පුදුමාකාර ලෙන්ගතු කටහඬකින් එලෙසින් පැවසූ ජූලි ආයතන ප්‍රධානියාගේ කාර්යාලයට ගියේය.....මෙතරම් වේලාවක් ඔහු තමන්ගේ අසුනට වී මේ කලබලකාරී සිදුවීම දෙස බලාගෙන සිටි අතර ජූලි දොර දෙසට ඇවිදගෙන එන බව දකිද්දී බොරුවට මෙන් ලැප් එක ඔන් කරගෙන කාර්යබහුල බවක් ඇඟ වූයේය......
" සර්........."
" කියන්න මිස් ජූලි......"
" අපේ යීබෝගෙ මමා හදිසියේම අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලලු......එයාට යන්න......."
" අසනීපයක් නම් යන්නම එපැයි.......ළමයා කලබල වෙලා නම් ඉන්නේ අපේ ට්‍රාන්ස්පෝට් එකක යවන්න...... "
පුදුමාකාර වැදගත් කටහඬකින් ඔහු එලෙසින් පවසද්දී ශාන්ගේ ටේබල් එක අසල ඇති ගේට් පාස් කොළයකුත් අතට ගත් ජූලි එය ඉක්මනින් සම්පූර්ණ කර ආයතන ප්‍රධානියාගේ අත්සනත් රැගෙන කාර්යාලයෙන් පිටතට එද්දී යීබෝ පිටව යන්නටත් සූදානම් වී අවසන්ය......
" ලොක්කා බැන්නද........"
යීබෝ තරමක් කුතුහලයෙන් යුතුව අසද්දී ජූලි සිනාසෙමින් ගේට්පාස් කොලය ඔහු අතට දුන්නේය .....
" ඔයාට බයික් එක යන්න හිත කලබලයි නම් transport එකකුත් දෙන්න කිව්වා......"
ඇය එලෙසින් කියද්දී කාර්යාලයේ දොර දෙස බැලූ යීබෝ සැනසුම් සුසුමක් හමුවේය...... මේ වෙලාවේ ඔවුන්ගේ මේ ලෙන්ගතු හැසිරීම ඇත්තෙන්ම යීබෝගේ හිතට සැනසීමක් එකතු කර තිබුණි........
" බයික් එකේ යන්න පුළුවන්ද........"
" පුලුවන් අක්කේ .......මං යන්නද........"
" හරි........ගිහින් මමාගෙ තත්ත්වය බලලා මට කෝල් එකක් දෙන්න........"
යීබෝ කෙටි සිනහවක් සමගින් හිස සලා විදුලි සෝපාන දෙසට යන්නට අඩියක් තබා යළිත් නතරවී ජූලි අසලට ආවේය.....
" මම ශාන් සර්ට කිව්වෙත් නැහැ......."
",ඔයා යන්නකෝ මම ඒක එයාට කියන්නම්........"
ඉතින් යීබෝ යන්නට ගියේය ... ඒත් සමගම මිස්ටර් හාපෙන් එතනට පැමිණි නිසා ඉතින් ඇත්තෙන්ම ඇය කාර්යබහුල වූ අතර යීබෝ පිටව ගිය බව ශාන් හට පවසන්නට අමතකව ගියේය.....ඊට පළවෙනි හේතුව ඉතින් යීබෝගේ වැඩත් ඇගේ පිට වැටීමයි.........

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
10.. ?????? ??????.......?
Start from the beginning