ෂූයෑන්ග් ශාන් අසලට ඇවිත් කියද්දී යීබෝත් එතැනට ආවේය ....
" තීන්ත තෝරන්නෙ මම...... අන්න ඕඩර් කරපු ටේබල් දැන් ගේනවා කියලා කෝල් එකක් දුන්නා....."
යීබෝ ඇට්ටර කටහඬකින් එලෙසින් කියද්දී ශාන් යීබෝගේ කරට අතක් දමාගත්තේය ...
" එහෙනම් චෙන් එක්ක ගිහින් තීන්ත අරගෙන එන්න මගෙ පිච්ච මල ......"
ෂූයෑන්ග් බොරු කැස්සකුත් මවාගෙන යලිත් නියෝ අසලට යද්දී යෙන්ෂිත් මේ සිදුවීම දෙස බලාගෙන හිඳ සිනාසෙමින් අහක බලා ගත්තේය......
" එහෙනම් මම යනවා...... මමා කිව්වා එක වෙනකොට කෑම ලෑස්තී කියලා ......"
යීබෝ ශාන්ගේ ඉනත් මිරිකාගෙන චෙන් හොයාගෙන ගියේ අද මෙතන වැඩ වලට පහසු වෙන්නට කායි චෙන් හට ඔහුගේ වාහනයක් ලබා දී තිබුණු නිසාවෙනි..... මේ කඩ කාමරය තිබෙන්නේ මාළු මාකට් එකට මදක් මෙහායින් බීච් රෝඩ් එක පෙනෙන නොපෙනෙන මානයකයි......හරියටම බැලුවොත් වෙරෝනිකාගේ කඩේ ළඟ සිට මෙතැනට එන්නට විනාඩි පහක්වත් ගතවන්නේ නැත......කඩය ඉදිරියට ඇවිත් බලද්දි වෙරෝනිකාගේ කඩයට පාරෙන් එහා පැත්තේ තිබෙන බස් නැවතුම්පළ මෙතැනට දර්ශනය වන්නේය.....එමෙන්ම කඩයට මදක් ඉදිරියෙන් තිබෙන තුං මං හන්දිය මැද පිහිටා තිබෙන ස්මාරකයත් මෙතැනට හරි අපූරුවට දර්ශනය වන්නේය.....
අනෙක් කිහිපදෙනා බිත්තිවල වැලි කඩදාසි අල්ලද්දී ශාන් කඩ කාමරයෙන් පිටතට ආවේ මෙතැනට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් , පෙර දින සන්ධ්‍යාවේ ෂාන් යීබෝ සමග ගොස් ඇනවුම් කළ භාණ්ඩ කිහිපයක් රැගෙන එන බව පැවසූ නිසාවෙනි ..... ඉතින් ඈතින් පෙනෙන බස් නැවතුම්පොළ සහ ස්මාරකය දෙස ටික වේලාවක් බලාගෙන සිටි ෂාන් පපුව පුරවා බර හුස්මක් පිට කළේය.....
බීච් රෝඩ් එක, වෙරෝනිකා ගේ පෙට්ටි කඩය තමන්ගේ ජීවිතයට කොයි තරම් සමීප දැයි ඔහු ඈතින් පෙනෙන ස්මාරකය දෙස බලාගෙන කල්පනා කළේය...... මුල් දවස්වල ඒ ලස්සන හිනාව දැකගන්නට බලාපොරොත්තුවෙන්ම බීච් රෝඩ් එකට ඇවිත් කල් මැරූ ආකාරය සිහි වී ශාන්ගේ මුහුණට සිනහවක් මතුවුනේය ......
මගේ පිච්ච මල...... මගේ ජීවිතයේ උඩු යටිකුරු කරපු දඟ මල්ල....... ..

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
48.... ?????? ?????? ?????? ... ?
Start from the beginning