හදවතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමකි.... අද තමන් මේ සිටින තැනට එන්නට ඔහුගෙන් ලැබුණු සහයෝගය , ඔහුගේ මවගෙන් ලැබුණු සහයෝගය.....එතැනට ලැබුණු යනුවෙන් දමන්නට නොහැකිය, අදටත් ලැබෙන ඉදිරියටත් නොඅඩුව ලැබෙනවා යැයි විශ්වාසයෙන් පැවසිය හැකි සහයෝගය ශාන්ගේ හදවතට ගෙන එන්නේ හරි අපූරු හැඟීමකි.......
online website එක අරඹා මේ වන විට හරියටම මාස දෙකක් ගත වී තිබෙන අතර එන්න එන්නම ඇනවුම් වැඩි වෙද්දී , අර ගන්නට අවශ්‍ය උපාංග වැඩි වෙද්දී යීබෝගේ කුඩා කාමරයේ ඉඩ කඩ මදි වෙන තරමට ඔවුන් අපහසුතාවයට පත් වුණේය.......ඉතින් දැන් එහි ප්‍රතිඵලයක් වශයෙන් studio එකක්..... කුඩාවට ආරම්භ කරන්නට ඔවුන් සූදානම් වන්නේය.....
ශාන්ගේ කඩ කාමරය පිහිටා තිබෙන කඩ පෙළ ප්‍රධාන මාවතකට මුහුණලා තිබෙන නිසා online ඇනවුම් වලට අමතරව ඉතින් මෙතනට ඇවිත් ඇනවුම් බාර දීමත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදුවනු ඇත......ශාන්ගේ කඩයට අනෙක් පස තිබෙන්නේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලකී.....ඊලඟට ඇත්තේ ෆැන්සි ශොප් එකකි....... එම කඩ පෙළේ අවසන් කඩය ශාන්ගේ ස්ටූඩියො එකයි........
බීච් රෝඩ් එකේ ස්ටෑන්ඩ් එකෙන් බහින අයෙකුට උවත් මාකට් එක පැත්තෙ එන අයෙකුට උවත් මෙතැන හ්ද්ටි අපූරුවට දර්ශනය වන්නේය ..... මුලින්ම පුංචියට ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හොඳම තැන මෙතන බව මේ මොහොතේත් වටපිට බලන අතර ශාන් කල්පනා කළේය......
ඉතින් බර කල්පනාවක සිටි ශාන් කල්පනා ලෝකයෙන් මිදුණේ ඇනවුම් කළ භාණ්ඩ සහිත ලොරිය කඩ කාමරය ඉදිරියේ නතර කළ විටයි.......
printing table එකක් , ඔෆිස් ටේබල් එකක් සාමාන්‍ය පුටු හතරක් , සයිඩ් ටේබල් එකක් සහ විශාල කර අදින්නට දී තිබුනු නාම පුවරුව එතැන විය.....
කෙසේහෝ සවස පහ හය වනවිට ශාන්ගේ පුංචි ස්ටූඩියෝවේ අස්පස් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්ව තිබුණු අතර සියලු දෙනා විසිරගිය පසුව අවසානයේ ඒ තුළ ඉතිරි වුණේ යීබෝ සහ ශාන් පමණකි......
" චෙන් නාලා ආවම ගෙදර තියෙන බඩු ටිකත් ගෙනල්ලා සෙට් කරමු චංගා..... ඊට පස්සේ හෙට උදේට ඇවිල්ලා දෙයියනේ කියලා වැඩ පටන් ගන්න තියෙන්නෙ......."

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
48.... ?????? ?????? ?????? ... ?
Start from the beginning