මේ දිනවල යීබෝගේ මුළු පවුලම පදිංචි වී සිටින්නේ ෂූයෑන්ග් ගේ එපාට්මන්ට් එකේයි......ඊට හේතුව මාග්රට් ආච්චි ගෙන් මිලදී ගත් නිවස ප්රතිසංස්කරණය කරන කටයුතු සහ නිවස ඉදිරියේ විශාලව ස්ටුඩියෝ එක ඉදිකිරීම් ආරම්භ කර තිබුණු නිසාවෙනි.....
ඉතින් වෙරෝනිකා ඇගේ පුංචි පෙට්ටිකඩය වසා දමා මේ වන විට සති දෙකක් ගත වී තිබුණු අතර ඔවුන් ෂූයෑන්ග් ගේ එපාට්මන්ට් එකේ සිටින නිසා ඉතින් ෂූයෑන්ග් නියෝලාගේ නිවසේ කැමැත්තෙන්ම නතර වුණේය.......
මාර්තු මාසයේ එක් සුන්දර දිනයක ජීලින්ග් පිය පදවිය ලැබුවේ ලියාන් ආදරණීය දියණියක් මෙලොවට බිහි කෙරු පසුවයි.....ශාන් යීබෝ සහ මෙයි සමඟින් දියණිය බලන්නට රෝහලට පැමිණි අතර දරුවා ලැබෙන්නට අමාරුවෙද්දී අයව පෞද්ගලික රෝහලක නතර කර සියලු වියදම් ශාන් දැරීමත් ඉතින් විශේෂයකි....
දියණිය ලැබෙන්නට ලියන්ව රෝහල් ගතකර පහුවදා උදෑසන ඇයව බලන්නට එද්දී ඇය අසලම ඇඳ අයිනේ නිදාගෙන සිටි කුඩා දියණිය දුටු ජීලින්ග් සංවේදීවී හඬා වැටුණු දර්ශනය අතිශය සුන්දර දසුනක් වුනේය ....
" ඔන්න දෝණිව මුලින්ම අතට ගන්නෙ එයාගෙ ලොකු පපා....."
දරුවා බලන්නට එළිවෙනතුරුවත් ප්රමාද වෙන්නට අකමැත්තෙන් සිටි යීබෝගේ පෙරැත්තය නිසාම ශාන් ඔහු සමඟ රෝහලට එද්දී ජීලින්ග් දරුවා දෙස ආශාවෙන් බලාගෙන සිටියාට ඉතින් වඩා ගන්නට සූදානමක් නැත.... ඒ වෙන කිසිවක් නිසා නොවේ නුහුරු නිසා හිතට ඇති වී තිබෙන බිය නිසාවෙනි ....
ශාන් ඉතාමත් පරිස්සමෙන් කුඩා දියණිය අතට අරගද්දී ජීලින්ග් ගේ පමණක් නොව යීබෝගේ දෙනෙත් වලටත් කදුලු පිරුනේය ......
ෂාන් තවමත් ඔවුන්ගේ නිවසට පා තබන්නට නම් සූදානමක් නැත......සෙලීනාව මාස දහයක් පමණ ඔහු දුටුවේත් නැත.....සොන් නම් තවමත් කලින් ලෙසින්ම වරින් වර ස්ටුඩියෝ එක ඉදිරියෙන් එහාට මෙහාට ගියාට ශාන් සමග කතා කරන්නට සූදානමක් නැත....ඒත් ජීලින්ග් ලියාන් නිසාම ශාන් සමඟ ගෙවී ගිය මාස හතරක කාලය තුළ ඉතා සමීප වුණේය.....
ශාන්ගේ මැදිහත් වීමෙන් ගැමාට කරුණු පැහැදිලි කර දී ඔහුගේ ඉගෙනීමේ හැටියට රැකියාවක් සොයා ගන්නටත් කැමති කරවා ගත් අතර දැන් ජීලින්ග් ෂැංහයි වල ප්රසිද්ධ ආයතනයක පරිගණක මෙහෙයුම්කරුවකු ලෙසින් පුහුණුව ලබන්නේය.......ඒ රැකියාව හොයාගන්නට ඉතින් ශාන්ගේ ස්ටුඩියෝ එක ප්රසිද්ධ ආයතන සමග තිබෙන සම්බන්ධතාවයත් ප්රයෝජනවත් විය......

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
51... ???? ??????? ?????? ....?
Start from the beginning