抖阴社区

32... ???? ?????? ??????....?

Start from the beginning
                                    

" එයා මේක කවද හරි දැනගන්නවා මමා.....ඒත් මේ වෙලාවේ අපි කවුරුහරි ඕක එයාට කිව්වහම රටේ නැති දේවල් හිතන්න ගන්නවා......ඊට පස්සේ ඔයා කොච්චර හොඳට කතා කලත් එයා හිතන්නෙ ඔයා අවුලෙන් කියලා ...... ඒක නිසා අපි දැනට පොඩ්ඩක් සද්ද නැතුව ඉමු.......එයා ඔය වැඩේ මෙතනින් නතර කරන එකක් නෑනේ......"

යීබෝ  එලෙසින් පවසද්දී වෙරෝනිකාත් එය ඉතසිතින් පිලිගත්තේ ශාන්ගේ හැටිත් හොදටම දන්නා නිසාවෙනි........

" ලස්සනට බැලුවොත් කොයිදේත් ලස්සනයි නේද බෝදි......හ්ම්ම්ම්......"

එපාට්මන්ට් එක ආසන්නයට එද්දී යීබෝගේ ඉන දෙපසින්ම අත්දෙක දමාගෙන ඔහු තදින්ම වැලඳගනිම්න් ශාන්  කියද්දී යීබෝ යතුරුපැදියේ වේගය මදක් අඩු කරගෙන ඔහු එය පාලනය කරගත්තේ......

" චංගා.........."

යනුවෙන් තරමක් හඩින් කෑගසන අතරයි ....

" ඉතින් මේවට හුරුවෙන්න ඕන පිත්ත මල......උම්මා ......."

යීබෝ  කෑගැසුවාට ඒවා සත පහකට ගණන් ගන්නේ නැතුව ශාන්  තව ටිකක් තදින් ඔහුව වැලඳ ගත්තේ තවත් විනාඩි දෙක තුනකින් ඔහුගෙන් සමුගන්නට සිදුවන නිසාවෙනි.....

" චංගා........."

" හ්ම්ම්ම්........"

" ඔච්චර තදින් බදාගන්න එපා මං කොහොමද ඉස්සරහ බලාගෙන යන්නේ...."

" එහෙනම් ඉතිං ඔය අයිනක් අල්ලලා මේක නතර කරලා මේ පැත්ත හැරෙන්න ......"

" ඔයා නම් අනේ මන්දා......"

අමුතුම කටහඬකින් ශාන් එලෙසින් කියද්දී යීබෝ සිනාසෙමින්ම ඇවිත් එපාට්මන්ට් එක ඉදිරියේ යතුරුපැදිය නතර කළේය..... ෂාන් නොදන්නවා උනාට ඉතින් අද කොයිකටත් කියා චෙන් සහ නියෝ ඔවුන් සමග මීටර් කිහිපයක පරතරයක් තියාගෙන ඈතින් ඇවිත් යතුරුපැදි නතර කරගෙන සිටින්නේ බයකට නම් නොවේ , සෙලීනා කවුරුන් හෝ ලවා යීබෝගේ  ජීවිතයට අනතුරක් සිදු කරාවි යැයි ඇතිවුණු සාධාරණ සැකය නිසාවෙනි......

ඇය හැසිරුණු කෑගැසූ ආකාරයට ඉතින් එවන් දෙයක් සිදු කරන්නටත්  ඉඩ තිබෙන බව සැක නොහිතන්නේ කවුරුන්ද.......

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now