ඒ දෙන්නා එක ළඟ ඉන්නකොට මූණ වල තියෙන හිනාව....... මිල කරන්න බෑ......❤💚💛
.
.
.
.
.
." මං එනකල්ම හිටියද........"
බාගෙට පණ ගිහින් සිටින නියෝ යීබෝ අසලම බංකුවෙන් වාඩිවී අසද්දී වෙරෝනිකා උණු උණු සුප් බඳුන් දෙකක් රැගෙන නිවසින් පිටතට ආවේය.......
" ඇන්ටි නිදිත් නැද්ද තාම ......."
නියෝ සිනාසෙමින් අසද්දී ඇය කිසිවක් පවසන්නේ නැතුව සුප් බඳුන් දෙක දෙදෙනා අසලින් තබා නියෝගේ හිසත් අතගාගෙනම යන්නට ගියේය ....
" පව් ඇන්ටි......ඔයා නේද කිව්වෙ මං එනකොට බොන්න සුප් හදන්න කියලා ......"
නියෝ යීබෝ දෙසට මවාගත් කෝපයකින් බලමින් කියද්දී යීබෝ නියෝට ටොක්කක් ඇන්නේය ....
" බොරුව නොදා කාපිය...... අපි රෑට හදපු සුප්......ආය අමුතුවෙන් හැදුවෙ නැ........"
අමනාප මුහුණක් පෙන්නුවාට ඉතින් මේ මොහොතේ ඔහුගේ අතට ලැබුණු මේ දිව්‍යමය භෝජනය ඔහු සතුටු සිතින් භුක්ති විඳින්නට පටන් ගත්තේය......රාත්‍රියට දෙවතාවක් ආහාර ගත්තාට අතුරු ආබාධයක් ඇති නොවන බව සිහි කරමින් යීබෝත් දෙවැනි සුප් බඳුන හිස් කරන්නට පටන් ගත්තේ දහය වෙනතුරු එළියට වී හිඳීමෙන් ඔහුගේ සිරුරේ ශක්තිය වැය වී තිබෙන බවත් සිහිකරන අතරයි.........
" මේ දවස් ටිකේම ආපහු රෑ වැඩ වැටුණේ ඇයි?......"
ආහාර ගන්නා අතරම යීබෝ අසද්දී හිස ඔසවා ඔහු දෙස බැලූ නියෝ යීබෝවත් විසිවී යන තරමට බර හුස්මක් පිටකලේය ........
" workstudy manager කියලා අලුත් එකෙක් ඇවිත් ඉන්නවා...... මිනිහත් එක්ක බේරෙන්න බෑ අයියේ...... විශ්වාස කරනවද මං අදත් වැඩ කරේ ඕටි නැතුව කියලා ........"
නියෝ මුහුණත් අමුතු කරගෙන කියද්දී විශ්වාස කරන බව පවසන්නට මෙන් යීබෝ හිස සැලුවේය ........
" අපිත් ඔන්න ඕටි අඩු කරන්න කියලා ලොක්ක කෑගහලා......ඒ හින්දා අද මං බේරුනා......"
යීබෝ එලෙසින් කියද්දී ඒ කතාව අසන්නට තමන් සූදානම් බව පවසන්නට මෙන් නියෝ යීබෝගේ මුහුණ දෙසම බලාගෙන සිටියේය ........ඉතින් හැමදාමත් මෙන් ඔහුගේ ගැලවුම්කරු රාත්‍රී සේවයෙන් ඔහුව ගලවා ගත් අයුරු යීබෝ අටුවා ටීකා ටිප්පනි සහිතව කියද්දී නියෝත් කේන්තියෙන් යුතුව ඊට ඇහුම්කන් දුන්නේය......

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
16....???????? ??????....?
Start from the beginning