වෙලාව සවස දෙකට ආසන්නවී තිබුනු අතර යීබෝගේ දුරකථනය නාදවෙන්නට පටන්ගත්තේය ......
" හෙලෝ චෙන්......."
ජූලි අනෙක් පස අසුනේ සිටියදීම යීබෝ ඉක්මනින් ඇමතුම සම්බන්ධ කරගත්තේ හදිසි උවමනාවක් නොවෙන්නේ නම් තම මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් රාජකාරි වෙලාවේ දුරකථන ඇමතුමක් ලබා ගන්නේ නැති බව දන්නා නිසාය.....
" බෝ..........ආන්ටි වෙරෝනිකා පොඩ්ඩක් අසනීප වුනා.......කලබල වෙන්න දෙයක් නෑ අපි එයාව හොස්පිටල් එකට එක්කගෙන ගියා......උඹට පුළුවන් නම් වරෙං ........"
අනෙක් පසින් පැවසූ අවසාන වචන ටික යීබෝට ඇහුනේ නැති තරම්ය......ඔහු වාඩිවී සිටි අසුනෙන් නැගිට්ටත් තම සිරුර වෙවුලන බව දැනුනු නිසා යළිත් අසුනට කඩා වැටුණේය.......තමන්ගේ ජීවිතයට ඇති එකම හයිය , තමන්ගේ ජීවිතයේ එකම අරමුණ , පළවෙනි වතාවට මේ ලෙසින් අසනීප වී ඇති බව ඇසෙද්දී යීබෝට තමන්වම පාලනය කරගන්නට බැරි බවක් දැනුණේය......
" මං........ද්.........දැන්.......එන්නම්..........කොයි........ හොස්පිට්ට්ල් එකේද ......."
යළිත් අසුනට කඩා වැටුණු ඔහු වෙවුලන කටහඬින් අසද්දී අනෙක් පස අසුනේ වාඩිවී සිටි ජූලි ඉක්මනින් නැගිට ඔහු අසලට ආවේය.....
" ගවර්මන්ට් හොස්පිටල් එකේ මචං....... උඹ එනකොට කෝල් එකක් දීපන් මං එලියට එන්නම්.....අනික කලබල වෙලා කඩාගෙන බිඳගෙන එන්න එපා ආන්ටිට දැන් හුඟක් අඩුයි.......අපේ මමා ලඟ ඉන්නවා........මාග්‍රට් ආච්චිත් ඇවිත් ඉන්නෙ......"
චෙන්ගෙ වචන වලට යීබෝගේ හිතට පුංචිම පුංචි අස්වැසිල්ලක් දැනුනත් තවමත් අර මුලින්ම දැනුනු කම්පනය නම් නැති වී ගොස් නැත.......
" අක්කේ........."
තමන් අසලටම වී සිටින ජූලිගේ අතකින් අල්ලාගත් යීබෝ වචන අමුණන්නට උත්සාහ කරද්දී ජූලි යීබෝගේ හිස අතගෑවේය .......
" මමාද........"
ජූලි එලෙසින් අසද්දී ඔහු ඔව් යයි කියන්නට පමණක් හිස සැළුවේය.....යීබෝට සිටින්නේ තම මව පමණක් බව ඔහු ජූලි සමඟින් පවසා ඇත.....
" බෑග් එක රෙඩි කර ගන්න මම බොස්ට කියලා එන්නම්....... ශානුත් නෑනේ......අපි එයාට කෝල් එකක් දෙමු.........හ්ම්ම්ම්......."

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
10.. ?????? ??????.......?
Start from the beginning