තරමක් හැඟීම්බර කටහඬකින් ශාන් එලෙසින් කියද්දී යීබෝ හිස ඔසවා ඒ මුහුණ දෙස බැලුවේය....
" ඔය කතාව චූටි මාත් එක්ක ගිය ඉරිද හවස කිව්වා චංගා........"
යීබෝ එලෙසින් කියද්දී ෂාන් ඇස් දෙකත් සිහින් කරගෙන ඔහු දෙස බලාගෙන සිටින්නේය......දෙදෙනා තවම සිටින්නේ එපාට්මන්ට් එකට ඇවිත් ශාන්ගේ කාමරයට ඇතුළු වූ මොහොතේ වැළඳගත් ගමන් මය........
" එයා ගෙදර ගිහින් ඇවිත් කියනවා , ලොකු තවමත් ඒ පවුලට කඹුර කඹුර හිටියනම් ලොකු ගොඩයන්නෙත් නෑ ඒ මිනිස්සු ගොඩ යන්නෙත් නෑ.....දැන් මද්දු ටික ටික හරි පාරට යනවා.අකමැත්තෙන් හරි පපා රස්සාවක් කරනවා.....වෙනස් වෙලා නැත්තෙ අපේ මමා විතරයි ........ කියලා ......"
ඉතින් යීබෝගේ කතාව අනුමත කරන්නට මෙන් ශාන් හිස සැලුවේය......
" ඇත්තටම ඒ කතාවේ ගත යුත්තක් තියෙනවා........හරි හරී ඉතින් දැන් ඒ කතා ඔක්කොම අමතක කරලා රහසක් කියන්න එපැයි මගේ සූද මලට......... "
යීබෝගේ මුහුණ දෙස අඩවන් වූ දෙනෙතින් බලන ගමන් ශාන් එලෙසින් කියද්දී යීබෝ දෙපාවල ඇඟිලි වලින් එසවී ශාන්ගේ නළලට හාදුවක් තැබුවේය.....
" අද දවස පටන් ගත්ත වෙලේ ඉඳලා දෙතුන් පාරක් මාව පුදුම කලාට ස්තූතියි චංගා........ "
" එතනට විතරක් උම්මා එකක් දීලා නම් ඉතින් ස්තුති කරලා මදි......."
ශාන් සුපුරුදු සරාගී කටහඬින් එලෙසින් කියද්දී යීබෝ ශාන්ගේ දෙතොල් මතින් කෙටි හාදුවක් තැබුවේය......
" එච්චරයි ද හ්ම්ම්ම්........"
", අනිත් ඒව ඉතින් ඔයා තමයි ගන්න ඕන......"
යීබෝ තරමක් ලැජ්ජාවෙන් එලෙසින් කියද්දී ශාන්ගේ මුවින් සිනහව උස් හඬින් පිටවුණේය....
" යාළුවෙලා මාස හතක් වෙන්න එනවා තවමත් මගේ ඉස්සරහා රතු වෙන එක අඩු වෙන්නේ නැද්ද මැණික ......."
" ඔයාගේ ඔය බැල්ම මට තවමත් දරාගන්න බෑ චංගා......."
ඇත්තෙන්ම ඉතින් මේ මොහොතේ ශාන්ගේ මේ බැල්ම යීබෝගේ හිස් මුදුනේ පටන් යටි පතුල දක්වාම හිරිවට්ටන්නට සමත් බැල්මක් යැයි කීවොත් එය නිවැරදි වන්නේය....... දෙනෙත් අඩවන් කරගෙන දෙතොල් මදක් විවර කරගෙන ඔහු යීබෝගේ මුහුණ දෙස බලද්දී මුලින්ම ඔහු දිය වී ගොස් අවසන්ය...

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
47.... ?????? ??????? ?????? ....?
Start from the beginning