එතැන් පටන් ඉතින් 4.45 වනතුරු ශාන් සෑහෙන කාර්යබහුල වූ අතර යීබෝට නම් ඉස්පාසුවක් නැති උනේය....... අද මේ මුණගැහෙන්නට යන්නේ මේ වනතුරු ශාන්ගේ ජීවිතයට සැනසුමක් ගෙන ආ එකම පවුලේ සාමාජිකයාවයි.......ඇය අසලදී ශාන්ගේ හිතට සැනසීමක් ගෙන එන නිසාම යීබෝටත් ඇය සුවිශේෂී පුද්ගලයෙක් වී අවසන් ය........
📥 ගේට් පාස් එක අත්සන් කරලා තියෙන්නේ ...... ඇවිත් අරගන්න.....
තවමත් ඉතින් පුහුණු සේවකයෙක් නිසා විනාඩි දහයකට හෝ පෙරාතුව ආයතනයෙන් පිටව යනවා නම් යීබෝට ශාන්ගේ අනුමැතිය අත්‍යවශ්‍ය වන්නේය.....අනෙක් අතට ඉතින් දෙදෙනාටම එකවර පිටව යන්නටත් නොහැකි නිසා යීබෝ හතරයි තිහට පිටව යන්නට අවසර දෙන ලෙසට ශාන්ගෙන් ඉල්ලා සිටියේය .......
ශාන්ගේ කෙටි පණිවිඩය දුටු සැනින් ඔහු කාර්යාලයේ දොරට තට්ටු දෙකක් දමා ඇතුලට ගොස් වැඩි කතාබහක් නැතිව ගේට් පාස් එක රැගෙන පිටතට ආවේ කොහොමත් ආයතනය තුළදී නිසියාකාරව හැසිරෙන්නට ඔවුන් දෙදෙනා කතා කරගෙන සිටින නිසා වන්නට ඇත....
කාර්යාලය තුළ cctv කැමරා සවිකර තිබෙන බව ඉතින් නොරහසකි......ඒ නිසාම කාර්යාලය තුළට යීබෝ ආවත් රාජකාරී මට්ටමෙන් යමක් කතාබහ කිරීම ඇරෙන්නට වෙනත් කිසිවක් සිදුවන්නේ නැත..... සමහර විට මිස්ටර් Rouyun කාර්යාලය තුළ සිදුවන සියල්ල පිළිබඳව විමසිල්ලෙන් සිටින බව ශාන් අනුමාන කරන්නේය.......
" දැන් විනාඩි පහළොවක් කලින් එළියට ඇවිල්ල මොනවද කරේ?......"
හතරයි හතළිස් පහ වන විට ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට පැමිණි ශාන් ටික දුරක් පයින් ඇවිදගෙන ඇවිත් බස් නැවතුම්පොළට මදක් එහායින් නතර කර තිබුණු යීබෝගේ යතුරුපැදිය අසල හිටගත්තේය......
" ජූලි අක්කගෙන් අහගෙන ගෑණු ළමයි ආස මොනවටද කියලා මේ මම ගත්තා මේකප් සෙට් එකක් ........"
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
29.... ???? ?????? ?????? .......?
Start from the beginning