ශාන්ගේ කතාවට පිළිතුරු සෙලීනාගෙන් ලැබෙද්දී ශාන් මෙයි සමඟින් ආලින්දයට ආවේය ......
" ලොකූ........"
නාගෙන හොඳ ඇඳුමකින් සූදානම් වී පහළට බසින ජිලින්ග් ගේ හඩට ප්රධාන දොරටුව අසලට ගොස් සිටි ශාන් නතරවුනේය ....සොන් ඉතින් සුපුරුදු පරිදි රූපවාහිනිය නරඹන්නේය......
" යුආන් විස්සක් දෙනවද...... "
",කොහෙද යන්නෙ......."
ශාන්ටත් පෙර සෙලීනා කෑගසාගෙන එතැනට ආවේය .......
" යාළුවෙක් එක්ක පොඩි වැඩකට......."
ඉතින් සෙලීනා ශාන් වෙතට තම ආදරණීය මද්දුම පුතා ඉල්ලූ මුදල දෙන්න වැනි බැල්මක් හෙළුවේය.... කිසිවක් කියන්නේ නැතිව යුආන් විස්සක් මුදල් පසුම්බියෙන් පිටතට අරගත් ශාන් එය ජිලින්ග් අත තබා බෑගයත් රැගෙන නිවසින් පිටතට ආවේය .....අද ඉතින් තනිවම හන්දියට යන්නට සිදුවන්නේ මෙයීගේ පාසල් නිවාඩු දිනයක් වන නිසාය.....
" ශාන් ........."
නමුත් ඉතින් අඩි දහයක්වත් ඇවිදගෙන යන්නට ඉඩක් නොතබා පිටුපසින් කැතීගේ හඩ ඇසෙන්නට විය........ ශාන් සම්පූර්ණයෙන්ම ගමන නතර කරන්නේ නැතිව ගමන බාල කලේය.....ඉතින් ඉක්මන් ගමනින් එතැනට ඇවිදගෙන ආ කැතී හති අරිමින් ශාන්ට සමාන්තරව ඇවිදගෙන යන්නට පටන් ගත්තේය...
" good morning ......."
" good morning කැතී......."
" අද ශාන්ට වරුවයිද......."
" ඒක ඉතින් දවල් 12 විතර වෙනකොට තමා තීරණය වෙන්නේ......"
" අපිටත් ඔය සෙතේම තමයි ශාන්.....අඩුම තරමේ boyfriend එක්ක ඩේ අවුට් එකක්වත් යන්න ඉතුරු වෙන්නෙ ඉරිදා විතරයි......"
ඉතින් ශාන් ඇයහා සිනාසුනේය ..... නගරයම වෙනත් ආයතනයක සේවය කරන තරුණයකු සමග ඇය පෙම් සබඳතාවයක් පවත්වන බව මේ ගම්මානයේ සියලුම දෙනා දන්නා කරුණකි....ඔහු නිතරම යතුරු පැදියකින් කැතීගෙ නිවසට පැමිණෙන බව සෙලිනා දෙතුන් වතාවක් ආලින්දයේ සිටින විට පවසන හඩ ශාන් හට ඇසී තිබුනි.....
" ඊයෙ කට්ටිය ආන්ටි මොනිකගෙ ගෙදර කාඩ් ගහන්න සෙට්වෙලා නේ........අපේ එක්කෙනත් ගිහිල්ලා ......."

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
03... ???????? ?????? ....?
Start from the beginning