" දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ ගෑණු ළමයිව පැහැරගෙන ගෙනිහිල්ලා දූෂණය කරනවා කියලානේ....... එතකොට පිරිමි ළමයිව දුෂණය කරන සීන් තියෙනවද......"
යීබෝගේ ප්‍රශ්නයට නියෝ කලබල වුනේ නැත.......සම්ප්‍රදායෙන් පිරුණු ගම්මානයකින් පැමිණි ඔහුව ආශ්‍රය කරන්නට පටන් අරගෙන මේ වන විට වසරක් ගත වී තිබෙන අතර යීබෝගේ සිතුම් පැතුම් පිළිබඳව නියෝ හොඳින්ම හඳුනන්නේය..... ඔහුගේ සිතුම් පැතුම් පටු වන නමුත් නවීන අදහස් වලට අනුගත වෙන්නටත් අකමැත්තක් නැත.....ඉතිං ඒ නිසාම දේවල් ඔහුට පැහැදිලි කිරීම පහසු වන්නේය...
" මං හිතන්නේ අද කාලේ ගෑණු ළමයෙකුටත් වඩා පරිස්සම් වෙන්න ඕනේ පිරිමි ළමයෙක්......."
" ඇයි........"
" දැන් ගෑණු ළමයිව පරිස්සම් කරන්න ගොඩක් අය ඉන්නවනේ.....ඒ වුණාට පිරිමි ළමයින්ට කියන්නේ අනේ ඉතිං උන් කොල්ලොනේ උන් දැනගන්න ඕනේ පරිස්සම් වෙන්න වගේ දෙයක්නේ.......ඉතිං එතකොට ගොඩක් වෙලාවට ඔය කාම තුරයන්ගේ බැල්ම අහිංසක පිරිමි ළමයින්ට වැටෙනවා......."
එතැන් පටන් දෙදෙනා අතර කෙටි නිහඬියාවක් පැවතුණු අතර යීබෝ යලිත් ඔහුගේ හඩ අවදි කලේය ......
" එහෙ ගමේ කොලේජ් එකට යන කාලෙ පිරිමි ළමයි, පිරිමි ළමයි යාළු වෙලා ඉන්න සිද්දි අහල තිබුණා......ඒත් මෙහෙම පිරිමි ළමයිව ගෙනිහිල්ලා දූෂණය කරනවා වගේ කතා මම අහලා තිබුණේ නැහැ....... මම හිතුවෙ පිරිමි අතර ඉන්නකොට පිරිමි කෙනෙක් ආරක්ෂිතයි කියලා......."
" එතකොට දැන් අනාරක්ෂිතයි කියලා හිතෙන්න තරම් සිද්ධ වෙච්ච දේ මොකක්ද ......"
නියෝ යීබෝ දෙස සෘජුව බලාගෙන එලෙසින් ඇහුවෙ ඇත්තෙන්ම ඔහු ව්‍යාකූලවී ගිය කටහඬකින් කතා කරන බව අවබෝධ වුණු නිසාවෙනි.... මෙතන කවුරුන් හෝ පැවසූ , එසේත් නැතිනම් කාටවත් සිදුවූ සිදුවීමක් කියනවාට වඩා යමක් තිබෙන බව ඔහුගේ හැසිරීමෙන් කුඩා කල පටන් ෂැන්හයිවල තෙම්පරාදු වී සිටින නියෝට අවබෝධ වුනේය ....
" හ්ම්ම්ම්.............මේක මට වෙච්ච දෙයක්.......................................................................................................අන්තිමට එයා කිව්වෙ උඹටයි මටයි දෙන්නටම වගේම අපිට උදව් කරපු හෝටලේ ඉන්න මනුස්සයටත් මේ ජොබ් එක වටින හින්දා මිනිසුන්ගේ හැටි දැනගෙන පරිස්සම් වෙන්න පුරුදු වෙයන්.....දැන් ගෙදර යන්න , සදුදා වැඩට එන්න කියලා ......."

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
12..... ?????????? ?????? .....?
Start from the beginning