" ආයෙ ඔයාව කොහොමත් යවන්නේ නෑ....... "
යීබෝ එලෙසින් කියද්දී ශාන් තවත් බර හුස්මක් පිටකලේය .....
", තේරුම් ගන්නෙ නැති මිනිස්සුන්ට තේරුම් කරලා දීලා වැඩක් නෑ චංගා......ඒ මිනිස්සුත් එක්කම ගමනක් යන්න ඔයා අවුරුදු ගානක් උත්සාහ කරා නේ......අවසානෙට ඔයා හති වැටුණු එක විතරයි වුණේ......ඒක හින්දා දැන් අපි නිදහසේ මේ ගමන යමු.......හ්ම්ම්ම්........"
,යීබෝ ආදරණීය ලෙසින් එලෙසින් කියද්දී ශාන්ගේ යීබෝගේ කුස මත මුහුණ තිබියදීම ඇස් දෙක පමණක් ඔසවා යීබෝගේ මුහුණ දෙස බැලුවේය........
" ඔයා තමයි මගේ එනර්ජි එක........ කොහෙන්ද මගේ ලෝකෙට ආවේ බෝධි......"
ශාන් ඔහුගේ සාමාන්‍ය කටහඬින් එලෙසින් අසද්දී දැන් ඔහුගේ දුක වේදනාව තුනී වී තිබෙන බව අවබෝධ කරගත් යීබෝ හරි අපූරු සිනහවක් තිළිණ කළේය.......
" ඔය හිනාවට පුළුවන් මගේ හුස්ම නතර කරන්න....."
යීබෝගේ ආදරණීය සිනහව දෙස ටික වේලාවක් බලාගෙන සිටි ශාන් එලෙසින් පවසන අතරම යීබෝගේ කමිසය අස්සෙන් ඔළුව දමාගෙන නිරුවත් කුස මතට දෙතොල් තදකලේය .....
" චංගාහ්........"
කාලගුණය මෙන් වෙනස් වන ශාන්ගේ මේ ගතිගුණ සමහර වෙලාවල් වලට ඉතින් යීබෝට දරාගන්නටත් නොහැකිය....... ශාන් ඔහුගේ දෙතොල් ඒ කුස මත තද කරගෙනම ඇස් දෙක පියාගෙන සෑහෙන වෙලාවක් සිටි අතර , තමන්ව ප්‍රතික්ෂේප කරන තැන් වලින් ඉවත් වූ පසුව ඔවුන් පිළිබඳව හෝ එය සිදුවීම් පිළිබඳව කල්පනා කර හදවත රිදවා ගැනීම තේරුමක් නැති බව සිතා ගත්තේය.....තමන් වේදනාවෙන් සිටින විට තමන් අසලින් සිටින තමන්ගේ ආදරණීයයන් පවා වේදනාවට පත්වන බව ඔහු කල්පනා කළේය......
" උම්මා උම්මා උම්මා ........"
තවත් හාදු කිහිපයක් ඒ කුස මතට තබා ශාන් ඔහුගේ හිස කමිසයෙන් පිටතට ගත් අතර දොර වසා තිබෙනවාදැයි දොර දෙසත් බලා යීබෝව දෙපා මතින් වාඩි කරවා ගත්තේය.......යීබෝ ශාන්ගේ කරවටා අත්දෙක දමාගෙන නලලට නලල හේත්තුකරගත්තේය ....
" මට කියන්නකෝ දැන් අලුත් සෙක්ෂන් එක ගැන...... ගිහිල්ලා දවස් දෙකක් වෙනවනේ......"

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
36.... ???? ?????? ?????? ..... ?
Start from the beginning