🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.........
හෑල්ලක් උස්සගෙන ආවා ........ මේක කියවලා ඉමු නේද වස්තුලා....... ( මේ ඔතරිගෙ හැමදාම හෑලි එපාවෙනවා ...... එහෙම හිතෙනවා නේ...... )
කොහොමද පටන්ගන්නේ..... හරි මෙන්න මේ පොටෝ ටික බලලා ඉන්නකො........
.
මේ තියෙන්නේ ඊයෙ fb එකේ දවසේ ප්‍රශ්නය..... එතකොට මගේ ආදරණීය රීඩර් බබෙක් ( ලු ) මෙහෙම මැසේජ් කරලා තියෙන්නේ ප්‍රසිද්ධ වීඩියෝ එඩිටර් කෙනෙකුට ( මම නම් එහෙම එයාව දන්නෙ නෑ.....) ඊලඟට මම ගියා මම වෙනුවෙන් කතා කරපු ආදරණීය හදවත හොයාගෙන .........
අලුත්ම එකවුන්ට් එකක්......හරි සන්තෝෂයි.... ෆලෝවර්ස්ලා වත් ෆලොවින්ග් ලා වත් නැති නැවුම් එකවුන්ට් එකක්.......
කොහොම උනත් මං වෙනුවෙන් කතාකරපු නම්කිට මම ස්තූතී කලා.....
මැසේජ් සෙන්ඩ් වෙන්නෙ නෑ.......ඒත් ඉතින් මං යුතුකමක් වශයෙන් එහෙම කලා....
දැන් යමුකො නිධාන කතාවට...... ඊට කලින් මම ඕගොල්ලන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්.....
** මම දැන් කතා ලියන්න පටන් අරගෙන අවුරුදු තුනක් වෙනවා මෙතන ඉන්න කාගෙන් හරි මම ඉල්ලලා තියෙනවාද මගේ කතා වලට පබ්ලිසිටි එකක් අරන් දෙන්න , මගේ කතාවලට වීඩියෝ එකක් හදලා දෙන්න , පුළුවන් නම් මගේ කතා ගැන කියලා රිවීව් එකක් දාන්න , අනේ මගේ කතාවට කව පික්චර් එකක් හදලා දෙන්න , මගේ කතා ශෙයා කරන්න කියලා ????..........
ඉතින් කොහොම හරි ඔය විස්තර ටික දාලා තිබ්බ පෝස්ට් එක හුඟක් අය කියවන්න ඇතිනේ.... ඒ නැවුම් එකවුන්ට් එකෙන් දාපු මැසේජ් සහ ඒ පෝස්ට් එක දාපු එක්කෙනාගේ වචනවල තිබ්බ සමානකම් මම දැන් පෙන්නන්නම්...... ( අපි ඉතින් කැස්බෑවොනේ...... ශර්ලොක්හෝම්ස් මොලේ මෙතැනදිත් භාවිතා කලා...)
හරි..... එහ් ළමයා ගැන අපි කතා නොකර ඉමු....මේ පෝස්ට් එක දාන්න මූලික වෙච්ච හේතුව තමයි පහුගිය දවස් දෙකේ fan fiction ගැන ඇතිවෙච්ච ප්‍රශ්න වලට මමත් කමෙන්ට් කරපු එක.... මම හිතනවා ඒ ප්‍රශ්න වලට කතා කරන්න මට අයිතියක් තියෙනවා කියලා.... yizhan zhanyi fan fiction ලියන මම කිසිම දවසක ඒ දෙන්නගෙ චරිත වලට හානියක් කරලා නෑනේ.....මම ගොඩක් ගෞරව කරන චරිත දෙකකට අපහාස වෙන විදිහට කතා කරලා තිබුණ නිසා මමත් ගිහින් එතැන කතාකලා.....
හැබැයි පුදුම කාරණාව කියන්නේ ඒ ප්‍රශ්න දෙකේදිම කතා කරපු නැති හුඟක් අය මෙතන කතා කරලා තිබුණා...එහ් ළමයගෙ පෝස්ට් එකට ගොඩක් කමෙන්ට්ස් වැටිලා තිබුණා..... මං ඒ ගැන චුට්ටක් කතා කරන්නම්....
එක්කෙනෙක් කියලා තිබුණා මේක හරියට අපෙනුත් මල් ගන්න වගේ වැඩක් කියලා .... ඒ කියන්නේ මම කාටහරි බලෙන් කියලා මෙහෙම ඔය කියන ප්‍රසිද්ධ එඩිටර්ට මැසේජ් කෙරෙව්වා කියලා .... මේ වෙනකොට මට ෆලෝවර්ස්ලා 2400 ගානක් ඉන්නවා..... ෆලෝවර්ස්ලා වැඩි කර ගත්තා කියලා මට ලැබෙන දෙයක් නෑනේ.... මම හම්බ කරගෙන ජීවත් වෙන මනුස්සයෙක්.....මගේ තනි මහන්සියෙන් දරුවෙක් ජීවත් කරන මනුස්සයෙක්... ඔන්න මෙතනින් මට මොකක් හරි ලාභයක්වත් ලැබෙනවනම් අපෙනුත් මල් ගන්න කියලා කෑ ගහන්න තිබ්බා......කිරි වෙහෙර ළඟ එහෙම මල් විකුණන මිනිස්සු එහෙම කෑගහලානේ මලක් දෙකක් විකුණ ගන්නේ....
ඊළඟට කියලා තිබුණා නින්ද යන කතා කියවන්න අපිට පිස්සු නෑ කියලා ..... ඉතින් බලාගෙන යනකොට එතනත් මම කරලා තියෙන්නේ එක්තරා පිනක්නේ.......අපායෙ වැටෙන්නම කතා ලියන මම ඉතින් ඒ වගේ පිනක් කරගත්තහම මොකද....
තව කෙනෙක් කියලා තිබ්බා සුරංගනා කතා කීපයක් එයා ඇඩ් කරගෙන ඉන්නවා කියලා එයාගේ බබාලට කියවන්න දෙන්න...... එතනදි නම් මගේ හිතට පුංචි ආඩම්බරයක් ඇතිවුණා.....හැමෝටම සුරංගනා කතා ලියන්න බෑනේ.....හාන්ස් ක්‍රිස්තියන් ඇන්ඩර්සන් කියන්නේ සුරංගනා කථා වලින් මුළු ලෝකයක් හොල්ලපු කෙනෙක්...... ඇන්ගස්ට් , බඩසම , ත්‍රීසම් , හෙරෝර් එකී මෙකී නොකී කතා අතර සුරංගනා කතාවක් දෙකක් තිබ්බට ප්‍රශ්නයක් නෑ නේද.........
ආ.....තව එක්කෙනෙක් කියලා තිබ්බා ලියන භාෂාව සෙට් වෙන්නේ නෑ කියලා..... මම ඉතින් බලෙන් කියවන්න කියලා නෑනේ.....සෙට් නැත්තං අන්ෆලෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා.......බ්ලොක් කියල එකකුත් තියෙනවා මම හිතන්නේ....
මම ඔය මෙතන කතා කරේ ප්‍රධාන කමෙන්ට් කිහිපයක් ගැන... එහ් ළමයගෙ අවශ්‍යතාවය මොකක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ හැබැයි මම ඔය කියන එඩිටර්ව එච්චර දන්නෙත් නැහැ......
ඔයාල මට ඉන්බොක්ස් එවන මාව ටැග් කරල එවන මගෙ දවස විඩාව නිවපු මාව අගය කරන දෙයක් දැම්මොත් ඇරෙන්න මම මගෙ කතාවක පිට කවරයක්වත් මගෙ ෆේස්බුක් එකක දාල නෑ.. මම මාකටින් කියන දේ දශමයක් වත් කරන්නෙ නෑ .... ඉතින් එහෙම එකේ මගේ රීඩර් කෙනෙක් ලව්වා අපෙනුත් මල් ගන්න කියලා කියවගන්න මට කිසිම උවමනාවක් නැහැ.....
අනික ටික් ටොක් එකේ මගේ කතා වලට වීඩියෝ හදන සමහර වීඩියෝස් වලට මාව මෙන්ෂන් කරන ආදරණීය හදවත් මම මෙතනදි මතක් කරන්න ඕන......fb එකේ පවා මගේ කතාවක රිවීව් දාන හැමෝමවත් මම මතක් කරනවා..... ඒ වගේම bl නවල් ගෲප් දෙකත් මම මතක් කරනවා......හැබැයි ඒ එකක වත් මම බලහත්කාරෙන් පෝස්ට් දම්මලා නම් නැහැ.....
ගැලපෙන කතා තෝරගෙන බේරගෙන කියවන එක ඔයාලගේ වැඩක්.... මෙතන මූලිකවම ඉලක්ක කරගෙන තියෙන්නේ මම හින්දා තමයි මම කතා කරේ.... අනික තමයි ඔය මැසේජ් වල සටහන් වෙලා තියෙන අනික් ඔතර්ස්ලා එක්ක ප්‍රශ්නයක් ඇති කරන්න තමයි මේක කරලා තියෙන්නේ කියලා ඕනෙ කෙනෙකුට තේරෙනවා......හැබැයි ඉතින් එයා බලාපොරොත්තු වෙච්ච දේ නම් උනේ නැහැ...... මොකද මේ වගේ පුංචි දේවල් වලදී රෙදි උස්සගෙන රණ්ඩුවට යන ගතියක් මට නැහැ.....
මෙච්චර කාලයක් සිද්ධ වෙච්ච දේවල් මම නිහඬව විඳ දරාගෙන හිටියා.....මගේ ළගින්ම ඉන්න කිහිප දෙනෙක් දන්නවා ඒ හැම දෙයක්ම.... ඒත් ඉතින් තැලෙන්න තැලෙන්න යකඩ මුවහත් වෙනවා වගේ මම අද තීරණය කරා මේ ගැන කතා කරන්න..... සමාවෙන්න හෑල්ලක් ලියන්න වුනාට..... ඒත් මගේ වටේ එකතුවෙලා ඉන්න ආදරණීය රීඩර් බබාලට මේ කතාව කියන්නම ඕනේ කියලා හිතුනා.....
තව කියන්න දේවල් ගොඩයි ඒත් දැන් ඇති...... එහෙනම් අපි කතාවට යමු......
අසා සිටි ඔබ සැමට ස්තූතී ......එහ් ළමයටත් ස්තූතී ........ඒ පෝස්ට් එකේ ආදරණීය විදිහට කමෙන්ට් කරපු හැමෝටමත් ස්තූතියි......
.
.
.
.
.
අලුත් සතියක් සඳුදා දවසින් ආරම්භ විය....... සුපුරුදු පරිදි ඉතින් ආයතනයේ රාජකාරී සදහා සියලුම දෙනා පැමිණි අතර ආයතන ප්‍රධානියාගේ නම් පුංචි වෙනසක් දැක ගන්නට ශාන් හට හැකිවුණේය....ඒ වෙනසත් ඉතින් ඔහු දුටුවේ සන්ධ්‍යාකාලයේදී වීම විශේෂයකි.......එවන විට වෙලාව සවස තුන පසු වෙමින් තිබුණි......
" ශාන් ........."
" සර්......"
" අද ඕටි කරන්නෙ කවුද........ ප්‍රඩක්ෂන් එකට අමතරව උඩ අපේ කවුද......."
රූපවාහිනී තිරය මත දිස්වෙමින් තිබුණ වීඩියෝ ගේම් එකත් ඕෆ් කර පුදුමාකාර උනන්දුවකින් ශාන් දෙසට හැරී ඔහු එලෙසින් අසද්දී ශාන් ටික වේලාවක් ඔහු දෙස පුදුමයෙන් බලාගෙන සිටි අතර ඊළඟට ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නට පටන් ගත්තේ හිතට දැනුණු සැනසීමක්ද සමඟයි....ඇත්තෙන්ම ඔහු හිතුවේ ආයතන ප්‍රධානියා ටිකෙන් ටික වැඩ රාජකාරි වලට අවතීර්ණ වන්නට සූදානම් වනවා යැයි කියාය.....
",account section එකේ හතර දෙනෙක් ඉන්නවා..... ඊලඟට අද ලේබල් එක වැඩ කිව්වා........ "
" හ්ම්ම්ම්.........එතකොට අපිට මොනවත් විශේෂ වැඩක් නෑනේ....."
" තවම නෑ........ ස්ටාෆ් මීට්න් එකෙන් පස්සෙ තමයි තීරණය කරන්නෙ ......."
" හරි.........ස්ටාෆ් මීට්න් එකට මමත් එන්නම්......"
" ඕකේ සර්........."
ඒ කතාබහ එලෙසින් අවසන් කර ශැන්ග් යලිත් රූපවාහිනිය ක්‍රියාත්මක කලේය ....ඔහු මේ ලෙසින් රාජකාරි පිළිබඳව උනන්දු වූ පළවෙනි වතාව මෙයයි.... හේතුව කුමක් වුණත් වෙනස සුභදායක නිසා ශාන්ගේ හිතට ඇත්තෙන්ම සැනසීමක් ඇති වුණේය....... අනෙක් සේවකයන් මෙන් නිදහසේ තමන්ට නියමිත රාජකාරිය පමණක් කරගෙන ඉන්නට ශාන්ට ඇත්තේත් සිහිනයකි..... කන්නට බොන්නට යන්නට පමණක් නොව , වෙලාවකට හුස්මක් කටක් ගන්නටත් අමතක වෙන තරම් රාජකාරි අතර හිරවෙද්දී රැකියාව අතහැර දමා යන්නට සිතුණු වාර ගණන අනන්ත වන්නේය.......
තවත් විනාඩි දහයක් පමණ යන විට යීබෝ එන්නට පෙර තේ රැගෙන ආ වයවෘද්ධ කාන්තාව ශැන්ග් ගේ කෝපි එක රැගෙන කාර්‍යාලය තුලට ආවේය ... ඉතින් කාර්යාලය දෙසට ඇවිදගෙන එන එම කාන්තාව දුටු ජූලි යීබෝ දෙස බැලුවේ ඇය නොපැමිණි දින දෙකේ සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි......
" ඔයා හිටපු නැති වෙලාවේ මම මිස්ටර් හා පෙන් ගාව වැඩ කලානේ...... ඉතින් තුනයි හතළිහට මම කෝපි එක හදාගෙන කඩාගෙන මිඳගෙන ඔෆිස් එකට යනකොට ලොකු බොස් ඇතුලෙ......"
" ඈහ්........මිස්ටර් Rouyun......."
ජූලි ඇස් දෙකත් ලොකු කරගෙන අසද්දී යීබෝ ඔව් යැයි කියන්නට හිස සැලුවේය .....
",ඊට පස්සේ මොකද වුණේ?......"
" ලොකු බොස් මගෙන් ඇහුවා.. ඇයි ඔයා තේරෙන්නේ කියලා......මොකක්ද දෙන උත්තරේ කියල හිතාගන්න බැරුව මම මිස්ට ශාන් දිහා බැලුවහම mr shan මට දුන්නේ ඇත්තම කියන්න වගේ ලුක් එකක්......ඉතින් මම කිව්වා සර් තමයි මට කෝපි එක හදාගෙන එන්න කියලා කියලා තියෙන්නේ කියලා......... .................."
ඉතින් එතැන සිදුවූ සිදුවීම යීබෝ රස කරමින් කියද්දී ජූලි පුදුමයෙන් ඊට ඇහුම් කන් දුන්නේය.....
" ලොකු බොස් ගියාට පස්සේ සර් ඔයාට බැන්නේ නැද්ද බෝ......"
සියල්ල සාවදානව අසාගෙන සිටි ජූලි එලෙසින් අසද්දී යීබෝ නෑ යැයි කියන්නට හිස සැලුවේය ....
" ශාන් සර් මැදින් පැනලා ප්‍රශ්නෙ විසඳුව හින්ද වෙන්න ඇති....."
යීබෝ එලෙසින් කියද්දී ජූලි එය අනුමත කලේය ....
",ශාන් කොහොමත් කාටවත් ප්‍රශ්නයක් ඇතිවෙනවට කැමති මනුස්සයෙක් නෙමෙයි...... පුළුවන් විදියට හැමෝගෙම ප්‍රශ්න වලට පැනලා උදව් කරනවා...... මම එක දවසකුත් කිව්වේ ෂාන් හිතන් නැත්තෙ ශාන් ගැන විතරයි....."
ජූලි සිනාසෙමින් කියද්දී යීබෝ නිහඩවිය......යම් යම් සිදුවීම් ඉදිරියේ ශාන් සර් පිළිබඳව පැහැදීම ඇතිවී තිබුණත් තවම ඒ පැහැදීම සීයට සීයක් දක්වා වර්ධනය වී නැත...ඉතින් ජූලිගේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නට යීබෝට හැකියාවක් නැත.......
" ජූලි ස්ටාෆ් මීට්න් එක බලන්න.....මිස්ටර් හාපෙන් ඉන්නවනේ .........සරුත් එනවා කිව්වා.....මට හෙඩ් ඔෆිස් යන්න වෙලා.......යීබෝ රිපෝට් එක හැදුවනේ......."
" ඔව් සර්........"
තවත් විනාඩි කිහිපයකට පසුව කලබලයෙන් මෙන් කාර්යාලයෙන් පිටතට පැමිණි ශාන් එලෙසින් පවසා අනෙක් පස අසුනේ වාඩිවී සිටින පුද්ගලයා දෙසත් වරක් බලා එලෙසින් අසද්දී යීබෝ ඉක්මනින් ඔව් යැයි පිලිතුරු දුන්නේය..... ඔහු දෙසත් තත්ත්පර කිහිපයක් බලාගෙන සිටි ශාන් යන්නට ගියේය .....
ශාන් මේ යන්නේත් ඉතින් ශැන්ග් විසින් සිදු කළ යුතු කාර්යයක් අවසන් කරන්නටයි...... එකම සැනසීමකට ඇත්තේ මෙතැන සිට විනාඩි විස්සක් පමණ දුරින් තිබෙන ප්‍රධාන ආයතනයට ට්‍රාන්ස්පෝට් ලබාදීමයි........
" මිස්ටර් ශාන් ඉතින් දවසට එක පාරක් හරි හෙඩ් ඔෆිස් එකට යනවා..."
වාහනයේ රියදුරු සිනාසෙමින් කියද්දී පරීක්ෂා කරමින් සිටී ලිපිගොනුව පසෙකින් තැබූ ශාන් ඔහුදෙස බලා සිනාසුනේය .....
" ඒකනේ........"
" හෙඩ් ඔෆිස් එකේම වැඩක් අල්ලගෙන නවතින්න තියෙන්නේ ........."
ඔහු යලිත් කියද්දී සුපුරුදු සිනහවෙන්ම ශාන් යලිත් ලියකියවිලි පරීක්ෂා කරන්නට පටන්ගත්තේය ....... මේ රියදුරු ශාන්ගේ පියාගේත් හිතවතෙකි......දැන් තවත් දුර දිගට ඔහු සමගින් කතාබහ කරන්නට ගියහොත් අවසානයේ එදා සිදුවූ අනතුර පිළිබඳව පවා ඔහු ඇදගන්නා බව දන්නා ශාන් එතනින් එහාට කිසිවක් කතා කරන්නට ගියේ නැත......
යට ගියාව හාරා අවුස්සන්නට දැන් අවශ්‍යතාවයක් නැත....... සමහර විට ශාන්ගේ මුවින් අනවශ්‍ය වචනයක් පිටවුණහොත් මේ මනුස්සයා එය එක දෙක කර ආයතන ප්‍රධානියාගේ කනේ තබන්නටත් ඉඩකඩ ඇති නිසා නිහැඩියාව අන් සියල්ලට වඩා සුදුසු බව ශාන් තීරණය කලේය .....
" මං හිතන්නේ මිස්ටර් ශාන් අට විතර වෙනකන් ඉන්න වෙයි.."
පහට විනාඩි දහයක් පමණ තිබියදීත් පැමිණි රාජකාරිය අවසන් කරගන්නට නොහැකි වෙද්දී මිස්ටර් හෙන්රි එලෙසින් පැවසුවේ දෙදෙනාට එකතු වී පරීක්ෂා කරන්නට තවත් ලිපිගොනුත් දෙකක් එකතු වී තිබෙන බව පෙන්වන අතරයි.......ඉතින් ඒ ලෙසින් කතාබහ සිදුවී අවසන් වන්නටත් ඉඩක් නොතබා ශාන්ගේ දුරකථනයට දුරකථන ඇමතුමක් ආවේය.......
" හෙලෝ යීබෝ ......."
දුරකථන ඇමතුම අරගන්නා පුද්ගලයාගේ නම දුටු පසුව හදවතට මහා අමුතු හැඟීමක් ඇති වුණත් එය හැඟීම මුහුණෙන් පිළිබිඹු කරන්නේ නැතුව ඇමතුම සම්බන්ධ කරගත් ශාන් සෙමින් කතාකලේය .........
",සර් අර රෙන්ට් අවුට් කරන වාහන වල ඩීටේල්ස් රෑ 8 වෙනකන් ඉඳලා ක්ලියර් කරන්න කියලා මිස්ටර් ශැන්ග් කියනවා................මේ දැන් ඕටි වලට මගේ නමත් දාන්න හදන්නේ......මම ඉන්නද සර්......."
ඉතින් අද සන්ධ්‍යාවේ ආයතන ප්‍රධානියාට අත්තිකාලය සේවයේ යෙදෙන පුද්ගලයින් පිළිබඳව උනන්දුවක් ඇති වූයේ කුමන හේතුවක් නිසා දැයි මේ වන විට ශාන් හට අවබෝධ වී අවසන්ය....... එමෙන්ම තමන් මෙතනට හිර කළේත් ශැන්ග් හිතාමතාම බව ශාන් තේරුම් ගත්තේය ....
" තිස් වෙනිදා වෙන්න තව දවස් හතරක් තියෙනවා.. ඒක අත්‍යවශ්‍ය වැඩක් නෙවෙයි......ඒ වගේ තේරුමක් නැති වැඩකට ඕටි දාන්න ගිහිල්ලා මට බැනුම් අහගන්න තමයි වෙන්නේ......... ඔහොම ඉන්න මම සර්ට කතා කරන්නම්....."
හිතට ඇතිවුන නොරිස්සුම ඒ ලෙසින්ම වචන වලින් පිට කළ ශාන් අනෙක් අතට ශැන්ග් හට දුරකථන ඇමතුමක් අරගත්තේය......
" මොකද අයිසේ.........අපි අද රෑ වැඩ ....."
මනමාල සිනහවක් සමඟ ශැන්ග් එලෙසින් කියද්දී ශාන්ගේ හිතට පිළිකුල් සහගත කේන්තියක් ඇති වුණේය......
" මාසෙ ඉවර වෙන්න දවස් හතරක් පහක් තියාගෙන temperory transport report හදන්න ඕටී දාන එකට හේතු ඉදිරිපත් කරන්න පුළුවන්ද....... "
දැන් අනෙක් පස ඇත්තේ කෙටි නිහැඬියාවකි......
" අයිසේ මොකක් හරි ෂේප්මන්ට් එකක් දානවකො බාල්දි පෙරලන්නේ නැතුව.....අනික මම බබාව එකපාරටම කන්නේ නෑ.... චුට්ටක් එයාට අඩියක් දෙකක් ළං වෙන්න නේ මේ ට්‍රයි කරන්නේ...."
ශාන්ගේ කේන්තිය ඉතින් වචන වලින් විස්තර කරන්නටවත් පිට කර ගන්නටවත් ඔහුට හැකියාවක් නැත.......
" මිස්ටර් ශැන්ග්.........."
", හරස් කපන්න ලෑස්ති වෙන්න එපා..... බබා මගෙත් එක්ක රෑ අට වෙනකල් වැඩ.......තමුං ඔය වැඩේ ඉවර කරලා පාඩුවේ ඇවිල්ලා තමුන්ගේ ලට්ට ලොට්ට ටික එකතු කරගෙන යනවා.. බායි......."
එපමණක් පැවසූ ශැන්ග් ඔහුගේ පැත්තෙන් දුරකථන ඇමතුම අවසන් කළ අතර දැන් ඉතින් මීට විකල්පයක් සොයා ගන්නට නොහැකිව ශාන් හතර අතේ කල්පනා කරන්නට පටන් ගත්තේය.......
ඔහු අනෙක් අතට මිස්ටර් හාපෙන් හට දුරකතන ඇමතුමක් ලබාගත්තේය ..... ඉතින් එකවුන්ට් ශෙක්ෂන් එකේත් හතර පස් දෙනෙක්ම රාත්‍රී 8 වනතුරු සේවය කරන බව දැනගත් පසුව නම් හිතට මද සැනසීමක් ඇතිවුණත් account section එක සහ ආයතන ප්‍රධානියාගේ කොටස වෙන්ව පැවතීම ශාන්ගේ හිතට අමුතු බියක් එකතු කරන්නට සමත් වී ඇත.......
එක අතකට මම මොන මගුලකට නටනවද......ඌත් කොල්ලෙක්......තමන් ආරක්ෂා වෙලා වැඩ කරගන්න දන්නවා ඇතිනේ....... දැන් අපිට බලාගන්න පුළුවන් අලුත් එක්කෙනාගේ වැඩ ගැන..... මට තියෙන්නෙ මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න...... ඇයි මම මේ ඕනවට වඩා හිතන්නේ........මීට වඩා හිතන්න ප්‍රශ්න මට නැද්ද.......
යලිත් වැඩ ආරම්භ කරමින් ඔහු ඔහුගේ හිතත් සමග බරපතල තර්කයකි...... නමුත් ඉතින් ශාන් හට මෙතනින් ගැලවීමක් ඇත්තේද නැත...... ශැන්ග් පිළිබඳව ශාන්ගේ හිතේ දිනෙන් දින ඇතිවෙන්නේ පිළිකුල මිශ්‍ර වූ කලකිරීමක් ම පමණකි......
..
" ෆෙයි රෑ වැඩ නේ......"
යීබෝ නියෝටත් දුරකථන ඇමතුමක් ලබා දී බඩුබිලත් ඔහුට මැසේජ් කර හවස පහ වෙද්දි එකවුන්ට් සෙක්ෂන් එක පැත්තට ගියේ ෆෙයිත් අද රාත්‍රී සේවයේ නිරත වන බව පිටව යන්නට පෙර ජූලි පැවසූ නිසාවෙනි.....
" ඔව්......ජූලි මට කිව්වා උඹත් වැඩ කියලා .......ශානුත් ඉන්නවද ......."
",නෑනේ ......ශාන් සර්ව හෙඩ් ඔෆිස් යැව්වා.......මිස්ටර් ශැන්ග් නම් ඉන්නවා......"
යීබෝ එලෙසින් කියද්දී ෆෙයි පමණක් නොව ඔහුට අනෙක් පසින් සිටි තැනැත්තාත් පුදුමයෙන් යීබෝ දෙස බැලුවේය ........
" මිස්ටර් ශැන්ග් ........මේ අපේ ලොක්කා ඉන්නවා....."
දෙදෙනාම එකවර එලෙසින් අසද්දී යීබෝගේ හිතට අමුත්තක් ඇතිවුනේය......
" ඔව් අර ට්‍රාන්ස්පෝට් රිපෝට් වගයක් හදිස්සියි කියලා......මට ඒ ටික ඇරේන්ජ් කරන්න කිව්වා......"
",අහ්.........හරි මචං.........උවමනාවක් වුණොත් අපිත් මේ පැත්තෙ ඉන්නවා...."
ෆෙයි එලෙසින් කියද්දී යීබෝ දෙදෙනාටම සිනහවක් තියෙන කර කොරිඩෝව දිගේ ඇවිදගෙන ගොස් ඔහුගේ අසුනෙන් අසුන් ගත්තේය......
ශාන් සර් කියනවා වගේ ඉතින් තව දවස් හතරක් තියෙනවා නම් මොකටද මාව රෑ තියාගත්තේ?....ඕටි පාරක් දාගන්න පුළුවන් තමා....එක අතකට ඉතින් පඩියත් ටිකක් වැඩි වෙනවනේ එහෙම උනහම... හැබැයි මම රෑයින් එක ගැන ශාන් සර් නං එච්චර සතුටකින් නෙමෙයි කතා කලේ........ ඉතින් අකමැත්තට හේතුව මොකක්ද දන්නෑ?........ අපි ඕටි දාගෙන වැඩිපුර පඩියක් ගන්නවට කැමති නැද්ද දන්නෑනේ......
යීබෝ ඉතින් කල්පනා කරමින්ම වැඩ ආරම්භ කලේය .... ශැන්ග් සිටින්නේ ඔහුගේ අසුනට වී තනිව වැඩ කරන යීබෝ දෙස බලාගෙනයි .... දැන් මේ මිතුරාගේ උපදෙස් අනුව ඔහුගේ අභිප්‍රාය වී තිබෙන්නේ හොඳ මුහුණ පෙන්වා යීබෝට ටිකක් ලං වීමටයි .......නමුත් ඉතින් එක්වර කිසිවක් කරන්නට නොහැකි නිසා පැයක් පමණ කාලය අරගන්නට ඔහු තීරණය කලේය ....
මුලින් මුලින් ඔහු ශාන්ගේ සහයෝගය ඇතිව මේ කටයුත්ත සිදු කරන්නට හැදුවත් හැමදාමත්මෙන් ශාන් තමන්ගේ කටයුතුවලට බාල්දි පෙරලන නිසා අද ඔහු උදෑසන පටන් හරි අපූරු සැලසුමක් සූදානම් කළේය......ෂාන්ව හෙඩ් ඔෆිස් එකට යවා යීබෝව රාත්‍රී 8 වනතුරු නවතා ගැනීම එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් දැන් පෙනෙන්නට ඇත.........
ඉතින් ඉක්මනින් ඉක්මනින් වැඩ කරන යීබෝ දෙස බලාගෙනම ඔහු රොකීට දුරකථන ඇමතුමක් අරගත්තේය.......
" හෙලෝ රොකී.......ඔන්න මගේ බබා මලක් වගේ වැඩ.......මම ඉතින් මේ ඈතින් බලාගෙන ඉන්නවා......... "
පුදුමාකාර පෙරේතකම ගැබ් වූ කටහඬකින් ඔහු එලෙසින් කියද්දී රොකීගේ මුහුණටත් මනමාල සිනහවක් මතුවුනේය .....
",මොකෝ කියන්නේ........අදම රස බලන්න හිතුණද......"
රොකි අමුතුම වොයිස් එකකින් එලෙසින් අසද්දී තමන්ගේ සිරුර උණුසුම් වන බවක් ශැන්ග් හට දැනුනේය ......
" මේ මේ.......එහෙම චාටර් වෙලා හත් පොළේ ගාගන්න බෑ මේක ඔෆිස් කේස් එකක්.......උඹ මාව අවුස්සන්නේ නැතුව හිටපං......."
හිතට දැනෙන හැඟීම් අපහසුවෙන් හිර කරගෙන ශැන්ග් එලෙසින් කියද්දී අනෙක් පස ඇසුනේ උස් හඬින් සිනහවකි.....
" උඹට රත් වෙනකොට control නෑ කියන්න මම දන්නවා කොල්ලා......යකෝ පෙරේදා රෑ අර කොල්ලට දීල තිබ්බ දස වදයක්....... ඌට තාම උණ......"
රොකී සිනාසෙමින් කියද්දී ශැන්ග් බලාගෙන සිටින්නේ යීබෝ දෙසයි ........
" මං පෙරේදා ඌව කෑවේ මගේ බබාව මතක් කර කර..........කොල්ලෝ සබ්ජෙට් එක වෙනම ලෙවල් එකක් බං......දැන් කෙල්ලෙක් එන්ජෝයි කරන්න හිතෙන්නෙම නෑ වගේ........"
ශැන්ග් අසහනය මුසු වූ කටහඬකින් එලෙසින් කියද්දී ඉතින් රොකීගේ සිනහව යළිත් ඇසෙන්නට විය.........
" හරි හරි එහෙනම් අඩියක් දෙකක් කොල්ලට ලං වෙයන්කෝ......ඕල් ද බෙස්ට් මචං......"
රොකී දුරකථන ඇමතුම අවසන් කළ අතර ශැන්ග් ඇඟ පතේ හිරි අරිමින් වාඩිවී සිටි අසුනෙන් නැගිට කාර්යාලය පුරා මදක් සක්මන් කළේය........මේ වන විට ඉතින් හෝරාවකට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර ඔහු සෙමින් කාර්යාලයේ දොර ඇරගෙන යීබෝ සිටින තැනට ඇවිද ආවේය .....
" අහ්.......සර්........."
වැඩ වලට අවධානය යොමු කරගෙන හිටියත් යීබෝ ශැන්ග් ඈතින් ඔහුට ළං වන විටම දුටු නිසා කරමින් සිටි රාජකාරිය නතර කර ඉක්මනින් වාඩි වී සිටි තැනින් නැගිට්ටේය.....
" හෝ......හෝ......වාඩිවෙලා වැඩ කරගන්න යීබෝ .......මාත් ලොකු වැඩක හිටියේ පොඩ්ඩක් කම්මැලි හිතුණ හින්දා එළියට ආවෙ....."
ඉතාමත් ලෙන්ගතු කටහඬකින් ඔහු එලෙසින් කියද්දී යීබෝ තරමක් අපහසුවෙන් මෙන් අසුනෙන් වාඩි වී යළිත් වැඩ ආරම්භ කළේය.....
" බයික් එකක නේද වැඩට එන්නේ......"
ජූලිගේ table එක අසල බිත්තියේ ගසා තිබෙන ටාගට් ශිට් වගයක් පරීක්ෂා කරන බව අඟවමින් ඔහු ඇසුවේය ......
" ඔව් සර්........"
" හ්ම්ම්ම්ම්...... මෙතන වැඩ කරන කොට ප්‍රශ්න එහෙම ඇතිවුණොත් දෙපාරක් හිතන්නේ නැතුව මට ඇවිත් කියන්න.......සමහර වෙලාවට පරණ අය කේස් අදිනවනේ......මම ඉතින් ඔය කිසි දෙයක් දන්නේ නෑ වගේ හිටියට හැමදේ ගැනම ටච් එකේ ඉන්නේ......ෂාන් උනත් කමක් නැහැ.....ඔයාට වැඩ කරන්න බැරි තරම් ප්‍රෙශර් එකක් දෙනවනම් මට කියන්න....... මෙතන වැඩ කරන හැමෝම මට එකයි....."
" හරි සර්........."
ඉතින් තවත් ටික වේලාවක් ඒ වටපිටාවේ පරීක්ෂා කරන ආකාරයෙන් එහාට මෙහාට ඇවිද ශැන්ග් ඔහුගේ කාර්යාලය දෙසට ඇවිදගෙන ගොස් කාර්යාලයේ දොර අරින්නට අගුලටත් අත තබා යළිත් හැරී .......
" යීබෝට ඕනෙනම් කොෆී එකක් හදාගෙන බොන්න.. නිදිමත දැනෙනකොට වැඩ කරන්න අමාරුයි නේ.....හදිසියේ හරි එහෙම කෝපි එකක් හදාගන්න හිතිලා ගියොත් මට කෝපි එකක් හදාගෙන එන්න.....මේක මේ ඕඩර් එකක් නෙවෙයි........."
යනුවෙන් පවසාගෙන කාර්‍යාලය තුලට ගියේය ....
කෝපි එකක් බොන්නට අදහසක් තුන් හිතකවත් නොතිබුනු යිබෝ දැන් සිටින්නේ දෙලොවක් අතර අතරමං වී කල්පනා කරන අතරයි......කෝපි හදන්නට එකවුන්ට් සෙක්ෂන් එක පසුකර යා යුතුය...... ඊළඟට ආයතන ප්‍රධානියාට කෝපි එකක් හදාගෙන එන ආකාරය එතැන වැඩ කරන කිහිප දෙනාගේ නෙත ගැටෙන්නේය......
සර් කෝපි එකක් ඉල්ලුවේ මනුස්සකමට කියන්න මම දන්නවා.......ඒත් ඊළඟට දකින මිනිස්සු මොනවා හිතයිද......කෝපි හදන්න ගිහිල්ලා එදා මහ මනුස්සයගෙන් බැනුම් අහන්නේ නැතුව අනූනමයෙන් බේරුනේ......දැන් ආපහු ලෙඩක්......
යන්දෝ නොයන්දෝ කියා හිතමින් යිබෝ යලිත් වැඩ ආරම්භ කළ අතර මේ වන විට වේලාව හතට ආසන්න වී තිබුණි......
ශැන්ග් කාර්යාලය තුළට වී නොසන්සුන්ව බලාගෙන සිටින්නේ යීබෝ කෝපි හදන්නට ඔහුගේ අසුනෙන් නැගිට යනතුරුයි....ඊළඟට ඉතින් ඔහු කෝපි කෝප්පයක් සමග කාර්යාලය තුළට පැමිණි පසු තවත් ආදරණීය වචන කිහිපයක් තෙපලීම ශැන්ගේ අදහසයි....
ඒත්.........විනාඩි දහයක් පමණ යන විට සිදුවූයේ නොසිතූ සිදුවීමකි.....
",මේ #ත්තා මොකද මේ කඩාගෙන බිදගෙන ........"
ශැන්ග් අත් දෙකත් මිට මොලවා ගනිමින් එලෙසින් හිතද්දීම ශාන් මිස්ටර් හෙන්රි සමඟින් කාර්යාලය තුළට ආවේය......
" අහ්.......අපේ පොඩි සර් තාම වැඩ......"
මිස්ටර් හෙන්රි ශැන්ග් හට ආචාර කරමින් එලෙසින් කියද්දී සිනහවක් ලබාදිය යුතු නිසා පමණක් ඔහු සිනහවක් ලබා දුන්නේය......
" හෙඩ්රෆිස් එකේ මිනිස්සු මොකද අපේ ඔෆිස් එකේ......"
අමනාපයක් නොවන අමනාපයක් පිරුණු කටහඬකින් ශැන්ග් අසද්දී ශාන් ඔහුගේ ආසනයට පිටුපසින් ඇති ලොකර් එකක් විවෘත කර මොනවාදෝ සොයා ෆයිල් එකක් අතට ගත්තේය ........
" හරි හරි ෆයිල් එක තියෙනවා මිස්ටර් හෙන්රි...... "
ශාන් එය මිස්ටර් හෙන්රි අත තබමින් සැනසුම් සුසුමක් හෙලමින් පැවසුවේය......
" ඒකනේ.....අද මේක හොයාගන්න බැරි වුණා නම් එහෙම අපි දෙන්නට මාර වැඩේ වෙන්නේ...... එහෙනම් මිශ්‍රශාන් ඔය ටික ඉවර කරලම යන්න....මම දැන් මේකත් අරගෙන පෝර්ට් එකට යනව....යන්නම් පොඩි සර්......"
මිස්ටර් හෙන්රි ෂාන් ලබා දුන් ලිපිගොනුවත් රැගෙන ශැන්ග් හට ආචාර කර පිටව ගිය අතර දොර වැසී යනවාත් සමගම ශැන්ග් කෝපයෙන් වාඩිවී සිටි අසුනෙන් නැගිට්ටේය.......
ඉතින් මේ කෝපය සහ මේ හැසිරීම බලාපොරොත්තුවෙන් සිටි ෂාන් ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැතුව ගොස් ඔහුගේ අසුනෙන් වාඩි වුනේය ........
" ඇයි යකෝ කලින් ආවේ......"
ශාන්ගේ ටේබල් එක අසලටම ගොස් ටේබල් එකටත් පහරක් එල්ල කරමින් ශැන්ග් අසද්දී ශාන් සෘජුව ඔහු දෙස බැලුවේය.......
",මිස්ටර් Rouyun ගෙ වැඩකට ආවේ මිස්ටර් ශැ........"
ශාන් හට නිදහසට කරුණු ඉදිරිපත් කර අවසන් කරන්නටත් ඉඩක් නො තබා ශැන්ග් ගේ පියා ශාන්ගේ දුරකථනයට ඇමතුමක් අරගත්තේය....table එක උඩ තබා තිබුණු දුරකථනය නාද වෙද්දී දුරකථන ඇමතුම ගන්නේ කවුරුන්දැයි ඔහු හොඳින්ම දුටුවේය.....ඉතින් ශැන්ග් හට ඇස් වලින් අසාගෙන ඉන්න වැනි බැල්මක් ලබා දුන් ෂාන් ලවුඩ්ස්පීකර් ඔන් කර ඇමතුම සම්බන්ධ කර ගත්තේය.....
" ෂාන් ෆයිල් එක තිබුණද......"
" ඔව් සර්.....මිස්ටර් හෙන්රි පෝට් එකට ගියා......"
" අහ්........හරි හරි.......අපේ පුතා තවම ඔෆිස් එකේද....."
" ඔව් සර් මිස්ටර් ශැන්ග් වැඩ තවම......."
", හ්ම්ම්ම්......ඕකේ ඕකේ........"..
ඇමතුම අවසන් වූ අතර මෙතනින් එහාට ඉතින් තර්ක කරන්නටවත් ෂාන් හට බැන වදින්නටවත් හැකියාවක් නැති නිසා ශැන්ග් ගොස් බලාපොරොත්තු සුන් වූ අයුරින් ඔහුගේ අසුනට කඩා වැටුණේය....
අවශ්‍ය කළ ලිපි ගොණුව ශාන්ගේ බෑගයේ තිබීම වෙනම කතාවකි.....එය අත්‍යවශ්‍ය බව පවසද්දී එය ඔෆිස් එකේ බව පවසා මෙතැනට පැමිණ සියලු දෙනාගේ ඇස් වසා ලොකර් එකෙන් පිටතට ගත් ආකාරයෙන් එය මිස්ට හේන්රි අතේ තැබීමත් වෙනම කතාවකි...... ඉතින් ඒ සියල්ල සමගින් ජයග්‍රාහී සිනහවක් හිත යටින් නඟා ගන්නා ගමන් ශාන් ඉතිරිවී තිබෙන විනාඩි 40ක පමණ කාලයෙත් වැඩ ටිකක් අවසන් කරන්නට පටන් ගත්තේය......
" මට දැන් වුණත් යන්න පුළුවන්......ඒත් මගේ බබාව තමුසෙට බාර දීලා යන්නත් මට දැන් ෂුවර් නෑ......"
එලෙසින් පැවසූ ශැන්ග් ඈතින් කෝපි එකත් රැගෙන කාර්යාලය දෙසට එන යීබෝ දෙස බලාගෙන සිටින්නේය ..........
"ඔහ්.......කෝපිත් හදලා......"
කෝපි එකක් හදන්නට නොපැවසූ ආකාරයෙන් රඟ දක්වමින් ශැන්ග් කෝපි එක අතට ගනිද්දී යීබෝ ශාන් දෙස බැලුවත් ශාන් හිස නිකමට වත් එසවූයේ නැත......
අපරාදේ මම කඩාගෙන බිඳගෙන ආවේ කියලා හිතෙනවා....ජෝඩුව කෝපි හදාගෙන බීගෙන ආතල් එකේ ඉඳලනේ.....එතකොට මමද දැන් ආතල් කඩලා තියෙන්නේ?.....ආයේ ඉතින් මම බලන්නේ නෑනේ...... කෝපීය කතා හදාගෙන නලව නලව ආපු හැටි..... ඒක තමයි මම එනකොට ශීට් එකේ හිටියේ නැත්තේ..... ඒත් සීට් එකේ නැති වෙනකොට මම පපුව ගැහි ගැහී ඔෆිස් එකේ දොර ඇරියේ......කොහෙවත් යන එකෙක් වෙනුවෙන් මම මොනවට නහිනවද මන්දා....... ඉල්ලලත් නැතුව කෝපි ගෙනත් තියෙන්නේ.....හහ්....... ආය මං මගේ පස්සවත් හරවලා බලන්නෙ නෑ.......
යිබෝ කෝපි එක ශැන්ග් අතට ලබාදී පිටව ගිය පසුව ශාන් කේන්තියෙන් වෙව්ලමින් කල්පනා කරන අතර ඇත්තෙන්ම මේ මොහොතේ ඔහුට කීබෝඩ් එක ටච් කරගන්නටවත් හැකියාවක් නැත......එක්වරම මහා පුදුමාකාර පරාජිත බවක් සමගම හදවතට අමුතු වේදනාවක් දැනුනත් ඒ සියල්ල යටපත් කරගෙන අටවනතුරු අපහසුවෙන් වැඩ කළ ශාන් ආයතන ප්‍රධානියාටත් පෙර ඔහුගේ බෑගය සූදානම් කරගෙන වාඩිවී සිටි තැනින් නැගිට්ටේය......
" යන්න ද හදන්නේ......"
" ඔව් සර්........"
" අර බබාගේ බයික් එකේ පැච් එකක්වත් යවන්න බැරි වුණානේ ලිෆ්ට් එකක් දෙන්න.."
ශැන්ග් තමන් වාඩි වී සිටි තැනින් නැගිටිමින් එලෙසින් කියද්දී දොර දෙසට ඇවිදගෙන යමින් සිටි ෂාන් නතර වී ඔහු දෙසට හැරුණේය......
" ඊළඟ දවසේ එහෙම සපෝට් එකක් ඕන වුනොත් කියන්න සර්.....".
ඉතින් කවදාවත් නැතුව ෂාන් එලෙසින් කියද්දී ආයතන ප්‍රධානියාගේ මුහුණ බල්බ් වැලක් එල්ලූ ආකාරයෙන් ආලෝකවත් වුණේය......
" අන්න එහෙම ඉන්න එපැයි ෆිට් එකට......."
ශැන්ග් දත් තිස් දෙකම පෙන්වා සිනාසෙමින් කියද්දී ඔහුටත් සිනහවක් තිළිණ කළ ශාන් කාර්යාලයේ දොර විවෘත කරගෙන පිටතට ආවේය......
" සර් යන්........."
" ඕටි දාල තියෙන්නෙ අට වෙනකල් විතරයි....නමය දහය වෙනකම් ඉඳලා බාකෝඩ් එක ගැහුවත් ඕටි හැදෙන්නේ අට වෙනකල් විතරයි....."
යීබෝගේ කතාව අවසන් කරන්නට නොදී කේන්තියෙන් මෙන් එලෙසින් පැවසූ ශාන් විදුලි සෝපාන දෙසට ඇවිදගෙන යද්දී සිදුවූයේ කුමක්දැයි හිතා ගන්නට නොහැකිව ෂාන් නොපෙනී යනතුරු බලාගෙන සිටි යිබෝ ඉක්මනින් ඔහුගේ බෑගය සූදානම් කරගෙන ඒ පිටුපසින්ම ගමන් කරන්නට පටන් ගත්තේය.........
කොයිතරම් කේන්තියෙන් සිටියත් ඉතින් යීබෝත් ශාන් ඇතුළු වූ විදුලි සෝපානයටම ඇතුල් වෙද්දී ශාන්ගේ හිතට පුංචි සතුටක් ඇතිවී නැති වී ගියේය.......
දැන් එළිවේටරය සිව්වැනි මහලේ සිට සෙමෙන් සෙමෙන් පහලට ඇදී යන්නේය....... යීබෝ කිහිපවතාවක්ම ශාන් දෙස බැලුවත් ශාන් සිටින්නේ සෘජුව ඉදිරිය බලාගෙනයි...... නමුත් ඉතින් ඔවුන්ට ඉදිරියේ ඇති සිල්වර් බිත්තියෙන් යීබෝ කිහිප වතාවක් තමන් දෙස බලන ආකාරය ශාන් නොදුටුවා නොවේ.....
අවසානයේ බර හුස්මක් පිට කළ යීබෝ .......
" සර්........"
යනුවෙන් ආමන්ත්‍රණය කලේය ......ශාන් හිස හරවා යීබෝ දෙස බැලුවේය ......
" සර් හිතනවා ඇති මම මගේ තනි කැමැත්තට කෝපි එකක් හදලා ගෙනාවා කියලා .... ඒත් සර් එන්න පැය බාගෙකට විතර කලින් මිස්ටර් ශැන්ග් තමයි office එකෙන් එළියට ඇවිල්ලා මගෙත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉඳලා ඔයා කෝපි එකක් හදාගන්න යනවානම් විතරක් මටත් කෝපි එකක් ගෙනත් දෙන්න කියාගෙන ගියේ......."
සිදුවූ සිදුවීමෙන් ඇත්තෙන්ම හිතට දෙගිඩියාවක් ඇතිවී තිබුණු නිසා යීබෝ කරුණු පැහැදිලි කළේය...... ඉතින් සිදුවූ සිදුවීමෙන් හිතට බරක් එකතු කරගෙන තිබුණු ශානුත් යටි හිතින් සැනසුම් සුසුමන් හෙළුවේය........
" ඒත් මිස්ටර් ශැන්ග් සර් ඉස්සරහ හැසිරුනේ මගේ තනි කැමැත්තට කෝපි එක ගෙනාවා වගේ......"
යීබෝ පසුතැවිලි දායක කටහඬකින් එලෙසින් කියද්දී ශාන් යීබෝට කෙටි සිනහවක් තිළිණ කළේය......
" වැඩ කරනකොට කල්පනාවෙන් වැඩ කරන්න...... දැන් ඒක ගැන එච්චර හිතන්න එපා.......එතන හිටියේ මම විතරයි උනේ මොකක්ද කියලා මම දැන් දන්නවනේ........."
යීබෝ සිනාසුනේය ...ඉතින් ඒ සිනහව ශාන්ගේ හදවතේ කෙලවරක තැන්පත් වුනේය ..... ඒත් සමගම පහත මාලයට පැමිණි විදුලි සෝපානය ටීක් හඩක් නංවමින් විවෘත වූ අතර දෙදෙනාම ඉන් පිටතට ඇවිත් බාකෝඩ් ගේට් එකෙන්ද පිටතට ආවේය ..
දැන් දෙදෙනා මේ ඇවිදගෙන යන්නේ ප්‍රධාන දොරටුව දෙසටයි......විදුලි සෝපානයට ගොඩ වෙන්නට පෙර දෙදෙනාගේම හිත් වල තිබුණු බර සහ වැරදි අවබෝධය මේ වනවිට අවසන් වී ඇත.....ඇත්ත පැවසූ නිසා යීබෝගේ හිතට සැනසීමක් ඇති වී තිබෙන අතර සිදුවී තිබෙන සැබෑ සිදුවීම දැනගත් නිසා ශාන්ගේ හිතටත් සැනසීමක් ඇතිවුණේය......
" යීබෝ යන්න........"
ප්‍රධාන දොරටුවෙන් පිටතට එද්දී දෙදෙනා ඉතින් දෙපසට ඇවිද යා යුතුය.....යීබෝ ඔහුගේ යතුරු පැටිය අරගන්නට ආයතනයේ රථගාල වෙත යායුතු අතර ශාන් ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට ගොස් බස් එකක් අර ගත යුතුය.......
" මේ වෙලාවට බස් තියෙනවද සර්......."
" ඔව්.......ඔයා යන්න...."
ශාන් ඉක්මනින් ඉක්මනින් එලෙසින් පැවසුවේ ආයතන ප්‍රධානියා වාහන අංගනයට එන්නට පෙර යීබෝව එතැනින් පිටත් කර හරින්නට හිතාගෙනයි...... ඉතින් යීබෝ යතුරු පැදිය අරගන්නට ගිය පසුව ශාන් ඉබි ගමනින් මෙන් ප්‍රධාන ගේට්ටුව දෙසට දැන් ඇවිද යන්නේ යීබෝ ඔහු පසුකරගෙන ආයතනයෙන් පිටව යන තුරුයි.......
ඉතින් විනාඩි පහක් ගත වන්නටත් පෙර යීබෝගේ ස්කූටිය ශාන් පසුකරගෙන යද්දීම ශාන්ගේ බසයත් එතැනට ආවේය ........
කොල්ලා හිතා මතා කෝපි එකක් ගෙනාවා වගේ අර බූරුවා කතාකරපු විදිහ.......ඒ වෙලාවේ මට යීබෝගේ මූණ බලන්න කොහොමත් අමතක උනානේ.......එකපාරට මූණ අමුතු වෙලා යන්න ඇති......ඇයි යකෝ කෝපි එකක් ගේන්න කියලා ඊළඟට බලහත්කාරෙන් කෝපි එකක් ගෙනල්ල ඇඟේ ගැහුවා වගේනේ ඌ කතා කරේ......ටික ටික ලොක්කා ගැන එයාම දැනගන්න එක හොඳයි.......
බස් රථයට නැඟී අසුන්ගත් ශාන් ඉතින් තනිව කල්පනා කරන්නට විය.....හිතට දැනුණු සැනසීම නිසාදෝ ඒ මුහුණේ මද සිනහවක් සටහන්වී ඇත......
.
.
.
.
.
" අරුංගෙ සිරික්කිය බලපියකො......"
රෑන්ග් කොහේදෝ බලාගෙන එක්වරම කියද්දී ශාන් සහ යෙන්ෂිත් හිස හරවා ඒ දෙස බැලුවේය .... එතැන සිටින්නේ ජූලි , ෆෙයි , යීබෝ සහ ගායොන් බව දුටු ශාන්ගේ මුහුණට කෙටි සිනහවක් මතුවුනේය ....
මේ බ්‍රහස්පතින්දා දිනයයි....... අද ඇත්තෙන්ම රාජකාරී අඩු දිනයකි......ඉතින් සවස තේ වෙලාවට සියලුම දෙනා එකට ඇවිත් තිබෙන අතර ශාන්ලාගේ ටේබල් එකට ටේබල් දෙකක් පමණ එහායින් වාඩි වී සිටින යීබෝලා මොනවාදෝ කියමින් සිනාසෙන්නේය..... හතරදෙනාගේම සිනහව දෙස බලන කතාව කෙසේ වෙතත් ශාන්ගේ බැල්ම කෙලින්ම යොමුවී තිබෙන්නේ නිදහසේ සිනාසෙන යීබෝගේ මුහුණ මතටයි..ගායොන් පවසන මොනවාටදෝ වරින් වර වෙනස් වන ඒ සිනහව ශාන්ව ඒ සිනහව මතම ගිල්වා තබන්නට සමත් වී තිබුණි.....
හදවත නිවෙන බවක් , මුළු හිතම සන්සුන් වන බවක් , දැහැනකට සමවැදෙන බවක් , නිවුනු බවක්........ඒ සිනහව දකින ශාන් හට දැනුණේය......
ඈතින් ඉඳගෙන ඔහු දෙස බලන්නට පටන් අරගෙන මේ වන විට සති තුනක කාලයක් අවසන් වී ගොස් තිබෙන අතර සඳුදා රාත්‍රී සිදුවීමෙන් පසුව ශැන්ග් යීබෝ පිළිබඳව පුරසාරම් දෙඩීමත් නතර කර තිබුණි...... ඔහුගේ මේ හැසිරීම ශාන්ගේ හිතට නම් කුතුහලයක් එකතුකර තිබෙන අතර සිදු වෙන්නේ මොනවාදැයි අවධානයෙන් බලාගෙන සිටින්නට ඔහු තීරණය කර ඇත.....
හොඳම කාරණාව වන්නේ ඉතින් වචනයෙන් මගේ බබා යනුවෙන් පවසමින් වර්ණනා නොකළත් දවසේ වැඩි වෙලාවක් ශැන්ග් යීබෝ දෙස බලාගෙන සිටින ආකාරය ශාන්ගේ නෙත ගැටීමයි....ඒ දෙස බලාගෙන ඔහු වෙලාවකට බර පතර ලෙස කල්පනා කරන බවක් නම් දැනෙන්නට ඇත.......
" ඔය අපේ ශාන්ගෙ ට්‍රේනර්....."
යෙන්ෂි යීබෝ දෙස බලාගෙන කියද්දී රෑන්ග් තමන් එය දන්නා බව අඟවන්නට හිස සැළුවේය.....ඉතින් මෙතරම් වේලාවක් රටේ නැති දේවල් කල්පනා කරමින් ඒ දෙස බලාගෙන සිටි ෂාන් යලිත් කෝපි එක බොන්නට පටන්ගත්තේය...
දැන් යීබෝ ටිකෙන් ටික ආයතනයේ අය සමඟ මිතුරු වෙමින් මේ පරිසරයට හුරුවන බව මේ දින කිහිපයේම ශාන් හරි අපූරුවට දුටුවේය....ඔහු තවමත් වැඩිපුර ආශ්‍රය නොකරන්නේ තමන් සමග බව නම් ඉතින් අමුතුවෙන් කියන්නට දෙයක් නැත......හේතුව කියන්නට නොදන්නා නමුත් ඔහු තමන් ඉදිරියේ හැසිරෙන්නේ අපහසුවකින් බවනම් ශාන් තේරුම් අරගෙන සිටින්නේය.....
තමන් යටතේ මාස තුනක් සේවය කරන්නට තිබෙන නිසා ඉතින් සර් යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට එපා යැයි කියන්නට හැකියාවක් ශාන් හට නැත..... සමහරවිට එයත් දෙදෙනා අතර ඇති මේ දුරස් බවට හේතුවක් වන්නට ඇත........ඊටත් වඩා ඉතින් වැඩට පැමිණි දිනයේ පටන් අනවශ්‍ය දේවල් වලට ඔහු සමග තමන් කේන්ති අරගත් බවත් මේ වන විට ශාන් කල්පනා කරන්නේ හදවතේ වේදනාවක්ද සමඟයි.....
පෙනුම නිසාද, ඔහුගේ ළෙන්ගතු සිනහව නිසාද , ඔහුගේ හැසිරීම නිසාදැයි කියන්නට නොදන්නා නමුත් මේ වන විටත් ස්ටාෆ් එකේ බොහෝ දෙනෙක් ඔහු සමග මිතුරු වී ඇත....... ඒ බව කල්පනා කරද්දී ශාන්ගේ හිතට දැනෙන්නේ වේදනාවකි......ඒත් ඉතින් තමන් මේ දේවල් සිදු කළේ ඔහුගේම යහපතට නොවේදැයි කල්පනා කරමින් ඔහු ඔහුගේම හිත හදා ගන්නේය.....
ඇත්තෙන්ම යීබෝ ආයතනයට පැමිණි මුල් දිනවල ශාන් ඒ තරම් ඔහුව පරිස්සම් නොකළේ නම්, ඔහුට නොදැනෙන්නට හෝ සමහර දේවල් වැළැක්වූයේ නැතිනම් මේ වන විටත් කුමකින් කුමක් සිදුවී තිබේදැයි කියා කියන්නට හැකියාවක් නැත......
" කොල්ලා එල බුලට් එකක් ඕයි...... හිටපු ගමන් පැකින් එකට එනවනේ......"
රෑන්ග් එලෙසින් කියද්දී ශාන් සිනාසුනේය ......
" අපේ ශාන් ට්‍රේන් කලොත් ඉතින් ආය එහෙම තමයි ....."
,යෙන්ෂි සිනාසෙමින් කියද්දී ශාන් නිහඩව සිටියේය ..... නමුත් ඉතින් කෝපි කෝප්පය පානය කර අවසන් වන තුරුම වරින් වර ඔහුගේ බැල්ම වැටී තිබෙන්නේ අලුත් සේවකයා වෙතට බව යෙන්ෂි දුටුවේය .....ශැන්ග් ගේ පහත් අවශ්‍යතාවය පිළිබඳව සහ කිහිප වතාවක් ඒවායෙන් යීබෝව බේරාගන්නට ශාන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව යෙන්ෂි දැනුවත් ය...... මුල් දිනවලදී ඔහු සිතුවේ තමන් යටතේ වැඩකරන සේවකයාට ආරක්ෂාව සැපයීම තමන්ගේ වගකීම යනුවෙන් සිතමින් ෂාන් මේවා කරනවා යනුවෙනි .......නමුත් දැන් දැන් යෙන්ෂිට මොකක් නමුත් අමුත්තක් දැනෙන්නට පටන්ගෙන තිබුණත් ඔහු තවමත් ඒ පිළිබඳව කිසිවක් තම මිතුරාගෙන් අසන්නට ගොස් නැත........
" ශාන් ගගා........"
නිදහසේ සිනාසෙන සුර කුමාරයෙක් දෙස බලාගෙන නිදහසේ කෝපි කෝප්පය තොලගාමින් සිටි ශාන්ගේ මනෝභාවය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින් ජින්ග්‍යී එතැනට ආවේය ....... ඇය කතා කරන හඬ ඇසෙද්දී ශාන්ගේ මුහුණේ ඉරියව් වෙනස් වන ආකාරය යෙන්ෂි හරි අපූරුවට දුටුවේය....
",ආ......කියන්න ජින්ග්‍යී ......."
",මේ......අද හවස ඕෆ් වෙලා ඔයාට මොකක් හරි විශේෂ වැඩක් තියෙනවද......"
කිසිම පැකිලීමකින් තොරව ඇය එලෙසින් අසද්දී ෂාන් තමන් අසල සිටින මිතුරන් දෙදෙනා දෙසත් පුදුමයෙන් බැලුවේය...... සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙක් අසලට ගොස් ඇසුවත් ගැහැණු ළමයෙක් පිරිමියෙක් අසලට ඇවිත් අසද්දී ඇත්තටම දැනෙන්නේ අමුතු හැඟීමකි.....
",හ්ම්ම්ම්........ඒක ඉතින් හවස හතර පහ වෙනකන් හරියටම කියන්න බැහැ ජින්ග්‍යී ......... මොකක් හරි වුවමනාවක්ද........"
" අහ්.......මේ.......මට ශාන් ගගා එක්ක ටිකක් කතාකරන්න ඕන.......ඒකයි......."
දැන් ආපනශාලාවේ බොහෝ දෙනකුගේ අවධානය මෙතැනට යොමුවී තිබෙන්නේ ජින්ග්‍යී ශාන් ගැන බලාපොරොත්තු තියාගෙන සිටින බව බොහෝ දෙනෙක් දන්නා නිසා වන්නට ඇත.......
" අන්න අද ළඟටම ගිහින් මොනවදෝ කතා කරනවා....."
ෆෙයි කියද්දී ගායොන්ගේ කතාවකට සිනාසෙමින් සිටි යීබෝත් ඒ දෙස බැලුවේය ........කොහොමත් ඉතින් තමන්ට පමණක් රවන ගොරවන ශාන් අනෙක් සියලු දෙනාටම සිනාසෙන බව නම් ඉතින් යීබෝට අමුතුවෙන් කියන්නට දෙයක් නැත ..... මේ මොහොතේත් ඔහු ඇය සමග කතා කරන්නේ මද සිනහවක් සමගයි.........
" අද නම් මොනවා හරි වෙයි වගේ......"
ගායොන් කියද්දී ජූලි තමන් එය පිළිනොගන්නා බව අඟවන්නට හිස දෙපසට සැලුවේය....
",ශාන් ඉන්න ලව් කරන්න පුළුවන් මානසිකත්වයක නෙමෙයි....... ඒ කොල්ලට ඊට වඩා ප්‍රශ්න......."
ජූලි එලෙසින් කියද්දී යීබෝ නිහඩ විය.....ගෙවී ගිය සති තුනක පමණ කාලය පුරාවට ශාන් යනු පවුලේ තාඩන පීඩන මැද රැකියාව සිදු කරන පුද්ගලයෙක් බව ඔහුත් දැනගෙන තිබුනි.........
",පුළුවන්කමක් තියෙනවා නම් මට කියන්නකෝ .........මං යන්නම්......."
තරමක් ලැජ්ජාවෙන් මෙන් එලෙසින් පැවසූ ඇය එතැනින් පිටවගිය අතර ශාන් සැනසුම් සුසුමක් හෙලුවේය .........
" ඔක්කොමල වගේ මේ පැත්ත බලාගෙන ඉන්නෙ......"
රෑන්ග් සිනාසෙමින් කියද්දී ඔක්කොමලා යන වචනය ඇසුණු සැනින් ශාන්ගේ දෙනෙත් නතර වූයේ ජූලිලාගෙ ටේබල් එක අසලයි..... ඉතින් ඔහු දෙසම බලාගෙන සිටි හතර දෙනා කෙටි සිනහවක් තිළිණ කර ඉක්මනින් යළිත් තම තමන්ගේ කතාබස් ආරම්භ කළේය.......
ජින්ග්‍යී තමන් අසලට ඇවිත් කතාබහ කර යන ආකාරය කවුරුන් දුටුවත් යීබෝ දැකීම ශාන්ගේ හදවතට වේදනාවක් එකතු කර අවසන්ය..... ඔහු සාමාන්‍ය ලෙසින් සිනාසී අහක බලා ගත්තාට දැන් තමන් දෙසට යොමුවී තිබෙන සියලුම දෙනෙත් මගහැර ඔහු අසලට ගොස් තමන්ගේ හිතේ එහෙම දෙයක් නැතැයි කියන්නට අවශ්‍යතාවයක් ශාන් හට ඇති වුණේය...... නමුත් ඉතින් ඔහු ඒ අවශ්‍යතාවය යටපත් කරගත්තේය........
" ශාන් ........මොකෝ අරයා කියන්නේ......."
තේ වේලාව අවසන් වී සියලුම දෙනා තම තමන්ගේ රාජකාරී ආරම්භ කරද්දී කාර්යාලයට යන්නට පෙර ශාන් ඇසුරුම් අංශයට ගියේ අවශ්‍ය කරන තොරතුරු කිහිපයක් අරගෙන එන්නටයි.....ඉතින් ඒවාත් රැගෙන යලිත් සිව්වැනි මහලට ඇවිත් කාර්යාලය දෙසට ඇවිදගෙන යන ශාන්ගෙන් ජූලි එලෙසින් අසද්දී කාර්යාලය දෙසට යන ගමන නතර කළ ශාන් ඇය අසලට ආවේය......
ඇහේ කොනකින් මේ කතාවට අනෙක් පුද්ගලයාත් ඇහුම්කන් දෙන බව දුටු නිසාම ........
",හවස පහෙන් පස්සේ ෆ්‍රී නම් එයාව හම්බවෙන්න කිව්වේ........"
යනුවෙන් පැවසුවේය ..... දැන් ඉතින් ශාන්ගේ ඇස් කොනේ බැල්මට පෙනෙන්නේ අනෙක් පස අසුනේ සිටින තැනැත්තාත් කරමින් සිටි රාජකාරිය නතර කර මේ කතාවට ඇහුම්කන් දෙන බවකි.......
",ඔහ්........ ඒකි ඔයාට කැමතී ශාන් ....... "
ජූලි සිනාසෙමින් කියද්දී ශාන් ඔහුට සුපුරුදු ලෙන්ගතු සිනාව ඉතින් ඇයට තිළිණ කළේය......
" ඒත් මං කැමති නෑනේ ජූලි......"
ශාන් සෘජුව එලෙසින් පවසද්දීත් ඉතින් අර ඇස්කොනෙන් පෙනෙන පුද්ගලයා දෙසත් ලාවට හෝ බලන්නට අමතක කළේ නැත....... ඔහුගේ ඉරියව්වල වෙනසක් නොපෙනුනත් මෙතන සිදුවෙන කතාබහට ඔහු සියලු රාජකාරි නතර කර සවන් දෙන බව නම් පෙනෙන්නට ඇත...
" ඒත් දෙන්නා හොඳට ගැලපෙනව හා නැද්ද බෝ......"
ජූලි ඊලඟට යීබෝ වෙතට කඩයිම් ප්‍රශ්නයක් යොමු කරද්දී ශානුත් සෘජුව යීබෝ දෙස බැලුවේය .......තත්පර කිහිපයකට දෙදෙනාගේ දෙනෙත් එකිනෙක යාවුනු අතර යීබෝ ඉක්මනින් ශාන්ගේ බැල්මෙන් දෙනෙත් ඉවත් කරගෙන ජූලි දෙස බැලුවේය........
" කියන්න තරම් වරදක් නම් නැහැ......ඒත් අපේ ශාන් සර්ට ඊට වඩා ලස්සන කෙනෙක් හොයාගන්න පුළුවන්......."
ඉතින් ආපනශාලාව තුළ ශාන් අසල ජින්ග්‍යී හිටගෙන සිටින විට යීබෝගේ හිතට දැනුණු සැබෑම හැඟීම ඔහු එලෙසින් වචන කළේය......ඒ මොහොතේ ඉතින් ඒ තැන හිටගෙන සිටින පුද්ගලයාගේ හැඟීම් ගැන වෙනමම කතා කළ යුතුය.....
ඔහුට දැන් දැනෙන්නේ ඔහු වෙනත් ලෝකයක පාවෙන බවකි....ඊට වඩා ලස්සන කෙනෙක් ඇත්තෙන්ම තමන්ට සුදුසු බව ශානුත් තරමක් ආඩම්බර ලෙසින් සිතුවේය.....ඉතින් එය පැවසූ පුද්ගලයාම ඊට වඩා ලස්සන නොවේදැයි ඊළඟ මොහොතේ සිතෙද්දී ඒ මුහුණට හරි අපූරු සිනහවක්ද මතු වුණේය......
" ආං මනමාල හිනාව ........ එහෙනම් ශාන්ගේ හිතේ කවුරුහරි ඉන්නව නේද......."
යීබෝගේ කතාවත් සමග ශාන්ගේ මුහුණට මනමාල සිනහවක් මතුවෙද්දී ජූලි සිනාසෙමින් ඇසුවේය ....... දැන් ඉතින් ඒ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් ජූලි සහ යීබෝ ශාන් දෙස බලාගෙන සිටින්නේය...... නමුත් ඉතින් මේ ඒවාට පිළිතුරු දෙන්නට වෙලාවක් නොවන නිසා ඉක්මනින් අත බැඳි ඔරලෝසුව දෙස බැලූ ශාන් සුපුරුදු වගකීම් පිරුණු බැල්මෙන් යීබෝ දෙස බැලුවේය ........
" ඉක්මනට රිපෝට් එක හදන්න තව විනාඩි විස්සකින් මීටින් එක......"
එපමණක් පැවසූ ශාන් කාර්යාලය තුළ නොපෙනී ගිය අතර කවදාවත් නැතිව ශාන් සර් සමග විහිළුවක් කිරීමේ ආඩම්බරයෙන් යීබෝ අසුනෙන් වාඩිවුනේය .....
" මං කිව්ව නේද ෂාන් පොඩ්ඩක්වත් ඒකට කැමති නෑ කියලා.....මං හිතන්නේ දැන් අවුරුද්දක විතර ඉඳලා පස්සෙන් එන්නේ......."
ජූලි එලෙසින් කියද්දී යීබෝ සිනාසෙමින් report එක අවසන් කරන්නට පටන් ගත්තේ ඔය සිනාසෙමින් කතා කරාට ඊළඟට ඒ යක් මුහුණ දකින්නට සිදුවන්නේ තමන්ටම බව දන්නා නිසාවෙනි........
.
.
.
.
" එහෙනම් ඉතින් උඹ කිව්වා වගේ කොල්ලට මේකෙන් ගැලවෙන්න බැරි විදිහට වැඩේ සෙට් කරලා රස විඳින්න තමයි තියෙන්නෙ......."
" උඹ කියන විදිහට කොල්ලා එහෙම නම්ම ගන්න ලේසි පොරක් නෙමෙයි කියලා තේරෙනවා නම් ඉතින් ඒක තමා එකම විසඳුම......"
",ඔව් බං මුල් දවසේ හිනාවෙලා කතාබහ කරාට කොල්ල ඉන්නේ හෙන ගට්ස් පිට...... අනික ශාන් ඌ දැනුවත්ව කොල්ලට වරදක් වෙන්න දෙන්නෙත් නෑ......ඒක ඉතිං උගේ හැටි නේ.....පතෝලයා මට පෙන්නන්න බෑ........"
මේ සිකුරාදා රාත්‍රියයි....... ශැන්ග් සිටින්නේ රොකීගේ club එක තුළ ඔහු සමග බර සාකච්ඡාවකයි...... ගෙවී ගිය දින කිහිපයේම යීබෝ පිළිබඳව තමන් වැඩි අවධානයක් යොමු කරන්නේ නැති බව පෙනෙන්නට ඔහු හැසිරුනේත් රොකීගේ උපදෙස් මතයි....... ඉතින් දැන් මේ ඔවුන් දෙදෙනාගේ බරපතල සාකච්ඡාව වන්නේ යීබෝව රසවිඳ ඉන්පසුව හැමදාමත් ඔහුව පාවිච්චි කරන්නට හැකිවන ලෙසින් ඔහුව නම්මා ගන්නට ක්‍රමයක් හදා ගැනීමටයි........
",එහෙනම් ඉතින් අර මං එදා කියපු වැඩේ තමයි......"
අවසානයේ රොකී එලෙසින් කියද්දී ශැන්ග් බර හුස්මක් පිට කරමින් එය අනුමත කරන්නට හිස සැලුවේ........
" අනිවාර්යෙන් එහෙම වුණහම කොල්ලට අපිට විරුද්ධ වෙන්න බෑ.......අනික තමයි කොල්ලා කවදාවත් උගෙ ජීවිතේ නැති කරගන්නේ නෑ මොකද උගෙ අම්මට ඉන්නේ ඌ විතරයි ....... අපි අතේ සාක්ෂි තියාගෙන වැඩේ කරහම ඒක පෙන්න පෙන්න බ්ලැක් මේල් කරන එකනේ තියෙන්නේ ඊට පස්සේ.......මට ඌගේ රහක් බලනකන් නින්ද යන්නෑ බං....... උඹ දන්නවනේ ඌ දැක්කට පස්සේ මම ඇඳට ගත්තේ කොල්ලොම විතරයි ........ ඌ මාව පිස්සු වට්ටලා බං......"
ශැන්ග් පුදුමාකාර අපහසු බවකින් එලෙසින් කියද්දී රොකී ඔහුගේ කර වටා අතක් දමා ගත්තේය.....
" මේ වැඩේට රෑ වෙනකන් ඉන්න බෑ.......දවල් වෙලාවක මොකක් හරි වැඩකට කියලා කොල්ලව අරන් වරෙන්.....club එකට ගේන්න එපා හොටෙල් එකට ගෙනෙං.......ඔක්කොටම කලින් පතෝලයව පොඩ්ඩක් ඈතකට යවලා හිටපන්......."
රොකී සැලසුම පැහැදිලි කරද්දී ඊට නිහඩව ඇහුම්කන් දුන් ශැන්ග් අතපය හිරි හරිමින් වාඩි වී සිටි තැනින් නැගිට්ටේය......
" එහෙනම් ලබන සෙනසුරාදා දවල් දෙක වෙනකොට වැඩේට ඕන කරන හැමදේම ලෑස්ති කරපන්......මගේ වැඩකට කියලා මම කොල්ලව ගේන්නම්........ "
**
**
**
**
**
මතුසම්බන්දයි ...........
...................................................................................................
✒️ හී හී........ඊලඟ සෙනසුරාදා හවස දෙකට මොකද වෙන්නේ කියලා බලමුකෝ......
✒️ ශාන් සර්ට ජින්ග්‍යී ගැලපෙන්නෙ නෑ කියන්නෙ.....
✒️ හෙට 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... අරගෙන එන්නම් ......
✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න ... ❤💚💛