ශැන්ග් එලෙසින් පවසද්දී ශාන්ගේ හිතට කියාගන්නට , දරාගන්නට නොහැකි කේන්තියක් ඇතිවුනත් ඔහු ඉවසුවේය .....
පෙට්ටි කඩකාරියක් බලන්න යනකොට තමන්ගේ තත්වෙ මොකක්ද කියලා හිතෙන #ල්ලට ඒ කොල්ලව ඇඳට ගන්න හිතනකොට මොනවද දන්නෑ හිතෙන්නේ?..... කාලකණ්නි බල්ලා......මට උගෙ බෙල්ල අනිත් පැත්ත යන්න දෙකක් ගහන්න විදිහක් නෑනේ....... අසහනේ පිටකරගන්න එවුන් ඇදට ගන්න හොදයි......තිරිසනා..........
හිතට නැකුණු ආවේගය ශබ්ද නගා පිට කරන්නට නොහැකි වුණත් ඉතින් ශාන් යට හිතින් ඒ කර්තව්‍ය හරි අපූරුවට ඉටු කරන අතරම ඉක්මනින් ඉක්මනින් ඔහුගේ රාජකාරී අවසන් කළේය.....
ස්ටාෆ් මීට්න් එක අවසන් වී කාර්යාලයට එද්දී ශැන්ග් පිටව ගොස් තිබුනි....... ඇත්තෙන්ම ශාන් හට ආයතන ප්‍රධානියාගේ මේ දැඩි නිහැඬියාව සහ හික්මීම දැනෙන්නේ සුනාමියකට පෙර මුහුදේ පවතින දැඩි නිහැඬියාවක් ලෙසටයි......
සේවය අවසන් වන්නට තවත් විනාඩි කිහිපයක් තිබියදී බර හුස්මක් පිට කරමින් අසුනට බර වූ ශාන් දුරකථනය අතට රැගෙන යීබෝට ඇමතුමක් අරගත්තේය....
ආයතනයට පැමිණි සැණින් , යීබෝගේ මවගේ අසනීපය පිළිබඳව දැනගත් සැනින් ඔහුට දුරකථන ඇමතුමක් ලබාගන්නට අවශ්‍යතාවය තිබුණත් ඒ මොහොතේ ඔහුට එලෙසින් සිදු කරගන්නට නොහැකි වූයේ වෙලාවට කලාවට අවසන් කරන්නට තිබෙන රාජකාරී ඊට හරස් වූ නිසාවෙනි.....
ශාන්ගේ දුරකථන ඇමතුම ලැබෙද්දී යීබෝ සිටියේ මවට අවශ්‍ය කරන සියලුම දේවල් සූදානම් කරගෙන නිවසෙන් පිටතට ඇවිත් දොර අගුළු දමන අතරයි .... මිස්ටර් ශාන් ලෙසින් නාද වන දුරකථනයේ තිරයේ සටහන් වී තිබෙද්දී එක්වරම හිතට කුතුහලයක් ඇතිවුණත් , සමහරවිට තමන් අතින් අතපසුවනු රාජකාරියකට කෑගසන්නට ගන්නවා වන්නට ඇතැයි කියා සිතුනත් දෙවරක් හිත හිතා ඉන්නට කාලයක් නැති නිසාම ඔහු දොර වසා දමා යතුර සාක්කුවට දමා ගන්නා ගමන්ම ඇමතුම සම්බන්ධ කර ගත්තේය.....
" හෙලෝ සර්.........."
" අහ්.......යීබෝ ............ මමාට දැන් කොහොමද ........"
කිහිප වතාවක්ම දුරකථනය නාද වෙද්දී අනෙක් පසින් ඇමතුම සම්බන්ධ කරගත්තේ නැති නිසා යීබෝ ඇමතුම සම්බන්ධ කර නොගනීවියයි බලාපොරොත්තු සුන් වූ ලෙසින් සිටියදී එක්වරම යීබෝගේ හඩ අනෙක් පසින් ඇසෙද්දි ශාන් තිගැස්සී ගියේය.... ඉතින් අපහසුවෙන් නමුත් වචන අමුණගෙන ඔහු තරමක් මෘදුව එලෙසින් ඇසුවේය ........

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
10.. ?????? ??????.......?
Start from the beginning