට ඇවිල්ලා ඉඳී....ඒක හින්ද මේ කෝල් එකක් ආන්සර් කරලා බැලුවනම් හරි.....

සවස දෙක තුන පමණ වනතුරුත් නොනවත්වා පැමිණෙන දුරකථන ඇමතුම් දෙස බලාගෙන ශාන් එලෙසින් කල්පනා කළ අතර කාර්යාලයෙන් පිටතට පැමිණි ඔහු වොෂ් රූම් දෙසට ඇවිදගෙන යන අතර එම ඇමතුම සම්බන්ධ කරගත්තේය......

" ලොකූ............"

පුදුමාකාර ආදරණීය ලෙසින් ඇසෙන්නේ ඉතින් වෙන කිසිවෙකුගේ නොව සෙලීනාගේ කටහඬයි..... ශාන්ගේ මුහුණට ඇදුනේ අවඥා සහගත සිනහවකි......මීට විනාඩි කිහිපයකට පෙර ශාන්ගේ එකවුන්ට් එකට මුදල් බැර වී තිබෙන බවට කෙටි පණිවිඩයක් ඇවිත් තිබුණු අතර ලබන මාසයෙන් පසුව ඉතින් එම මුදල දෙගුණ වන බවත් සිහි කරමින් ඇත්තෙන්ම ඔහු හදවතින් සතුටු වුණේය....දෙගුණ වන්නට හේතුව ඉතින් වන්දිය ගෙවා අවසන් වීමයි.....

ඊටත් වඩා ඉතින් අද රාත්‍රියේ ඔහු සිදු කරන්නට යන යම්කිසි හොර රහස් කටයුත්තක් සිහිවී ශාන්ගේ මුහුණට සිනහවකුත් මතුවුනේය ...

" ලොකු......"

" කියන්න......."

එක්වරම මුහුණට නැගුණු ආදරණීය සිනහව යළිත් ඇසුණු සෙලීනාගේ කටහඬ නිසාම අතුරුදහන් වී ගිය අතර ඔහු කේන්තිය පිරුණු හඬකින් කියන්න යනුවෙන් පවසද්දී අනෙක් පස පැවතියේ කෙටි නිහැඬියාවකි.....

" ලොකූ අද ගෙවල් පැත්තෙ එනවද ......."

මේ වන විටත් ශාන් වොෂෲම් එක තුළට ඇතුල්වී අවසන්ව සිටි අතර ඔහුට ඉදිරියෙන් තිබෙන විශාල දර්පණයෙන් පෙනෙන ඔහුගේ ජායාව දෙස බලාගෙනම ශාන්  ඔහුවම සන්සුන් කරගත්තේය ...

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now