抖阴社区

08... ?????? ??????......?

1.7K 389 311
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...........

.
.
.
.
.
.
.

",කෝ දැන්........."

ශාන්  පහලට එද්දී ආලින්දයේ සොන් පමණකි .....මෙයි සූදානම් වී පැමිණි අතර අද කිචන් එක තවමත් තද නින්දේය .....

රාත්‍රී ආහාර සෙලිනා සූදානම් කළේත් නැත...... සොන් ශාන්ගෙන්  මුදල් ඉල්ලාගෙන ගොස් පාන්  අරගෙන ආවේය... මෙයි ඒවායේ ජෑම් සහ බටර් ගෑවේය .... පසුව නිවසෙන් පිටවූ සෙලීනා යළිත් නිවසට එන විට රාත්‍රී දොළහත් පසුවූ බවු ඒ වන විටත් අවදියෙන් සිටි ෂාන් දුටුවේය ......ඉතින් ඇය තවමත් අවදිවී නැත .....එක්කෝ අවදි වී ෂාන් නිවසෙන් පිටවනතුරු කාමරයට වී සිටිනවා වන්නට ඇත......

" ඔයා අහන්නේ මමා ගැනද මද්දු ගැනද......."

" මද්දු......."

දැන් ඉතින් මේ දෙදෙනාම කෑමත් නැතුව පාසලට සහ රැකියාවට යන්නට නිවසින් පිටත් වී පාර දිගේ ඇවිදගෙන යන අතරයි.....

" අර හිටියේ කාමරේ.......ආපහු ගිහිල්ලා අනේ මල්ලී කියලා හුරතල් කරන්න නම් හදන්න එපා...... "

මෙයී එලෙසින් කියද්දී ශාන්  නිහඩවිය...

" ඕ අයි සී බැන්නේ සත්තුන්ට බනිනවා වගේ......උන් හින්දා අපිත් බැනුම් ඇහුවා... මම ඒ කේන්තියත් කොහොම හරි යට කරගෙන හිටියා.. දැක්කනේ වැරැද්දක් කරපු නැති එකෙක් වගේ ඔයාගේ කොන්ඩෙන් අල්ලගත්ත හැටි....."

ශාන්  කේන්තියෙන් කියද්දී මෙයි සිනාසුනේය ......

" එයාව හදාගන්න බැරි අපේ මමා නිසා තමයි ලොකූ........එයා ඉතින් එදා ඉදලම අපි දෙන්නට එක හැන්දකින් එයාට වෙන හැන්දකින් නේ බෙදුවේ.."

මෙයි වේදනාවෙන් කියද්දී ශාන්  ඇගේ හිස අතගෑවේය .... එතනින් එහාට ඉතින් දෙදෙනාගේ කතාබහක් සිදු නොවූ අතර බස් නැවතුම්පලට පැමිණි පසුව මෙයිට පෙර ශාන්ගේ බස් රථය ආවේය ...

ඇතුලට  යන්න කලින් මොනවා හරි කාලා ගියානම් හරි.......ඊයෙ රෑටත් හරියට කාලා නැති නිසා දැන්මම බඩ ලෙඩ දෙන්න හදන්නෙ....

බස් රථය ඔහුගේ නැවතුම්පළට ආසන්න වෙද්දී ශාන්  එලෙසින් කල්පනා කලත් බසයෙන් බැසගත් පසුව තීරණය වෙනස් කරගෙන ඔහු ආයතනය තුළට ඇතුළු වුණේ ආයතනය ඉදිරියේ තිබෙන කැෆේ එක  පිරෙන්නට සෙනඟ සිටින බව දුටු නිසාවෙනි..

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now