抖阴社区

01...... ?????? ??????....?

Start from the beginning
                                    

Xiao zhan වයස අවුරුදු 27.....Bachelor of Fine Arts (BFA) in Graphic Design. (බැච්ලර් ඔෆ් ෆයින් ආට්ස් ඉන් ග්‍රැෆික් ඩිසයින්)  ..... නමුත් පෞද්ගලික ආයතනයක පුද්ගලික සහකරුවකු ලෙසින් සේවය කරයි.......

",මාත් එක්කම යමු ලොකූ........"

තවමත් හරියට සූදානම් වී නැති මෙයී එලෙසින් කියමින් තරප්පු පෙල නැගගෙන යලිත් උඩුමහලට දිව්වේය.... ඉතින් සුපුරුදු පරිදි ශාන්  ගොස් නතරවුනේ පියා අසලම වාඩිවී සිටින තම සොහොයුරා ලඟයි....

" අද මොකද වෙන්නෙ........"

වයස අවුරුදු විස්සක් වන ඔහු උසස් පාසල් අධ්‍යාපනය අවසන් වී කොලේජ් යන්නට බලාපොරොත්තුවෙන් සිටින අතර ශාන්ගේ  සහෝදරිය වයස අවුරුදු දාහතක පාසල් සිසුවියකි...

"  ගෙදර ඉන්නම්........"

",හ්ම්ම්ම්........"

එපමණක් පැවසූ ඔහු මුලුතැන්ගෙය තුලට ගියේය ....පියා ඉතින් සුපුරුදු පරිදි  ගේ පෙරලුනත් රූපවාහිනියෙන් දෑස් ඉවත්කරගන්නේ නැත.......ඔහු වසර තිස් ගණනාවක් එකම නිවසක රියදුරෙකු  වශයෙන් සේවය කර සිදුවූ අත්වැරැද්දක් නිසාම සේවයෙන් සමුගෙන සිටින්නේ වසර ගණනාවක් පුරාවට වන්දියක්ද ගෙවන අතරයි......නමුත් ඉතින් ඔහුට ඒවායේ ගැටලුවක් නැත....වන්දි ගෙවන්නට ලොකු පුතා සිටින්නේය....... ඒ සිදුවූ සිදුවීමෙන් පසුව ඔහු අද වනතුරු අතපය සොළවා වැඩක් කරන්නේ නැත......ඇත්තෙන්ම කියනවා නම් ඉතින් ඔහුට ආබාධයක් සිදු වීත් නැත......සමහරවිට ඒ සිදුවීම නිසා සිදුවූ මානසික පසුබෑමක් ඔහුගේ මේ හැසිරීමට හේතු වන්නට ඇතැයි කියා ශාන්  හැමදාමත් තමන්ගේ හිත හදා ගන්නේ තමන්ගේ හිස මතට වැටී තිබෙන පවුලේ බර අපහසුවෙන් ආයාසයෙන් නමුත් දරාගන්නා අතරයි.......

" කෑම එක හරිද මමා......."

" හ්ම්ම්ම්.......හරි....... මෙන්න....... රෑට උයන්න එළවළු මොනවත් නම් නෑ ලොකූ........"

ශාන්ගේ කෑම එක ඔහු අතට දෙමින් ඔහුගේ මව කියද්දී  ශාන්  මදක් කල්පනා කරන්නට විය...... වැටුප අරගන්නට තව දින තුනක් ඉතිරිවී ඇත...... මීට දින හතරකට පෙරත් ඔහු යුආන් දෙසීයක් මව අත තැබුවේ නිවසේ වියදම් වලටයි....... දැන් ඔහුගේ පසුම්බියෙහි ඇත්තේ වැටුප ලබාගන්නා තුරු බස් එකෙන් යන්නට එන්නට ඉතිරිවී ඇති මුදලයි........

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now