..
" දැන් කලබල වෙන්න පොඩ්ඩක්වත් ඕනේ නෑ........කලන්තයක් හැදිලා වැටෙන්න යනකොට කෑම කන්න ආපු එක්කෙනෙක් තමයි අල්ලගෙන තිබුණේ........ඇඟ හොඳටම දුර්වලයි කියලා තමයි කියන්නේ.......සේලයින් එකකුත් දීලා තියෙන්නේ......ආන්ටි නිදි........"
පුදුමාකාර කලබලයකින් රෝහල තුළට පැමිණි යීබෝ ඔහු ඉදිරියට පැමිණි චෙන්ගෙ අතකින් අල්ලා ගත්තේය ........ ඉතින් ඔහු තත්ත්වය එලෙසින් පැහැදිලි කරද්දී එක් පැත්තකින් හිතට සැනසීමකුත් අනිත් පැත්තෙන් හිතට මහා ලොකු වේදනාවකුත් යීබෝට දැනුනේය .....
" අපේ මමා ලඟ ඉන්නවා.......උඹ එතැනට ගිහිල්ලා පොඩ්ඩක් කතාබහ කරලා ඩොක්ටත් හම්බවෙලා වරෙන් කඩේ වහලා දාන්න යමු.......ඒත් උඹ ආපහු වැඩ පලට යන්න ඕනෙද....."
", නෑ නෑ.......මං ඕෆ්වෙලා ආවේ......."
යීබෝ ඉක්මනින් වාට්ටුව තුලට යද්දී සේලයින් එකක්ද අතෙහි රදවාගෙන නිදාගෙන සිටින මව නෙත ගැටුනේය ... කියන්නට නොතේරෙන වේදනාවක් හදවතට දැනෙද්දී බර හුස්මක් පිට කළ යීබෝ එතැනට ආවේය ........
" ආන්ටි ලිලී........."
කාත් කවුරුවත් නැති නගරයක තම මව සමගින් අසරණ වී සිටින ඔහුට මේ මොහොතේ මේ මිනිසුන්ව පෙනෙන්නේ දෙවිවරුන් ලෙසටයි........
" ආ.....පුතේ........බෙහෙතක් විඳලා සේලයින් එකක් දුන්නා.......ඇහැරවන්න ඕනෙද නිදාගන්න දෙනවද........"
" එපා එපා ආන්ටි.......නිදාගන්න දෙමු.......මම ඩොක්ටත් හම්බවෙලා කඩෙත් වහලා හවසට එන්නම්......හවසට ළඟ ඉන්න කවුරුහරි මම බලන්නම්........."
යිබෝ කෘතඥ පූර්වක බැල්මක් ඇය වෙතට හෙලමින් එලෙසින් කියද්දී ලිලී යීබෝගේ අතකින් අල්ලාගත්තේය ....
" වෙන කවුරුත් හොයන්න ඕන නෑ මම රෑට ඉන්නම් ....... කොහොමත් හෙට වෙනකොට මමාට හොඳටම අඩු වෙයි....... ඔයා කලබල වෙන්නැතුව ගිහිල්ලා කඩේ එහෙම වහලා මමාට ඇඳුම් අරගෙන එන්නකෝ......"
" හරි ආන්ටි........."
මේ මොහොතේ ඇයට ස්තුතියි යන වචනය පවසා මේ කරන උදව් අඩු තක්සේරු කරන්නට නොහැකි නිසා එපමණක් පැවසූ යීබෝ වාට්ටුවේ එක් කෙළවරක වාඩිවී සිටින වෛද්‍යවරයා අසලට ගොස් තම මව පිළිබඳව විමසුවේය......

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
10.. ?????? ??????.......?
Start from the beginning