抖阴社区

49... ?????? ?????? ?????? ...?

Start from the beginning
                                    

" දැන් මෙතනට ඇවිල්ලා කයිවාරු ගගහා ඉන්නේ නැතිව මමාට උදව් කරන්න යන්න මැණික....."

" හරි ඉතින්......දැන් ඉස්සර වගේ කාමරේට ඇවිල්ලා තුරුලු කරගන්නත් බෑනේ චංගා......විනාඩි දහයක් ඉඳලා යන්නම්......මම නැතත් ඉතින් දැන් එක්කෙනෙක් හවස හතර පහ වෙද්දි ගේමට බහිනවානේ......"

යීබෝ  ඇසක් ඉඟි මරමින් කියද්දී ෂාන් හිස දෙපසට වනමින් බර හුස්මක් හෙළුවේය...යීබෝ  මේ කතා කරන්නේ චෙන් පිළිබඳවයි....එදා ඈතින් මෙයිගේ කාමරය දෙස බලාගෙන සිටි මොහොතේ ශාන් ඔහු අසලට ගොස් ඔහුගේ හිතේ තම බාල සොයුරිය ගැන අදහසක් තිබෙනවාදැයි කෙලින්ම ඇසුවේය .... ඉතින් මුලින්ම ඔහු මඳක් පැකිලෙමින් සිටියදී.....

" උත්තරයක් දෙන්න ලොකු වෙලාවක් ගන්නෙ ස්ථිර අදහසක් නැති නිස්......."

" එහෙම නෑ ගගා........ මං එයාට කැමතී........."

චෙන් ශාන්ගේ ප්‍රතිචාර කුමක් වේදැයි හිතාගන්නට නොහැකිව කෙකරගාමින් සිටියදී ඔහු එලෙසින් ඇසූ අතර චෙන් ඉක්මනින් ම තමන්ගේ හිතේ ඇය කෙරෙහි අදහසක් තිබෙන බව පැවසුවේය.....

" කැමැත්තක් තිබුණට කමක් නෑ එයා එග්සෑම් ඉවර වෙනකල් ඉවසන්න වෙනවා......එයාගේ හිතෙත් කැමැත්තක් තියෙනවා කියන එක අපි දන්නවා.....මේ වගේ හැඟීම් වලට විරුද්ධ වෙන්න තරම් නපුරු මනුස්සයෙක් නෙමෙයි මම චෙන්.....අනික ඔයා කවුද කියන්නේ මම හොඳටම දන්නවනේ....එයා එක්සෑම් ලිව්වට පස්සේ කතාබහ කරලා ආශ්‍රය කරන්න හැබැයි ලිමිට් එකකට.....ඉගෙනීම පැත්තෙන් එයා මොකක් හරි ටාගට් එකක් තියාගෙන ඉන්නවනම් ඔයාගේ හිතේ තියෙන්නේ සැබෑ ආදරයක් නම් ඒ ටාගට් එකට යන්න එයාට උදව් කරන්න ඕන......තේරුනාද ........."

" තේරුනා ගගා......... මම ඒ තරම් ඉගෙන ගත්ත නැති කොල්ලෙක් හින්ද මං හිතුවේ නෑ ගගා මෙහෙම උත්තරයක් දෙයි කියලා  ......"

සතුට නිසාම ඇස් වල කඳුළු පුරවාගෙන චෙන් එලෙසින් කියද්දී ෂාන් ඔහුගේ පිටට තට්ටුවක් දැමුවේය.....

" උගත්කම කියන එක මනුස්සයෙකුට මැරෙන්න මොහොතක් තියලා හරි ලබාගන්න පුළුවන්.....ඒත් මනුස්සකම කියන එක හැම මනුස්සයටම පිහිටන්නේ නැති දෙයක්......හැමදාම ඔය විදිහටම ඉන්න කියලා මම කියනවා නෙවෙයි....ඔයාටත් පුළුවන් ස්ථාවරයක් හදාගන්න.......හ්ම්ම්ම්........."

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now