抖阴社区

10.. ?????? ??????.......?

Start from the beginning
                                    

" එයා ගොඩක් දුර්වලයි.....ලෝ බ්ලඩ් ප්‍රෙෂර් ඇවිත්  ...... බිමටම වැටෙන්නේ නැතුව අල්ල ගත්ත එක ලොකු දෙයක්..... එකක් ඇඟ වෙහෙසලා මහන්සි කරන කෙනෙක් වගේ........සති දෙක තුනක් වත් රෙස්ට් කරන්න වෙයි..... අපි තව එයාගේ බ්ලඩ් වගයක් එහෙමත් පරීක්ෂණ වගයකට යවලා තියෙන්නේ   .... හවස් වෙනකොට ඒ වගෙත් රිපෝට්ස් එයි.......ඊට පස්සේ අපි කතා කරමුකෝ......"

වෛද්‍යවරයා එලෙසින් පවසද්දී යීබෝගේ හිතට සියුම් ලැජ්ජාවක්ද ඇතිවුනේය ..... සමහරවිට මේ තරම් උස මහතට සිටින තරුණ කොල්ලෙකුගේ මවක් ශරීරය දුර්වල වී රෝහල් ගත කිරීම ඔවුන්ගේ හැටියට ලැජ්ජාවක් වන්නට ඇත.....නමුත් මේ ඇය මෙලෙසින් අසනීප වන අවසන් වතාව බව යීබෝ  තමන්ගේම හදවතට දිවුරුම් දුන්නේය......

වෛද්‍යවරයා සමගින් කතාබහ කිරීමෙන් පසුව යළිත් වතාවක් තම  මව අසලට ගොස් සුදු මැලි වී ගොස් පියවී තිබෙන ඒ මුහුණ දෙස ටික වේලාවක් බලා ගෙන සිටි යීබෝ  වාට්ටුවෙන් පිටතට ආවේය.....

" යමං........."

මවගේ තත්ත්වය කෙලෙසින් දැයි යළිත් අසන්නට චෙන් හට උවමනාවක් නැත...... මීට ටික වේලාවකට පෙර වෛද්‍යවරයා ඔහු සමගින් ඒ සියල්ල පවසා තිබුණු අතර යළි යළිත් අසනීප පිළිබඳව කතා කිරීම හිතට වේදනාවක් ම වන නිසා දෙදෙනාම නිහඬව රෝහලින් පිටතට ඇවිත් දෙදෙනාගේම යතුරු පැදි වලින් ඔවුන්ගේ කඩය අසලට ආවේය.......

" doctor කියන විදියට නම් ආන්ටිට දවස් තුන හතරක් කලන්තේ කැරකිල්ල එහෙම තියෙන්න ඇති.."

කඩය අස් පස් කරන අතර  චෙන් එලෙසින් කියද්දී යීබෝ බර හුස්මක් පිටකලේය ....

" ලෝකෙ පෙරළුනත් කියන්නේ නෑනෙ මචං... මට පුංචි හච්චිමක් ගියත් මහා ලොකු දෙයක් ගානට අරගෙන මැරෙන්න හදනවා....... එයා ඔහොම්මමයි.......දැන් ඉතින් කොහොමත් එයාට ටික දවසක් යනකල් ආය කඩේ අරින්න දෙන්නේ නෑ......."

යීබෝ  ස්තිර කටහඬින් එලෙසින් කියද්දී ඔහු අසලට පැමිණි චෙන් යීබෝගේ කරට අතක් දමාගත්තේය ....

" හිත හදාගනින් උඹට ජොබ් එකක් හම්බ උනාට පස්සේ ආන්ටි මෙහෙම ආසනීප වෙච්ච එක ගැන......ඇත්තටම ඔබට දැන් බය නැතුව ආන්ටිට කියන්න පුළුවන්නේ ටික දවසක් රෙස්ට් කරන්න කියලා..."

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now