抖阴社区

37... ???? ??????? ?????....?

1.7K 358 295
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...........

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.
.

දෙදෙනාම සිනාවකින් මුහුණ පුරවාගෙන එතනින් බැස්සත් ඇතුල් වෙන ප්‍රධාන දොරටුව අසල හිටගෙන සිටින රුව දුටු සැණින් දෙදෙනාගේම සිනහව නැතිවී ගියේය......

**

" පපා........."

අත් දෙකත් බැඳගෙන මහා අමුතු බැල්මකින් යීබෝ දෙස බලාගෙනම ඔහු ශාන් අසලට ඇවිද එද්දී යීබෝ ශාන් අසලින් මදක් ඈතට යන්නට ගියත් ෂාන් ඔහුගේ අත අල්ලා ගත්තේය.....ශාන් යීබෝගේ අත අල්ලා ගත් සැනින් සොන්ගේ ගමන මදක් බාල වූ අතර දෙන්නාගේ එකට එකතු වී තිබෙන අත දෙස අමුතු බැල්මක් හෙලමින්ම ඔහු ශාන් අසලට ආවේය ......

ශාන්ට මේ මිනිස්සුන්ගෙන් ගැලවීමක් ඇත්තේම නැති බව නම් ඉතින් මේ මොහොතේ යීබෝ ප්‍රත්‍ය කර ගත්තේය.........

" මම පැය දෙකක් විතර මෙතන හිටගෙන..............."

අමනාපය මුසුවූ හඬකින් සොන් එලෙසින් කියද්දී ශාන් ඔහු වෙතට ප්‍රශ්නාර්ථය පිරුණු බැල්මක් හෙළුවේය.....

" අද අපේ නිවාඩු දවස . ඉතිං අපි ඇවිදින්න ගියා......"

ඇයි ආවේ යනුවෙන් අසන්නේ නැතිව සොන්ගේ බැල්ම සෘජුව එල්ල වී තිබුණු එකට එකතු වී තිබෙන අත් දෙක නිදහස් කරන්නේත් නැතිව ශාන් එලෙසින් කියද්දී සොන් බර හුස්මක් පිටකලේය ......

" ඇයි මමාව බ්ලොක් කලේ......."

පොඩි දරුවෙකුට තරවටු කරන ආකාරයෙන් සොන් එලෙසින් අසද්දී ශාන් සිනාසුනේය ....

" ඇයි මගෙන් ඒ ගැන අහන්නේ.......එදා මම එන වෙලාවේ කියලා ආවනේ ආපහු ඔය ගෙදර කෙනෙකුට කියලා මගේ සම්බන්ධයක් තියෙන්නේ චූටි එක්ක විතරයි කියලා......."

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now