" මොකටද.................මොකටද මම ගෙවල් පැත්තෙ එන්නෙ......."
ශාන් සුපුරුදු කේන්තිය පිරුණු කටහඬින් එලෙසින් අසද්දී යළිත් අනෙක් පස ඇත්තේ නිහඬියාවක්ම පමණකින්........ඇය පිළිතුරු ලබා දෙන තුරුම ශාන් යළිත් කිසිවක් පවසන්නට ගියේ නැත....
" මද්දු හම්බ කරන එකෙන් අපි හතර පස් දෙනෙකුට ජීවත් වෙන්න අමාරුයි......"
" ඉතින්.........ඉතින් දැන් මට මොකක්ද කරන්නේ කියන්නේ?...... "
" ලොකූ.......ගෙදර මිනිස්සු බඩගින්නේ මැරිලා යනවා බලාගෙන ඉන්න උඹට පුළුවන්ද......."
සෙලීනා පුදුමාකාර සන්සුන් බවකින් යුතුව එලෙසින් අසද්දී ශාන්ගේ මුහුණට සිනහවක් මතුවුනේය .....
" මම හිතන්නේ නෑ මට ඒකත් බැරිවෙයි කියලා ......මම ඉතින් ඔයාලට වඩා වෙනස්නේ......අසහනකාරයෙක් කිව්වා , සමලිංගිකයෙක් කිව්වා.....පපා මගෙ සල්ලිත් එපා කිව්වා......මං ඔයාලගේ පවුලේ කෙනෙක් නෙවෙයි කියලා හිතාගෙන ජීවත් වෙන්න ඔයාලා පුරුදු වෙන්න.....'
" ලොක්..........."
" මමා..........මං මේ බොහොම හොඳින් කියන්නේ.....වෙච්ච දේවල් අමතක කරලා දාලා මැරිලා ඉපදුනා වගේ ජීවත් වෙන්න මට කොහොමටවත් බෑ......ඔයාලා ඔයාලගේ පාඩුවේ ජීවත් වෙන්න මම මගේ පාඩුවේ ජීවත් වෙන්නම්.....මාව කොහොමත් ලැජ්ජාවක්නේ ඔයාලට.....මම දැන් ජීවත් වෙන්නේ මාව ලැජ්ජාවක් වගේ නොදැනෙන මිනිස්සු කොට්ඨාසයක් එක්ක...... ආයෙ මට කෝල් කර කර කරදර කරන්න එපා....මගේ සල්ලිත් එපා කියලා අප්පිරියාවෙන් මග දිහා බලපු ඔයාගේ හස්බන්ට කියන්න අතපය හොල්ලලා රස්සාවක් කරන්න කියලා.... බෙදලා දෙන එක තනියම කන්න බැරුව හිටපු ඔයාගේ චූටි පුතත් දැන් හරි ලස්සනට බෝට්ටු රස්සාවක් කරන්නේ...............මං තියනවා........"
wash room එක තුළ කිසිවෙක් නැති බව අවබෝධ කරගත් ෂාන් කියන්නට තියෙන සියල්ල ඉතාමත් පහත් හඬින් එක හුස්මට පවසා අවසානයේ දුරකථන ඇමතුම අවසන් කර දැමුවේය......පසුව බරමබර හුස්මක් පිට කළ ඔහු මූණත් ටිකක් හෝදාගෙන යලිත් කාර්‍යාලය තුලට ආවේය .....මෙවන් සිදුවීම් නිසා වෙනදා හදවතට දැනෙන වේදනාවක් නම් අද ඔහුට දැනෙන්නේවත් නැත..... ඇත්තෙන්ම දැනෙන්නේ හිතට සැහැල්ලුවක් පමණකි........

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
38... ???? ?????? ??????....?
Start from the beginning