抖阴社区

46...?????? ?????? ?????? .... ?

Start from the beginning
                                    

" චංගා හපන්න නම් ඔට්ටු නෑ.....හුම්......."

යිබෝ  මුහුණත් අමුතු කරගෙන කියද්දී ශාන්  යීබෝගේ  කොපුළක් මතින් යළිත් බරම බර හාදුවක් තැබුවේය.......

" පරිස්සමෙන් යන්න....... ඉක්මනින් එන්න..... '"

ඉතින් අවසානයේ යීබෝ පිටව යද්දී  ශාන්  අතපය හිරි ඇර ගනිමින් යළිත් වැඩ මේසය අසලින් අසුන් ගත්තේය.....ගෙවී ගිය සති දෙකක කාලය පුරාවට බොහෝ වෙනස්කම් සිදු වුණේය....මේ වන විට ශාන්ගේ වෙබ් සයිඩ් එකට වැල නොකැඩී ඇනවුම් ගලා එන්නට පටන් ගෙන තිබෙන අතර ඔහුගේ ආදායමත් ටිකෙන් ටික ස්ථාවර තත්ත්වයට පත් වන්නට පටන් ගෙන තිබුණි .....

ඇත්තෙන්ම ශාන්ගේ  නිර්මාණශීලී හැකියාව නිසාවෙන්ම එක් වරක් ඔහුගෙන් ඩිසයින් එකක් ලබාගන්නා බොහෝ ආයතන , වෙළඳසැල්  ඊළඟ ඇණවුමත් ඔහුට භාර දෙන්නට දෙවරක් හිතන්නේ නැත.....

fabric designs හැරුණුකොට මේ වන විට ප්‍රින්ටින්ස් , graphic designs , ලෝගෝ ඩිසයින්ස් ආදී පුළුල් පරාසයකට විහිදී යන පරිද්දෙන් ශාන් ඔහුගේ හැකියාව බොහෝ දෙනෙකුට පෙන්වා අවසන්ව තිබෙන අතර සමහර දවස්වලට බාරගත් ඇනෝම් අවසන් කරගන්නට නොහැකි වන තරමට ඔහු කාර්යබහුල වන්නේය......

ඉතින් ගෙවී ගිය සති දෙකක කාලය තුළ හිතට සතුට ගෙනෙන ආරංචි කිහිපයක්ම අසන්නට හැකිවුණේය.....ඉන් පළවෙනි කාරණාව වන්නේ ජිලින්ග් ටිකෙන් ටික වෙනස් වීම පිළිබඳවයි....

ගිය සතියේ ඉරිදා මෙයි ලියාන්ව බලන්නට නිවසට යද්දී ඇත්තෙන්ම ඇය පුදුමාකාර සතුටකින් මෙයි සමඟින් ජීලින්ගේ වෙනස පිළිබඳව පවසා තිබුණි......

" ක්ලිනික් එකට ඇඳගෙන යන්න ඇඳුමක්  පපා අරන් දෙයි අරගෙන එන්න කියලා මම කිව්වට පස්සේ මට කිව්වා හවස හතර වෙද්දි ටවුන් එකට යන්න ලෑස්ති වෙන්න කියලා......ඇත්තටම මම හිතුවේ නෑ එයා හතර වෙද්දි එයි කියලා......තුනයි හතලිස් පහ වෙනකොට මේ මනුස්සයා ගෙදර ආවා.... ඒ කරලා මාව එක්කගෙන ගිහිල්ලා ඇඳුම් දෙකකුත් අරන් දීලා මට ටවුන් එකෙන් රෑට කන්නත් අරගෙන දුන්නා......හොඳම කාරණාව කියන්නේ මෙයි පහුවෙනිදා වැඩට එන්නෙ නෑ කියලා පපාට කියලා නිවාඩුවකුත් දාලා ඇවිල්ලා මාව ක්ලිනික් එක්කගෙන ගියපු එකනේ......."

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now