抖阴社区

01...... ?????? ??????....?

Start from the beginning
                                    

" දැන් මගෙ අතේ නෑ මමා......හවසට මොකක් හරි බලමු......."

,එපමණක් පැවසූ ඔහු කෑම එකත් බෑගයට දමාගෙන වතුර විදුරුවක් පානය කර නිවසින් එලියට බහිද්දීම මෙයීත් ඔහු පිටුපසින් වැටුනේය .....

" මමා අර ලොටෝ වලට මේ පාරත් ඔයා දීපු සල්ලි නාස්ති කරගෙන වගේ....."

ඇය වේදනාවෙන් කියද්දී ශාන්  සිනාසෙමින් මෙයිගේ හිස අතගෑවේය .. නමුත් ඉතින් ඔහුගේ යටි හිතේ නම් මව කෙරෙහි අමනාපයක් මෙන්ම ඔහු පිළිබඳවම කළකිරීමක් ඇති නොවුනා නොවේ.....

" පපාටවත් , මමාටවත් ඔයා ගැන ගාණක් නෑ ලොකූ...... පපා නිසාමයි ඔයාට ඔතන වැඩට යන්න සිද්ධවුනේ........එහෙම නැත්තං ඔයාගේ කොලිෆිකේෂන් වල හැටියට කොයි තරම් හොඳ ජොබ් එකක් හොයාගන්න තිබුනද....... එච්චර වෙලත් නිකමට හිතන්නෑනෙ ඔයා හම්බ කරන එකෙන් කීයක් හරි ඉතුරු කරන්න ඕනේ කියලා....... පොඩි අයියා ගැනත් මගේ හිතේ තියෙන්නේ තරහක්......."

ඇය එලෙසින් කියද්දී ඉතින් අතුරු පාර දිගේ ඔවුන් දෙදෙනා ප්‍රධාන මාර්ගයේ ඇති බස් නැවතුම්පළ අසලට ඇවිත් සිටියේය....

" පණ්ඩිතකම් කියවන් නැතුව අන්න බස් එක එනවා පරිස්සමෙන් යන්න......."

ශාන්ගේ ආයතනය සහ මෙයීගේ පාසල පිහිටා තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ දිසාවන්වලයි...... ඉතින් ශැංහයි නගරයට යන බස් රථය පැමිණෙන්නට පෙර පාසලය යන බස් රථය ආවේය .......

" good morning ශාන් ....."

බස් රථයක් එනතුරු බෙල්ල හරවමින් ඈතට විහිදී තිබෙන ප්‍රධාන මාර්ගය දෙස බලාගෙන සිටි ෂාන් ලගින් ලගින් ඇසෙන කාන්තා කට හඬට හිස හරවා බැලුවේය.....

"ංආ.......good morning  කැතී........."

" අද බස් එක තාම නෑ නේද......."..

ශාන් ඉතින් ඊට පිළිතුරක් ලබා දෙන්නට නොගියේ බස් එක තියෙනවා නම් ඉතින් තමන් මෙතන හිටගෙන නොසිටිනා බව සිහි වූ නිසාවෙනි.....කැතී යනු ෂාන්ලාගේ නිවස අහල පහලම සිටින තරුණියකි...... ඇයත් ශැංහයි නගරයේ ආයතනයක සේවය කරන්නේය..... ඉඳහිට මේ ලෙසින් රැකියාවට යන මොහොතක හමුවී කතාබහ කරනවා ඇරෙන්නට ඉතින් වෙනත් ඇඟෑලුම් කමක් නැත....

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now