抖阴社区

47.... ?????? ??????? ?????? ....?

Start from the beginning
                                    

" ශාන්  දෙතුන් වතාවක්ම මට එයාගේ පිච්ච මල ගැන කියල තිබුනට අද තමයි ඔන්න දැක්කෙ......"

කැතී යීබෝ අතට කුමක් හෝ ත්‍යාගයක් ලබා දෙමින් එලෙසින් කියද්දී ඔහු ඉතින් සුපුරුදු පරිදි මදක් ලැජ්ජාවට පත්වී ශාන්ගේ අතකින් අල්ලාගත්තේය .....

සියලුම දෙනා කා බී  ප්‍රීති වී පිටත්ව යද්දී  ලියාන් ශාන් සහ යීබෝ  අසලට ආවේය ... ඇය මෙයි සමගින් ටිකක් ඇවිදින්නට යන බව ජීලින්ට පැවසුවාට මෙතනට එන බව පවසා තිබුණේ නැත.....

" චූටි හදිසියේම මාව එක්කගෙන ආපු හින්දා ඉතින් මට මොනවත් ගේන්න බැරි උනා......සුභ උපන්දිනයක් යීබෝ අයියේ......."

ඇය ඉතින් ලෙන්ගතු ලෙසින් එලෙසින් පවසද්දී ශාන්  ඇගේ හිස අතගෑවේය....... ප්‍රමාණයෙන් මෙන්ම පෙනුමෙන් ඇයත් ඉතින් ශාන්ට ඇගේ චූටි මෙන්ම පෙනුනේය දැනුනේය ....

" කිසිම දෙයක් ඕනේ නැහැ ආපු එක තමයි වටින්නේ.......බඩ පිරෙන්න කෑව නේද......"

හිස අතගාන ගමන්ම ෂාන් එලෙසින් අසද්දී ඇය ඔවු යැයි කියන්නට හිස සැලුවේය.....ඉතින් ශාන්  කැබ් එකකට කෝල් කර ඇයව මෙයි සමගින්ම පිටත් කර  යැවූ අතර ලැබුණු තෑගි බෝග ටිකක් සමග වෙරෝනිකාවත් කායිලා සමගින් නිවසට පිටත් කර යවා දැන් මේ එපාට්මන්ට් එකට ඇවිත් සිටින්නේ උපන්දින සාදයෙන් පසුව ෂූයෑන්ග්  නියෝ සමග ටිකක් ඇවිදින්නට ගිය නිසාවෙනි ....

" හැබැයි ඉතින් දුක් වෙනවට වඩා මට ආඩම්බරයි චංගා......"

" ආඩම්බරයි ...... මොනවටද ඉතින් මගේ සූද  මලට ආඩම්බර....."

ශාන්  යීබෝව තවත් ටිකක් ඔහුගේ පපුවට තුරුලු කරගන්නා ගමන් අසද්දී යීබෝ ශාන්ගේ ගෙල මතින් හාදුවක් තැබුවේය ....

" මගේ චංගට දැන් මගේ උපන්දිනය වෙනුවෙන් ලොකු පාටි තියන්න තරම් වත්කමක් තියෙන එක..... මට ඒක ලොකු සතුටක් චංගා....... තාම ඔයාගේ වැඩේ පටන් අරගෙන මාස දෙකයි නේ.... "

" හ්ම්ම්ම්......ඔය කතාව මම ඊයේ දවල් තනියම කල්පනා කළා බෝදි......ඔයාගේ birthday gift එක අරගෙන ගෙදර එන වෙලාවේ මම තනියම හිතුවා අර ඔෆිස් එකේ වැඩ කරගෙන මම තවමත් අපේ ගෙදර හිටියනම් අද බෝදිට design කරපු කේක් එකක් අරගන්නත් මම සිය වතාවක් හිතන්න ඕනේ නේද කියලා.....ගෙදර මිනිස්සුන්ව අත ඇරිය එක හොඳයි කියනවා නෙමෙයි.... ඒත් කල්පනා කරගෙන කරගෙන යනකොට මම ඒ මිනිස්සුන්ව හරි පාරට දාලා දෝ කියලත් මට හිතෙනවා......."

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now