抖阴社区

41.... ?????? ??????? ?????? ....?

Start from the beginning
                                    

මේ ඉතින් ඕඩරය නිසි ආකාරව යවාගන්නට නොහැකි ඌ දින සන්ධ්‍යාවයි.... ෂාන් සමඟ යළිත් නිවසට එන අතර ඉතින් ආයතනයේ ඕපාදූප පැවසීම යීබෝගේ  දවසේ රාජකාරිය අතරට එකතු වී ඇත.....ඉතින් අද ඔහුට පවසන්නට විශේෂ කතාවක් තිබෙන අතර යතුරුපැදියට නැගුණු පසුව ෂාන් එය පණ ගන්වන්නටත් පෙර විස්තර කතා කරන්නට පටන් ගත්තේය......

" ඔයාව තර්ජනය කරලා ආපහු ගෙන්න ගෙන වැඩ ගන්න හැදුවේ......ඔයා දන්නවද අද දවල් ඉඳලා හෙඩ් ඔෆිස් එකෙන් කී දෙනෙක් ගෙන්නුවා ද කියලා.... මිස්ටර් හෙන්රි ආවා, අර ඇන්ඩෲ නං දැන් ඔෆිස් එකේ රිංගගෙනමනේ ඉන්නේ.... ආය කවුද අර සුදු උස ලේඩි........"

" ආ........ මිස් ශියා ........"

" ඕ......එයත් ආවා......... production ඒරියා එකේ ලයින් දෙකක් නතර කරලා ළමයි අරගෙන වැරදිච්ච ලේබල් හැදුවා.......ඒත් ඉතින් වැඩේ ඉවර කරගන්න බැරි උනා......."

යීබෝ  එලෙසින් කියද්දී ශාන් බරම බර හුස්මක් පිටකලේය .... මේ මොහොතේ ඔහුට තමන් පිළිබඳව ආඩම්බර වෙන්නට හොඳටම හැකියාව තිබුණත් ඒ වෙනුවට ඔහුගේ හිතට දැනුනේ කළකිරීමක්ම පමණකි........

අදත් ශාන්  එදා හෝටලයේදී යීබෝට  උදව් කළ ටාකේස්ගේ මිතුරෙකු මාර්ගයෙන් ආයතනයකට ගියත් ඉනුත් සුබවාදී පිළිතුරක් ලැබී නැති බව ඔහුගේ ඉරියව්වෙන්ම යීබෝ තේරුම් ගත්තේය .......

" අර මනුස්සයට හරියට දෙයක් කියලා දෙන්නවත් වුණේ නෑනේ....... දැන් ඉතින් අනාගෙන නටනවා...... ඒ මිනිස්සුන්ට කොහොම හරි ඕවා හැඩල් කරගන්න පුළුවන් බෝදියා......කෝටි ගානක පාඩුවක් වුණත් විඳ ගන්න බැරි කමක් නෑනේ......"

ශාන්  වේදනාව පිරුණු කටහඬකින් එලෙසින් කියද්දී යීබෝ ශාන්ගේ ඉන මඳක් තදින් මිරිකා අල්ලා ගත්තේය......

" චංගා........."

ශාන්ගේ සවන්පත් අසලටම ලංවී හඬ තරමක් වෙනස් කරමින් යීබෝ කතාකරද්දී ශාන්  ඉක්මනින්  යතුරුපැදියේ වේගය මදක් අඩුකලේය .......

" මොකද.......හ්ම්ම්ම්......."

" ෂූයෑන්ග් අයියා පරක්කු නම් එපාට්මන්ට් එකට ගිහින් යමුකො......"

යීබෝ  කවදාවත් නැතුව බලහත්කාරයෙන්ම එපාට්මන්ට් එකට යමු යැයි කියද්දී ඉතින් ශාන්ගේ අතින් යතුරුපැදියේ පාලනය ගිලිහෙන්නටත් ගියේය.....ඉතින් ඔහු ඉක්මනින්ම යතුරුපැදිය පාරේ අයිනකට කර නතර කර ලැජ්ජාවෙන් රත් පැහැවී අහක බලාගෙන සිටින යීබෝ දෙස අංශක 180 ක් පමණ බෙල්ල හරවා බැලුවේය......

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now