ඉතින් චෙන්ගේ කතාව ඇත්තක් බව සිහිවෙද්දි යීබෝගේ මුවින් සැනසීම පිරුණු හුස්මක් පිටවුණේය.....
ඉක්මනින් ඉක්මනින් කඩය අස්පස් කර දමා යීබෝ නිවසට ගියේ චෙනුත් තව පැයකින් යළිත් එන බව පවසා පිටව ගිය පසුවයි......
..
සවස තුනයි තිහ පමණ වන විට ෂාන් ඉක්මන් ගමනින් ආයතනය තුළට පැමිණි අතර සිව් වැනි මහලට ඇවිත් කාර්යාලය දෙසට ඇවිදගෙන එද්දී යීබෝගේ අසුන හිස්ව ඇති අයුරු දුටුවේය .... ඒත් සමඟම සමහර විට ආයතන ප්‍රධානියා ඔහුව කාර්යාලය තුළට කැඳවා ඇතිදැයි යන දෙගිඩියාවෙන් යුතුව කාර්යාලයේ දොර අසලට යන්නේ නැතුව ඔහු කෙලින්ම ජූලි අසලට ආවේය......
" අහ්........වැඩත් එක්ක මට ඔයාට කෝල් එකක් දෙන්න අමතක උනානේ?....... බෝගෙ මමා අසනීප වෙලා හොස්පිට්ට්ල් ඇඩ්මිට් කරලා ........ මම ලොක්කට කියලා ගේට් පාස් එකක් දාලා යැව්වා.......අවුලක් නෑ මම මීටින් එකේ රිපෝර්ට් එහෙම හැදුවා......"
ශාන්ගේ දෙනෙත් යොමුවී තිබෙන්නේ යීබෝගේ ටේබල් එකට බව දුටු ජූලි ඉක්මනින් කීවේය .... යීබෝගේ මව අසනීප වී ඇති වචනය ඇහෙදීම ශාන් හට සිහි වුණේ එදා පෙට්ටි කඩය අසලදී තමන් ඉදිරියට පැමිණ කතාබහ කළ ප්‍රියමනාප කාන්තාවගේ මුහුණයි......යීබෝගේ පෙනුමට හුගාක් සමාන ඒ රුව ශාන්ගේ මනසේ ඇදී නොපෙනී ගියේය ....
" අහ්........හරි ජූලි...........ස්ටාෆ් මීට්න් එකට කලින් මේ රිපෝට් එක ඉවර කරන්න ඕන........"
ඉතින් රැස්වීමට ඇත්තේ තවත් විනාඩි විස්සක් පමණ නිසා තවත් කාලය කා දමන්නට නොහැකිව ශාන් ඉක්මනින් කාර්යාලය තුළට ගියේය...
" බබාගෙ මමා අසනීප වෙලාලු අයිසේ....."
කාර්යාලයට ඇතුල්වී අසුනෙන් වාඩි වී වැඩ ආරම්භ කරන්නට හදද්දිම ශැන්ග් එලෙසින් පැවසුවේය ... ශාන් ඔහු වෙතට එක් බැල්මක් පමණක් තිලිණ කර වැඩ පටන්ගත්තේය .......
" නෝමල් යාලුවෙක් උනානං ගිහින් හරි බලනවා .......කොහෙද රෙද්ද ආයතන ප්‍රධානියා විදිහට ඔය හොස්පිට්ට්ල් අස්සෙ රිංගන්න යෑ.......අනික පෙට්ටි කඩ කාරියක් බලන්න ගියාම මගේ තත්ත්වෙට මොකක්ද වෙන්නෙ......"

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
10.. ?????? ??????.......?
Start from the beginning