🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.............
දෙව්රුවක් සිහිවුණා දෙව්ලොවේ නම් දැරූ.....💚💚
( මේක බිහයින්ඩ් යූ මගේ ff එකේ මම ලියපු කවියක පදයක්.....)
.
.
.
.
" ජොබ් එක අත ඇරලා පාරට බැහැල ආපු වෙලාවෙ ඔයාට බය හිතුනෙ නැද්ද මැණික......"
හැඟීම් පිරුණු කටහඬකින් ශාන් එලෙසින් අසද්දී යීබෝ ඇස් වලින් පවා සිනාසුනේය.....
" ඒ වෙලාවේ මට කාරණා දෙක තුනකටම සතුටු හිතුනා කිව්වොත් ඔයා පිළිගන්නවද චංගා........"
" කාරණා දෙක තුනකට සතුටු හිතුණා......".
"හ්ම්ම්ම්..........."
" ඒ මොනවද ඉතින්........."
**
" හ්ම්ම්ම්..........එක තමයි ඔය වන්දිය ගෙවලා ඉවර වුණාට පස්සේ ඔයාට ඔය ජොබ් එක නතර කරලා අලුත් ජොබ් එකක් හොයාගන්න කියලා කියන්නේ මම හිටියේ.....ඉතිං මම කියන්න කලින් ඒක සිද්ධ උනහම හිතට සතුටක් ආවා.........දෙක තමයි අර ගල් මූසලයට දෙක තුනක් ඇන්න එක , තුන තමයි එතන හිටපු කිසිම කෙනෙක් ඔයාට වරදක් නොකියපු එක......."
ශාන්ගේ ඇස් දෙක දෙස බලාගෙන තමන්ගේ හිතට සතුටක් ඇති වූ හේතුව යීබෝ පවසද්දී නිහඩව ඒ සියල්ලට ඇහුම්කන් දුන් ශාන් බරම බර හුස්මක් පිට කරමින් යීබෝගේ නලලට ඔහුගේ දෙතොල් තද කරගෙන ටික වේලාවක් සිටියේය......
" මේ වෙලාවේ ඔයාව මට ලැබුණු එකට හේතු තුන හතරකට සතුටු හිතුණා කිව්වොත් ඔයා පිළිගන්නවද මැණික ......"
නළලට දෙතොල් තද කරගෙන සෑහෙන වේලාවක් නිහඬව සිටි ෂාන් ඒ මුහුණ දෙස බලාගෙනම එලෙසින් අසද්දී යීබෝ ඉතින් සුපුරුදු පරිදි ඇස් දෙකත් ලොකු කරගෙන දැන් මේ බලාගෙන සිටින්නේ ඔහු හේතුව පවසන තුරුයි......
" ඉස්සෙල්ලාම මම දැනගත්තා මගේ සැනසීම තියෙන්නේ ඔයාලග කියලා , චූටිගෙන් ඇරෙන්න ගෙදර කිසිම කෙනෙක්ගෙන් සැනසීමක් විඳපු නැති මම ඔයා ළඟ මගේ සැනසීම තියෙනවා කියලා දැනගත්තහම සතුටු වුණා ...... ඊළඟට මගේ හිත හදන මැජික්කාරයෙක් මගේ ළඟ ඉන්නවා කියලා මම සතුටුවුනා....... දැන් මට සතුටු හිතෙනවා , මාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනාත් ඔයාම වෙච්ච එක ගැන.......... අන්තිමට බලාගෙන යනකොට මගෙ මුලු ලෝකෙම මගේ බෝදියා කියලා දැනගත්තා........."
ශාන් වෙනස්ම වූ කටහඬකින් , එසේත් නැතිනම් හුරතල් කටහඬකින් වත් , ශුංගාරාත්මක කටහඬකින් වත් නොවන , ආදරය පමණක් පිරුණු කටහඬකින් එලෙසින් කියද්දී යීබෝගේ ඇස් දෙකට කඳුළු පිරුණේය....... ශාන් ඒ දිලිසෙන ඇස් දෙකට හාදු දෙකක් තැබුවේය .....පසුව ඒ නළලට තමන්ගේ නළල හේත්තු කරගෙන බරමබර හුස්මක් පිට කළේය....
" දන්නවද මැණික.......අතේ තිබුණු කොළ කෑල්ලක් පොඩි කරලා විසි කරලා දාලා එනවා වගේ රස්සාව අතහැරලා දාලා ආවට හිතට බරක් දැනෙන්නෙම නැත්තේ ඔයා මදි ළඟින් ඉන්නවා කියන විශ්වාස හින්දා කියලා....... හ්ම්ම්ම්........ මට ඒ හැඟීම කියන්න තේරෙන්නේ නෑ බෝධි......."
ශාන් හැඟීම් බර කටහඬකින් එලෙසින් කියද්දි ඉතින් මේ මොහොතට එවන් වූ හැඟීමක් අවශ්‍ය නොවන නිසාම යීබෝ ශාන්ගේ කරවටා අත්දෙක දමාගත්තේය ......
" උම්මා එකක්......."
ෂාන් මෙච්චර හැඟීම් බර වී සිටින මොහොතක ශෘංගාරාත්මක කටහඬකින් යීබෝ එලෙසින් කොඳුරද්දී ශාන් ක්ෂනයකින් හිස ඔසවා යීබෝගේ මුහුණ දෙස බැලුවේය .........
" ඇයි ඉතින් දැන් ඔහොම බලන්නේ......උම්..........බ්........"
යීබෝගේ වචන අවසන් කරන්නට පෙරාතුව ඉතින් හාදුව ආරම්භ විය......... හැමදාමත් මෙන් ඉතින් ඉතාමත් මෘදුව ආරම්භ වන හාදුව සෑහෙන වෙලාවක් දෙතොල් එකට පැටලී විදගත් අතර ශාන් ඊලඟට යීබෝගේ ගෙලමතට පහත්වුනේය .....
" චංගා .......එහා කාමරේ මමාලා......."
ශාන්ගේ සිප ගැනීම් එන්න එන්නම උණුසුම් වෙද්දී යීබෝ දැන් ඔවුන් සිටින්නේ කොහේදැයි අනතුරු ඇඟ වූ පසුව ඉතින් ශාන් යීබෝගේ සිරුරෙන් ඉවත්වී ඔහුව පපුවට තුරුලුකරගත්තේය ......දැන් ඉතින් මේ ඔවුන් දෙදෙනා සිදු කරන්නේ ඔවුන්ගෙන්ම ඇවිලි ඔවුන්ගෙන්ම නිවීමයි.......
විනාඩි කිහිපයක් යන විට ශාන්ගේ පපු තුරුල්ලේම යීබෝට නින්දගිහින් තිබුනු අතර නින්ද නම් ඉතින් ශාන්ගේ අහලකටවත් පැමිණියේ නැත.....කොයිතරම් ඉතින් හිත සැහැල්ලු කරගෙන ඉන්නට හැදුවත් , ශාන්ගේ හදවතේ ඇත්තේ කළු ගලක් තැබූ ආකාරයේ බරකි........
එකක් රැකියාවක් සොයා ගැනීම, අනෙක තම නැගණියගේ ආරක්ෂාව , අනෙක් කාරණාව රැකියාවක් සොයාගන්නා තුරු වියදමට මුදල්......... ශාන් බර හුස්මක් පිටකලේය .......
සති තුනක් වැඩ කරපු එක වන්දියට කැපෙයි.....කොහොමත් ඉතිං ඉතිරි වෙන සොච්චමක්වත් එකවුන්ට් එකට දාන එකක් නෑ......මේ මාස දෙකේ පොතේ ඉතුරු කරගත්තු ගාන තමයි තියෙන්නෙ..... ඉක්මනටම මොකක් හරි ජොබ් එකක් හොයාගන්න ඕනේ.......ෂූයෑන්ග් නුත් කම්පැනි තුන හතරක වේකන්සි වගයක් එවලා තියෙනවා...... දෙකකට online cv යවන්න තියෙන්නේ , අනිත් එකට ගිහිල්ල බලන්න තියෙන්නෙ....හෙට මේ දෙන්නව ඉස්කෝලේ එහෙම ගිහින් දාලා මුලින්ම සීවී දෙක යවලා උදේ දහයට විතර අනිත් කම්පැනියට ගිහින් එනවා....... බලමු........මොකක්ම හරි හරියයිනේ.......
අවසානයේ එලෙසින් තමන්ගේ හිත හදා ගත් ශාන් තමන්ගේ පපුවේ තුරුළුවේ නිදාගෙන සිටින යීබෝගේ හිස් මුදුනටම දෙතොල් තද කරගෙන දෙනෙත් පියාගත්තේය......
.
.
.
.
" චංගා..........."
" හ්ම්ම්ම්........"
" ඉතින් යමු......මාව දාලා ඔයා අර cv හදන්නත් එපැයි ......."
" තව චුට්ටක් ..........හ්ම්ම්ම්........"
ශාන් මීට විනාඩි කිහිපයකට පෙර මෙයිව පාසලට ගෙන ගොස් හැරලූ අතර මෙම නිවසේ සිට පාසලට සහ රැකියා ස්ථානයට ඇත්තේ විනාඩි දහයක දුරකි..... අද උදෑසනින්ම වෙරෝනිකා මෙයිට පාසලට රැගෙන යන්නට ආහාර වර්ග කීපයක්ම සූදානම් කර තිබුණු අතර මෙයි සූදානම් වන තුරු ඇයට කැව්වේද ඇයයි... ඉතින් ඒ මොහොතේ මෙයිගේ පමණක් නොවේ මේ සිදුවීම දුටු ශාන්ගේ දෙනෙත් වලටත් කඳුළු පිරුණු අතර සෙලීනාගේ සහ වෙරෝනිකාගේ තිබෙන වෙනස ඔවුන් පියවරෙන් පියවර දකින්නටත් පටන් අරගෙන තිබුණි ..
දැන් ඉතින් මේ තමන්ගේ නැගණියව පාසලට ගෙන ගොස් හැරලා පැමිණි ශාන් සූදානම් වී අවසානයේ හිස පීරමින් සිටි යීබෝව පරිස්සමින් පපුවට තුරුළු කරගෙන ඒ ගෙල මත මුහුණ තියාගෙන සිටින අතරයි.......
ඔහුව වැඩට ගෙන ගොස් දමා යළිත් එන්නට හිත හදාගන්නට නොහැකිව ශාන් වේදනාවෙන් සිටින බව ඉතින් යීබෝ නොදන්නවා නොවෙයි.....නමුත් ඉතින් හිත රිදෙන මාතෘකාවන් උදේ පාන්දරවත් කිසිම මොහොතකවත් ඇද ගන්නට ඔහුගේ කැමැත්තක් නැත......
" ඉතින් අනේ බෙල්ල අස්සේ මූණ ගහගෙන ඉන්නේ මූණ උස්සලා උම්මා එකක්වත් දෙන්නකෝ චංගා......"
ශාන්ගේ හිතේ තිබෙන වේදනාව මදකට තුරන් කරන්නට හිතාගෙන යීබෝ සුපුරුදු කෙඳිරීම මුසු වූ කටහඬින් එලෙසින් කියද්දිම ඉතින් බලධාරියා නොසන්සුන් වුණේය...... ඉක්මනින් හිස ඔසවා යීබෝගේ මුහුණ දෙස බැලූ ශාන් මුලින්ම යීබෝගේ දෙතොල් මතට කෙටි හාදුවක් තැබුවේය......
" මගෙ පිත්ත මලමේ ......"
කම්මුල් දෙක මතින් ද එබෙන්නම හාදු දෙකක් තැබූ ශාන් ඊළඟට ඉතින් ඒ දෙතොල් සුළු වේලාවක් සිප ගත් අතර වැඩට යන්නට ප්‍රමාද වන නිසාම ඉක්මනින් හාදුව අවසන් කලේය .....
" ශාන් පුතා දැන් ඉතින් ආය ගෙදර එන එකක් නෑනේ......එපාට්මන්ට් එකට ගිහිල්ලා කන්න මම කෑම දෙකක් දැම්මා......"
යීබෝගේ කෑම එක ඔහු අතට දෙන අතරම තවත් කෑම බෑගයක් ගෙනැවිත් ෂාන් අතේ තබන ගමන් ඇය කියද්දී ඉතින් ඔහු අනේ බලන්නකෝ වැනි බැල්මක් යීබෝට හෙලුවේය ....
" මම මොනවා හරි කනවනේ මමා........"
මේ කැප කිරීම පිළිබඳව හිතට ඇතිවූ බර ගතිය නිසාම ඔහු එලෙසින් කියද්දී දැන් ඔහු ඉදිරියේ සිටින අම්මා සහ පුතා යන දෙදෙනාම ඔහුට රවන්නේය......
" මොනවා හරි කනවනේ කියන්නේ.....හරියට කෝපි එකක්වත් හදාගන්න බැරි ඔයා අර එපාට්මන්ට් එකේ මොනවද කන්නේ කියලා මට කියන්නකෝ චංගා......"
යීබෝ තරමක කෝපයකින් යුතුව කියද්දී ශාන් බිම බලාගත්තේය .... වෙරෝනිකා යීබෝට රැවූ අතර ඇය ශාන් අසලට ගොස් ඒ අතකින් අල්ලාගත්තේය ....කොයිතරම් පිටතට තමන් ශක්තිමත් යැයි පෙන්වා ගෙන හිටියත් එක්වරම සිදු වූ මේ රැකියා අහිමි වීම නිසා ශාන් මානසිකව ඇද වැටී සිටින බව ඉතින් ඇය නොදන්නවා නොවේ....
" අමාරුම කාලේ අපි ටිකක් පරිස්සමෙන් ගෙවාගමු පුතේ.... ඕනෙම දේකට අපි ඉන්නවා......ඔයාම කට පුරා ඊයේ කිව්ව නේද දැන් අපි එක පවුලක් කියලා...... ඔයාට බැරි කාලේ අපි ඔයාට හයියක් වෙනවා වගේම , ඔයා ශක්තිමත් උන කාලෙක ඔයා අපිට හයියක් වෙන්න.....පවුලක් කියන්නේ අන්න ඒකට තමයි.....එක්කෙනෙක් මතම අනිත් හැම දෙනාම යැපෙන එක නෙමෙයි....... මේ ගෙදර හම්බ කරන දෙන්නෙක් ඉන්නවා.....ඒක නිසා ඔය ගැන හිතන්නේ නැතුව කලබල කරන්නේ නැතිව හොඳම ජොබ් එකක් හොයාගන්න උත්සාහ කරන්න........"
" මමා........"
ඉතින් කවදාවත් නැතුව ඔහු වෙරෝනිකාව වැළඳ ගත්තේය.....මේ සිදුවීම ළඟින් ළඟින් දකින යීබෝගේ දෙනෙක් වල පිරී තිබුණු කඳුළු කොපුල් දිගේ පහළට ගලාගෙන ආවේය.......
" මම ඔයාගේ මමානම් ඉතින් මගේ යුතුකම් ඉෂ්ට කරන්න දෙන්න......ඉස්සරහට ඔයා ශක්තිමත් වෙලා ඔයාගේ මමාව බලාගන්න...."
වෙරෝනිකා අනෙක් අතට ශාන්ව වැළඳගෙන ඔහුගේ අපිට සෙමින් අතගාමින් එලෙසින් කියද්දී යීබෝත් ඔහුගේ බෑගය ගලවා පසෙකින් තබා දෙදෙනාම වැළඳ ගත්තේය......... පෙර දින රාත්‍රියේ සිට ශාන්ගේ හදවතේ යම් පසුතැවීමක් තිබුණා නම් , ඒ පුංචිම පුංචි පසුතැවීමත් මේ මොහොතේ ඔහුගේ හිතෙන් අතුරුදහන් වී ගියේය..........
" මේ මොකද මං කට්ටියම එක පොදියට බදාගෙන.......සුළි සුළඟක් වත් එනවා කියලා නිවුස් වලට කිව්වද........"
ඉතින් ඉදිරිපස දොර අසලින් මාග්‍රට් ආච්චි ගේ කටහඬ එලෙසින් ඇසෙද්දීත් තිදෙනා මදක් ඈත් වූ අතර ශාන්ගේ සහ යීබෝගේ ඇස් වල තිබුණු කඳුළු ඇය දුටුවත් නොදුටුවා සේ ඇවිත් ආලින්දයේ අසුන් ගත්තේය....
" ලොකු කොල්ලගේ ජොබ් එක නැති වුණා කියලා මට අපේ එකා කිව්වා.....අනේ පඩේකට ගණන් ගන්න එපා බන්.......ඔය කොම්පැනිය විතරද ජොබ් කරන්න තියෙන්නේ........ "
මාග්‍රට් එලෙසින් කියද්දී යීබෝ සිනාසෙමින් ඇය අසලට ආවේය ...
" අනේද කියන්නේ......ජොබ් එකක් හොයාගන්නම බැරි වුනොත් එහෙම පොතේ එකතුවෙලා තියෙන සල්ලි ටික පොලියට දෙන්න කියනවා චංගට......."
උදේ පාන්දරම ඉතින් මාගරට් ආච්චීව මදක් අවුස්සාගන්නට හිතු යීබෝ එලෙසින් කියද්දී ශාන් ඔහුට රැවේවේය ....
" අනේ ඉතින් උඹ මගේ රස්සාවටත් බඩේ පාර ගහපංකෝ......මෙච්චර මේ හොඳට ඉගෙනගෙන කොලීජිවල ගියපු කොල්ලෙක් පොලියට දෙන්න ඕනෙයෑ......... අපි හිමීට රස්සාවක් හොයාගමු කොල්ලෝ.......මං අදත් මේ යන්නේ rochor රෝඩ් එක පැත්තෙ.........."
පොලී මුදල් එකතු කරන කුඩා පොතක් අතට රැගෙන එය පෙරළමින් මාග්‍රට් කීවේය .......
" මං මේ ගෙට ගොඩ වැදුනේ මේ ප්‍රශ්න හින්ද මාස දෙක තුනක් ගෙවල් කුලි ගෙවා ගන්න එහෙම බැරි උනොත් ඒ ගැන හිතන්න එපා කියන්න....... පස්සේ බැරියෑ එකතු කරලා ගෙවන්න........ "
වාඩිවී සිටි තැනින් නැගිටිමින් මාග්‍රට් එලෙසින් කියා ශාන්ගේ පිටට තට්ටුවක් දමාගෙන යන්නට ගියේය ........
" මාග්‍රට් ආච්චි ඔයාට ආදරෙයි චංගා...... ඔය ටවුමකදී එහෙ මෙහෙ බයික් එක යන වෙලාවට කොහේදි හරි දැක්කොත් දාගෙන එන්න......"
ඈත නොපෙනී යන මාග්‍රට් දෙස බලාගෙන සිටි යීබෝ එලෙසින් කියද්දී ශාන් සිනාසුනේය ....
" දැන් මේ කයිවාරු ගහ ගහ ඉන්නේ ඔයාට පරක්කු වෙලා නැද්ද......"
" ආහ්........චංගා යං.......හතයි හතලිහයි......"
වෙරෝනිකා වෙලාව මතක් කළ පසුව ඉතින් ඔහුට ප්‍රමාද වූ බව අවබෝධ වී තිබුණු අතර ශාන්ගේ අතින් ඇදගෙන මිදුලට බැස්සේය ....
" ලයිසන් එක ගන්න වැඩෙත් ඉක්මන් කරන්න ඕනේ චංගා.........මේ පොඩි පොඩි ස්කූටි නිතරම පොලිසියෙන් නතර කලේ නැතිවුනාට කියන්න බෑනේ........ඔයාට නිදහසේ පාරකවත් යන්න නෑනේ...."
දැන් ඉතින් මේ ඔවුන් ආයතනය අසලට යන අතරයි .....ආයතනය පේන නොපෙනෙන මානයේ යීබෝව බස්සවා ආපහු පිටත්වීමට ඔවුන් නිවසේදීම කතාකරගත්තේය...........
" ඔව්.......මේ දවස් ටිකේ ඒකත් කරගමු බෝදි......මං අද අර ඉන්ටවිව් එකට ගිහින් එනකොට ලර්නර්ස් එකකට යන්නම්......."
පැති කණ්නාඩියෙන් පෙනෙන යීබෝගේ මුහුණ දෙස බලාගෙන ශාන් කියද්දී ඔහු ලස්සනට සිනාසුනේය ....
"චංගා.......කොහේ ගියත් චූටි ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට එතනට යන්න මතක තියාගන්න......"
", හ්ම්ම්ම්.......අද after school නෑ කියලා කිව්වා........මම ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එතන ඉන්නවා.........දැන් මේ බහින තැනින්ම මම හවස ඇවිත් බයික් එක නතර කරගෙන ඉන්නම්......."
ආයතනය පෙනෙන නොපෙනෙන මානයේ අතුරු පාරක් අසල බයික් එක නතර කළ ශාන් එලෙසින් කියද්දී යීබෝ අල්ලාගෙන සිටි ශාන්ගේ ඉන දැනෙන නොදැනෙන ලෙසින් මිරිකා අතහැර බයික් එකෙන් බැසගත්තේය ....
" එහෙනම් පරිස්සමෙන් ඔයාගේ වැඩ ටික කරගන්න චංගා......කෑම කන්නේ නැතුව බඩගින්නේ නම් ඉන්න හිතන්නවත් එපා......."
" හරි හරි මගේ grandpa....... මම හොඳ ළමයෙක් වගේ ඉන්නම්කෝ.....දැන් එහෙම හිටියොත් එහෙම හවසට ඇවිත් මට මොනවද දෙන්නේ?......."
" ඔයාට ඉතින් දෙන්න ඕනෙ නෑනේ බලෙන් ගන්නවනේ.........මේ වෙලාව පරක්කු වෙලා තියෙන්නේ මම යනවා.......මාව ගන්න එන්න......."
හෙල්මට් එක ශාන් අතට දුන් යීබෝ ශාන්හට හරි ආදරණීය සිනහවක් තිළිණ කර යන්නට ගියේය .....
" හ්ම්ම්ම්.......දැන් මල පාලුයි........"
පාර පැන ආයතනය දෙසට ඇවිදගෙන යන යීබෝ දෙස බලාගෙන එලෙසින් මිමිනූ ශාන් බර හුස්මක් පිටකලේය ........ පසුව කෙලින්ම එපාට්මන්ට් එකට ආවේ රැකියා සෙවීමේ මෙහෙයුම ආරම්භ කරන්නට හිතාගෙනයි......කොහොමත් ඉතින් එම කටයුත්ත හිතන තරම් පහසු නොවන බව ෂාන් පමණක් නොව ඔහු වටේ සිටින සියලුම දෙනා දන්නා කරුණකි......
විශේෂයෙන්ම ඉතින් ඔහු සේවයෙන් අස්වීමක් සිදු නොකර සේවය අතහැරීමක් සිදුකළ නිසා , නව ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට යද්දී එය සෘජුවම බලපාන බව සැබෑවකි.... නමුත් ඉතින් ඕනෑම දෙයක් උත්සාහ කර බලන්නේ නැතිව තීරණය කිරීම ශාන්ගේ විදිහ නොවේ........
එපාට්මන්ට් එකට පැමිණි ශාන් නිවස මඳක් අස්පස් කර වෙරෝනිකා සූදානම් කර දී තිබුණු කෑම එකක් දිගහැරගත්තේය .... මේ වන විට ඉතින් වෙලාව උදෑසන නමයට ආසන්න වී තිබුණු අතර ඒ මොහොතේම ශාන්ගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ආවේය....
📥 කෑම කන්න චංගා........හැමෝම කතා වෙන්නේ ඔයා ගැන........මිස්ටර් ඇන්ඩෲ කියලා තඩි කලු මනුස්සයෙක් ඔෆිස් එකේ.....🤭
ඉතින් ශාන්ගේ මුහුණට සිනහවක් මතුවුනේය ...
" හහ්.....මිස්ටර් ඇන්ඩෲ........නියමයි......ශැන්ග් කාරයට හොදම වැඩේ.........."
ඉතින් හිතට දැනුනු අමුතුම සතුටක් නිසාවෙන්.දිග හැර ගත් කෑම පෙට්ටිය ෆොටෝ එකක් රැගෙන ශාන් යීබෝට යැව්වේය .....
ඉදිරියට සිදු කළ යුතු දේවල් මනසින් සැලසුම් කරමින් ආහාර ගනිමින් සිටී ශාන්ගේ දුරකථනය ඊළඟට නාද වෙන්නට පටන් ගත් අතර ඇමතුම ඉතින් බලාපොරොත්තුවෙන් සිටි ආකාරයෙන්ම යෙන්ෂිගෙනි.......
" ශානයා .......මම මේ දැන් hr පැත්තේ රවුමක් දාලා ආවේ ලොක්කා වැඩේ තදකරනවා වගේ....... උඹ මේල් එකක් විදිහට අස්වීම එව්වත් බාරගන්න එපා කියලා තමයි අරකිට කියලා තියෙන්නේ ......."
ශාන් කලබල වෙන්නට නොගියේ ඉතින් සිදුවූ සිදුවීමත් සමගින් කොහොමත් ඔහු එවන් දෙයක් බලාපොරොත්තු වූ නිසාවෙනි.....
" උන් කවදාවත් වැරැද්ද පිළිගන්න ජාතියේ එවුන් නෙමේනේ යෙන්ෂි........"
කලකිරීම පිරුණු කටහඬකින් ෂාන් එලෙසින් කියද්දී යෙන්ෂි එය අනුමත කලේය ....
" කෝකටත් කමන් නෑ මං අර එවපු තැන් දෙකට උඹ ඇප්ලිකේෂන් දෙකක් දාපන්......service experience එක දාලා , ඉවත්වීමට හේතුව පුද්ගලික කාරණාවක් කියලා නිකමට දාපන්කෝ.... උඹ අතෙන්ට දැන් යනවද........."
" හ්ම්ම්ම්ම්......ඔව්........දහයට විතර ගෙදරින් යන්න හිතාගෙන ඉන්නෙ....... "
" හරි හරි........ඉස්සෙල්ලාම ගිහින් බලපන්කෝ......මුහුද හත් ගව්වත් තියාගෙන අඹුඩ ගහන්න බෑනේ...... කොල්ලා වැඩට ඇවිත් හිටියා......මාත් පොඩ්ඩක් ගිහිල්ලා පොඩි එකා එක්ක කතා කරලා ආවේ......."
" හරි මචං.......මම එහෙනම් උඹට ගිහිල්ලා ඇවිල්ලා මැසේජ් එකක් දාන්නම්........"
" හරි කොල්ලා ........ එහෙනම් පරිස්සමෙන්......"
.
.
.
.
.
වේලාව සවස තුනට ආසන්න වී තිබුණු අතර ශාන් මෙයිව වෙරෝනිකාට බාරදී එහෙන්මම කරන්නට වැඩ රාජකාරී රාශියක් තිබෙන බව පවසා එපාට්මන්ට් එකට ආවේ එතැන ඔවුන් සමඟවත් කතා කර කර ඉදින්නට තරම් මානසිකත්වයක් ඔහුට නොතිබුණු නිසාවෙනි......
අද උදෑසන ඔහු එක්තරා ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වූ අතර එතැනදි සිදුවූයේ ඉතින් බලාපොරොත්තු වූ සිදුවීමකි...... අවුරුදු හතරක් පමණ සේවය කළ රැකියා ස්ථානයෙන් ඉවත් වීමට හේතු ඔවුන් හාර හාරා ඇසූ අතර ආයතනයේ නම පැවසූ පසුව මොනවාදෝ පරීක්ෂා කර බලා පසුව දැනුම් දෙන බව කීවේය .....
මිස්ටර් Rouyun කියන්නෙ ශැංහයි හොල්ලගෙන ඉන්න මිනිහෙක්නේ...... මේ වෙනකොටත් මගේ සම්පූර්ණ ඩීටේල්ස් වටේම තියෙන කම්පැනි වලට දීලා ඇති....... ඒකනේ අන්තිමට කම්පැනියේ නම කිව්වට පස්සේ මගේ දිහා සතෙක් දිහා බලනවා වගේ බැලුවේ......
එපාට්මන්ට් එකට පැමිණි ශාන් ඔහුගේ කාමරයේ කවුළුව අසලට වී සෑහෙන වේලාවක් කල්පනා කරමින් සිටියේය..... කිසිවක් ඉතින් හිතන තරම් පහසු නොවන බව නම් මේ වන විටත් ඔහුට අවබෝධ වී තිබෙන අතර නමුත් ඉතින් උත්සාහය අත්හරින්නටත් ඔහු සූදානමක් නැත.....පසුව බරම බර හුස්මක් පිටකලේය .....
මෙයිව පාසලෙන් යළිත් රැගෙන එන විටදී ඇය කිහිප වතාවක් ම අද ගිය සම්මුඛ පරීක්ෂණ පිළිබඳව විමසූ අතර , කොහොමත් ඉතින් සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල එවේලේම නොලැබෙන බව පවසා ඇයව සනසාලු ශාන් ආයතනය විසින් තමන්ව අපහසුතාවයට පත්කරන්නට පියවර රැගෙන තිබෙන බව නම් පවසන්නට ගියේ නැත......
මම ඕවා කියන්න ගියා නං එහෙම ඊළඟට චූටි හිතන්න ගන්නවා මං හින්දා තමයි මේ හැමදේම උනේ කියලා...... ඒත් කෙල්ලට අද මගේ වෙනසක් තේරුණාද මන්දා...... කාල යන්න ඉන්න කිව්වට මම හිටියෙත් නෑනේ..... හැබැයි මම ඉතින් වෙනසක් දැනෙන්නෙ නැති වෙන්න හැසිරුනා...... ඒත් ඉතිං ඔය කෙල්ලන්ට ඉව තියෙනවා......චූටියට වඩා හොඳට බෝධියට ඉව තියෙනවා......දැන් හවස මාව දැක්ක ගමන් කියයි......සමහරවිට කෙල්ලන්ට කොල්ලන්ට කියලා වෙනසක් නෙවෙයි තියෙන්නේ මෙතන , හදවතේ ඉන්න මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ.......
කල්පනාවෙන් කල්පනාවෙන් ඉතින් වේලාව ගතවී ගොස් තිබුනු අතර ශාන් යීබෝව අරගන්නට උදෑසන ගිය තැනටම ආවේය ....
විනාඩි පහක් පමණ ඈතින් පෙනෙන ප්‍රධාන ගේට්ටුව දෙස බලාගෙන සිටියදී ඉතින් කාටත් පෙර ශැන්ග් ගේ වාහනය පිටව යන ආකාරය ශාන් දුටුවේය ... තවත් විනාඩි කිහිපයක් ගතවන විටින් එකා දෙන්නා සමහරුන් තම තමන්ගේ වාහනවල, තවත් සමහරුන් පාරට ඇවිත් බස් රථයේ ආදියෙන් ආයතනයෙන් පිටව යන ආකාරය දැකගන්නට හැකි වූ අතර ........ ඊළඟට ඉතින් බලාපොරොත්තුවෙන් සිටි රුව ප්‍රධාන ගේට්ටුවෙන් මතු වුණේය.......
ඒ හිනාව දැක්කහම හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නිකම්ම මැකිලා යනවා.....නිකන්ද මම මැජික් කාරයා කියලා කියන්නේ..... ඔන්න මාව හොයනවා...... හ්ම්ම්ම්....දැක්කා.......අනේ ඉතින් ඒ හිනාව.......
ප්‍රධාන ගේට්ටුව අසලින් මතු මතුවූ යීබෝ දෙස බලාගෙනම ශාන් දැන් සිනාසෙන්නේය ....ශාන්ව දුටු යීබෝට පාර පැනගන්නටවත් සිහියක් නැති තරම්ය.... ඉතින් දැන් අවසානයේ ඔහු පාර පැනගෙන ඉක්මනින් ඉක්මනින් ශාන් අසලට ඇවිද ආවේය ....
" මෙතන ගොඩක් වෙලා ඉන්න බෑනේ අපි මුලින්ම යමු......."
හෙල්මට් එක යීබෝ අතට දුන් ශාන් එලෙසින් කියද්දී යීබෝ ඉක්මනින් යතුරුපැදියේ අසුන් ගත් අතර ඔවුන් දෙදෙනා දැන් මේ අතුරු පාරක් දිගේ ඉදිරියට ඇදෙන අතරයි.......
" යෙන්ෂි අයියා hr එකේ විස්තර කියන්න ඇති නේද චංගා........"
" හ්ම්ම්ම්......මට උදේ කෝල් කරා......."
" අද ගියපු වැඩේ මොකක්ද උනේ?......"
" මං හිතන්නේ මේ වෙනකොටත් ෂැන්හයි වල මට ජොබ් එකක් කරන්න බැරි තත්වෙට මිනිහා වැඩ සිද්ධ කරලා වගේ......."
" එහෙම හිතන්න එපා චංගා , අපි තව ටිකක් උත්සහ කරලා බලමු........ ඊට කලින් මට කියන්නකෝ ඔයා ලර්නස් එකට ගියාද කියලා........"
" හ්ම්ම්ම්........ බයික් එකට විතරක් ලයිසන් එක ගන්න නං ඉතින් ඉක්මනට පුළුවන්.........."
" නෑ නෑ........හැමදාම බයික් පදින්නම බෑ නේ.... අපි හැමදාම මෙහෙම ඉන්නේ නෑනෙ චංගා......මේ දවස්වල පුළුවන් විදිහට ට්‍රේනින් එක දාගෙන A ලයිසන් එකක්ම අරගන්න චංගා......"
යීබෝ එලෙසින් කියද්දී ඉතින් ශාන් සිනාසෙමින් පැති කණ්ණාඩියෙන් පෙනෙන ඒ මුහුණ දෙස බැලූ අතර පසුව හා යැයි හිස සැලුවේය .... ඒ වන විටත් ඉතින් ඔවුන් නිවස අසලටම ඇවිත් තිබුණු අතර ඔවුන්ගේ කතා බස් එතැනින් නතර වුණේය...
.
.
.
" කොහොමත් මුහුද ලස්සන රෑට තමයි නේද චංගා......."
" හ්ම්ම්ම්........... මේ වෙලාවට නිස්කලංකයි......"
මේ ඉතින් එදිනම රාත්‍රියයි....... යීබෝව නිවසට ගෙනත් හැරලවා ෂාන් එහෙන්මම එපාර්ට්මන්ට් එකට යන්නට හැදුවත් යීබෝ සහ වෙරෝනිකා බලෙන්ම ඔහු රාත්‍රී ආහාර අරගන්නා නතර කරගත්තේ කොයිතරම් සඟවන්නට උත්සාහ කරත් ඒ මුහුණේ තිබෙන පසුතැවිලිදායක බව හඳුනාගත් නිසාවෙනි .......
කඩේට අවශ්‍ය එළවළු වර්ග කිහිපයක් , මාලු ආදිය ශාන් සමඟම ගිහින් රැගෙන ආ පසුව යීබෝ වෙරෝනිකා සමඟ රාත්‍රී අට පමණ වනතුරු තරමක් කාර්යබහුල වෙද්දී ශාන් මෙයි අසලට වී සිටියේය ......
ඉතින් යීබෝගේ උවමනාවට ඊලගට ඔහු දැන් මේ ශාන්වත් ඇදගෙන වෙරළට ඇවිත් ඇත....... ගෙවී යන්නේ අවසන් මාස කිහිපය නිසා මෙයි සම්පූර්ණයෙන්ම පාඩම් වැඩ කටයුතු වලට අවධානය යොමු කරමින් සිටින අතර , නිවසේ කිසිදු වැඩක් කරන්නට වෙරෝනිකා ඇයට ඉඩක් දෙන්නේද නැත.....
" අපි ආන්න අර පේන තැනට හිමීට ඇවිදගෙන යමු....."
යීබෝ ශාන්ගේ අතක ඔහුගේ අත පටලවා ගත් අතර ඈතින් පෙනෙන පාට පාට විදුලි බුබුළු කිහිපයක් පෙන්වමින් ඔහු එලෙසින් කියද්දී ශාන් සිනාසුනේය .....
" ජොබ් එක හරි ගියේ නැති එකට වඩා , වෙන මොකක් හරි දෙයක් ඔයාට වෙලා තියෙනවා චංගා..... නැත්තං ඉතින් ඔයා මේ විදියට ඉන්නෙ නෑනේ........"
විනාඩි කිහිපයක්ම දෙදෙනා එකිනෙකාගේ අත් අල්ලාගෙන සෙමින් සෙමින් වෙරළ තීරය දිගේ දැන් මේ ඇවිදගෙන යන්නේය...... නිරුවත් දෙපාවල ඉඳහිට වදින මුහුදු රැලි නිසාමත් , දෙපාවලට දැනෙන මුහුදු වැල්ලේ සුවදායක බව නිසාමත් උදෑසන පටන් තරමක් ව්‍යාකූල වී තිබුණු ශාන්ගේ හිත ටිකෙන් ටික සන්සුන් වෙන්නට පටන් අරගෙන තිබුනි.......
ඉතින් දෙදෙනා අතර පැවති කෙටි නිහඬියාව බිඳ දමමින් යීබෝ කතාකරද්දී ශාන් මුලින්ම දෙදෙනාගේ එකට පැටලී තිබෙන අත මදක් ඉහළට ඔසවා යීබෝගේ අතේ පිටි අල්ල මතින් හාදුවක් තැබුවේය.....ඉතින් ඔහුට මේ හදිසියේ මුහුදු වෙරළට එන්නට ඇති වූ ආශාව පිටුපස තමන්ගේ හිත සන්සුන් කරන්නට තිබෙන අවශ්‍යතාවය හරි අපූරුවට තේරුම් ගත් ශාන් තවත් ටිකක් ඔහු අසලට ලංවී ඒ කම්මුලට හාදුවක් තැබුවේය ........
" හවස හතරට විතර මට ලොක්කා කතා කරා......."
සවස ආයතනයෙන් පිටතට ඇවිත් පාර පනිද්දී ශාන්ගේ මුහුණ දකින විටම කුමක් හෝ යමක් සිදුවී තිබෙන බව යීබෝ අවබෝධ කරගත්තේය.......
" මම ඉන්ටවිව් එකකට ගියපු කතාවත් මිනිහා දන්නවා...."
බරමබර හුස්මක් පිට කරමින් ෂාන් එලෙසින් කියද්දී යීබෝ තමන්ගේ අතේ පැටලී තිබෙන ශාන්ගේ අත තවත් ටිකක් තදින් අල්ලා ගත් අතර යළිත් කෙටි නිහැඬියාවක් සමගින් ඔවුන් වෙරළ දිගේ ඉදිරියට ගමන් කළේය..........
ඉතින් ශාන් සවස හතරට පමණ මිස්ටර් Rouyun සමගින් සිදුවූ දුරකථන සංවාදය අකුරක් නෑර ඔහු සමග පවසන්නට පටන් ගත්තේය......
" හෙලෝ......."
" ඔහ්......මිස්ටර් ෂියාඕ ශාන් ........ රස්සාව එපා කියලා මගේ පුතාගේ කනත් පලලා චන්ඩියෙක් වගේ එළියට බැහැලා ගිහිල්ල දැන් රස්සා හොය හොය හිඟා කනවා නේද......හවු සෑඩ්........ "
අවඥා සහගත සිනහවක් සමග ආයතන ප්‍රධානියාගේ කටහඬ දුරකථන තරංග ඔස්සේ ඇසිද්දී කියාගන්නට නොතේරෙන වේදනාවක් හදවතට ඇති වුණත් ඉතින් ඒ බව වචනවලින් පෙන්වන්නේ නැතිව ශාන් කතාකලේය ....
" මම කරන කියන දේවල් ගැන හොයන්න බලන්නත් මිස්ටර් Rouyun ට වෙලාව තියෙනවනේ...... "
අවඥා සහගත සිනහවක් මුසු වූ කටහඬකින් ශාන් එලෙසින් කියද්දී අනෙක් පැත්තේ පැවතියේ කෙටි නිහඬියාවකි......
" අවුරුදු තුන හමාරක් තිස්සේ තමුසේ ගොඩක් කැපවීමෙන් වැඩ කරපු සේවකයෙක් හින්දා මම මේ වැඩේ මෙතනින් අත ඇරලා දැම්මේ ශාන්.......අනික අපේ එකාගේ වැරැද්දක් තියෙන හින්දා මම මෙච්චර ඉවසුවේ කියන එක මතක තියාගන්නවා...... හැබැයි ඉතින් මම ලේසියෙන් දෙයක් අතාරින ජාතියේ මිනිහෙක් නම් නෙමෙයි.......තමුසෙට මම එක චාන්ස් එකක් දෙන්නම්.........තමුසෙට පුළුවන් හෙට උදේ පුරුදු විදිහට වැඩට ඇවිල්ලා ස්ටාෆ් එක ඉස්සරහ මගේ පුතාගෙන් සමාව අරගෙන රස්සාව කරගෙන යන්න..........එහෙම නැත්නම් ඉතින් මේ ෂැන්හයිවල තමුන්ගෙ හැකියාව හැටියට රස්සාවක් හොයා ගන්න නම් මම ඉඩ තියන්නේ නැහැ........"
ඉතාමත් නිවුණු නමුත් තියුණු කටහඬකින් මිස්ටර් Rouyun එලෙසින් කියද්දී ශාන් ඔහුගේ දකුණු අත මිට මොලවා ගනිමින් ඔහුවම පාලනය කරගත් අතර ඔහුත් ඉතාමත් ඉවසීමෙන් යළිත් කතා කරන්නට පටන් ගත්තේය.....
" මම ආපහු ඔතන වැඩට එන්නේ නෑ සර්........ ඔයාගේ පුතා ගැන මම හොඳටම දන්න හින්දා තමයි මට ඒ තරම් කේන්ති ගියේ......අර අහිංසක කෙල්ලට වෙච්ච දේ මම දැක්කා මට ඇහුනා......සමාවෙන්න මෙහෙම කතාකරන්න සිද්ධ වුණාට......මම කවදාවත් මෙච්චර කාලයක් මම රස්සාව කරපු තැනටවත් මගේ රස්සාවටවත් අගෞරව කරන්න හිතන්නෙවත් නැහැ.......මොකද මේ රස්සාව නිසා තමයි මෙච්චර කාලයක් මම මගේ ප්‍රශ්න විසඳගත්තේ......ඒත් සිද්ධ වෙච්ච දේවල් එක්ක මට ආපහු ඔතනට එන්න බැහැ...... මට රස්සාව වටිනවා උනාට ඊට වඩා මට මගේ පොඩි එකීව වටිනවා....අයිම් සෝ සොරි මිස්ටර් Rouyun.......සර්ට කරන්න පුළුවන් දෙයක් කරන්න......."
" එහෙනම් බලාගෙන ඉන්න ශාන් ......."
" අන්න එහෙම කියලා මිනිහා පෝන් එක තිබ්බා......."
සම්පූර්ණ සිදුවීම එලෙසින් පැවසූ ශාන් අවසානයේ යීබෝ අතට පැටලී තිබුණු ඔහුගේ අත නිදහස් කරගෙන ඒ ඉණ වටා ඒ අත පටලවාගෙන එලෙසින් කීවේය .........
" බය කරලා තර්ජනය කරලා ගෙන්න ගන්න හදන්නේ කරගන්න බෑ කියලා හොඳටම දන්න හින්දා චංගා.........ජොබ් එක ගැනවත් ජොබ් එකක් හොයාගන්න එක ගැනවත් නෙවෙයි මගේ හිතේ තියෙන බය........"
යීබෝ එලෙසින් කියද්දී ශාන් ඒ මුහුණ දෙස බැලුවේ ඉතින් ඔහුගේ තියෙන බය කුමක්දැයි දැන ගැනීමටයි......
" මගේ හිතේ තියෙන බය ශැන්ග් කාරයා ඔයාට මොකක් හරි කරදරයක් කරයි කියලා......"
ශාන් සිනාසුනේය ....... පසුව යීබෝගේ කම්මුලකට හාදුවක් තැබුවේය ....
" එහෙම වෙන්නෙ නෑ මැණික .........හ්ම්ම්ම්......."
" ඔයා කොහොමද ස්ථීරවම එහෙම වෙන්නේ නෑ කියන්නේ....... මගේ හිතට බයයි චංගා......අපි වැඩට ගියාට පස්සේ ඔයාගේ වැඩවලට තනියම එහෙට මෙහෙට ගියාට කමක් නෑ පරිස්සම් වෙන්න.......රස්සාවල් , සල්ලි මිල මුදල් අපිට හොයාගන්න පුළුවන්.......ඒත් ඔයාට මොනවා හරි උනොත් එහෙම........"
යිබෝ හැඟීම් පිරුණු කටහඬකින් එලෙසින් කියද්දී ඉදිරියට ඇවිදිමින් සිටි ෂාන් ඔහුගේ ගමනක් නතර කර යීබෝව තමන් ඉදිරියට අරගත් අතර ඔහුගේ කර වටා අත් දෙක දමාගෙන හඳ එළියට දිලිසෙන ඒ මුහුණ සහ ඇස් දෙක දෙස ටික වේලාවක් බලාගෙන සිටියේය......
" මට ඒ තරමට ආදරෙයිද බෝධියා......."
ඔහු හිස සොලවා ඔහු යැයි කියද්දී ශාන්ගේ මුහුණට හරි අපූරු සිනහවක් මතු වුණේය....ඔහු එහෙන්මම ඒ නළලතට තමන්ගේ දෙතොල් තද කළ අතර පසුව යීබෝගේ දෙතොල් මතටත් කෙටි හාදුවක් තැබුවේය .....
" ඔයාගේ ආදරේ හොඳටම ඇති මට හිනා වෙන්න..... අපි කොහොම හරි මේ ප්‍රශ්න වලට උත්තර හොයාගමු........ බය වෙන්න එපා මම පරිස්සම් වෙන්නම්.......මගෙ බෝදි දුක් වෙනවා බලන්න කැමති නැති නිසාම චංගා පරිස්සම් වෙන්නම්......හ්ම්ම්ම්ම්......මේ මගේ පණනේ ........"
යීබෝගේ කොපුල් මතිනුත් හාදුව බැගින් තැබූ ශාන් ඔහුව තමන්ගේ පපුවට තුරුලු කරගනිමින් එලෙසින් පැවසූ අතර , ඇත්තෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව මීට වඩා සිතිය යුතු බවත් , තමන්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් කල්පනා කලේය ......
" ප්‍රශ්න කොහොම හරි විසඳෙනවා කියලා දන්න හින්දා හිතේ සතුටින් හිනා වෙලා ඉන්න චංගා.....අපි කී දෙනෙක් ඔයා එක්ක ඉන්නවද.......ඔයා දුකින් ඉන්නෙ කියලා කොච්චර පිටට නොපෙන්ව ඉන්න හැදුවත් ඔයාට ඔයාගේ මූනෙන් ඒක හංගන්න බෑ......එතකොට අර පොඩි එකී අපි ඔක්කොටම වඩා කඩාගෙන වැටෙනවා......"
ශාන්ගේ පපුවට තුරුළු වීගෙන ටික වේලාවක් නිහඬව සිටි යීබෝ එලෙසින් කියද්දී ශාන් ඔහුව තවත් ටිකක් තදින් තමන්ගේ සිරුරට වැළඳ ගත්තේය......මහ මුහුද සිපගෙන එන සීතල සුළඟ ඔවුන්ගේ සිරුරු ස්පර්ශ කරගෙන ඈතට හමා යන්නේ ෂාන්ගේ හදවතේ තිබෙන වේදනාවත් ඊට කැටි කරගෙන යයි කීවොත් නිවැරදිය.........
" වෙච්ච දේවල් එක්ක හිත පොඩ්ඩක් හෙල්ලුනා විතරයි මැණික...... මේ ප්‍රශ්න කොහොම හරි විසඳගන්න පුළුවන් කියලා මගේ හිත දන්නවා......."
ශාන් හදවතේ සැහැල්ලු බව රැඳුණු කටහඬකින් එලෙසින් කියද්දී යීබෝ ශාන්ගේ ගෙල මත තබාගෙන සිටි මුහුණ ඔසවා ඒ මුහුණ දෙස බැලුවේය.......
මේ වන විට ඔවුන් වෙරළේ සෑහෙන දුරක් පයින් ඇවිදගෙන ඇවිත් තිබුණු අතර ඔවුන් මේ සිටින්නේ අන්ධකාරය පිරුණු වෙරළ තීරයකයි......මලානිකව වැටී තිබෙන සඳ එළියටවත් ඉතින් මහා පාරට ඔවුන්ව හරි අපූරුවට දිස්වන්නේ නැති නිසාම ශාන් යීබෝගේ දෙතොල් මතට සෙමින් ඔහුගේ දෙතොල් ළං කළේය......
.
.
.
.
.
.
" දැන් එතකොට ස්ටයිල් නම්බර් එක වැරදී....... "
"..................................."
" මං අහන දේට උත්තර දීපල්ලා........ශිපින් එකට තියෙන්නේ තව පැය හතරයි....... අද හවස හතර වෙනකොට ශිපින් එකක් තියෙනවා කියලා මම දැනුම් දීලා දවස් දෙකක් වෙනවා........දැන් අන්තිම මොහොතේ මෙහෙම කිව්වහම , උඹල හිතනවද මම මැජික්කාරයෙක් කියලා......."
"............................"
" හතර පස් දෙනාම ගල්ගිල්ල වගේ බිම බලාගෙන ඉන්නේ නැතුව ඔලුව උස්සලා කතා කරපල්ලා........මේකේ එක මනුස්සයෙක් අඩු උනා කියලා ශිප්මන්ට් එකක් කරගන්න බෑ කියලද දැන් උඹලා ඔය කියන්න හදන්නේ?........"
මේ ෂාන් රැකියාවෙන් ඉවත් වී ගොස් දින තුනකට පසුවයි........ අද විශේෂිත වූ එසේත් නැතිනම් විශාල නැව් ගත කිරීමක් සිදු කරන්නට නියමිතව තිබෙන අතර , නැව්ගත කිරීම සඳහා හරියටම හෝරා කිහිපයක් තිබියදී නිෂ්පාදනය කර ඇසුරුම් කරමින් තිබුණු සුවඳ විලවුන් වර්ගයක ලේබල් එකේ විශාල දෝෂයක් තිබෙන බව හඳුනාගෙන තිබුණු අතර , ආයතන ප්‍රධානියා මේ වරද සම්බන්ධව වගකීම් ගතයුතු සියලුම දෙනා දැන් ඔහු ඉදිරියේ තියාගෙන මේ කෑ ගසන්නේ නම් හෙමින් නොවේ......
" ශාන් සර් ගියා විතරයි මේක නිකං පිස්සිගෙ පලා මල්ලක් වගේ වෙලා....."
එකවුන්ටන් ශෙක්ෂන් එක පැත්තටත් ආයතන ප්‍රධානියාගේ කෑ ගැසීම ඇසෙද්දී ඒ අවට සිටින කිහිප දෙනෙක් රහසින් මෙන් එලෙසින් කතා කරන හඬ ඉතින් යීබෝටත් ඇසුනේය .....ඔහුගේ මුහුණට නම් ඉතින් හරි අපූරු සිනහවක් මතුවුනත් ඔහු ඒ බව වටපිටාවේ සිටින කිසිවෙකුට පෙනෙන්නට හැරියේ නැත........
" දැන් මෙතන මට කතන්දර කිය කිය එන්න ලෑස්ති වෙන්න එපා........උඹල ඔළුවෙන් හිටගෙන හරි හවස හතර වෙනකොට පෙට්ටි ටික කන්ටේනර් එකට පටවලා තියෙන්න ඕනේ......නැත්තං උඹලා පස් හය දෙනාම ලෑස්ති වෙලා හිටපල්ලා ගෙදර යන්න......... යකෝ බලාගෙන ගියාම එකෙක් විතරයිනේ මේකේ වැඩ කරලා තියෙන්නේ ........තවත් මෙතන බක මූණු ටික වගේ බලාගෙන ඉන්නේ නැතුව පලයව්..........පැය පහයි තියෙන්නේ.........ලයින් වල වැඩ නතර කරලා හරි උදව්වට මිනිස්සු අරගෙන වැරැද්ද හදපල්ලා........."
යළිත් ආයතන ප්‍රධානියාගේ හඬ සිව්වෙනි මහල සිසාරා රැව් පිරි රැව් දෙද්දී හය හත් දෙනෙක්ම ඉක්මනින් ඉක්මනින් පඩිපෙළ බැසගෙන යන ආකාරය දැක ගන්නට හැකි උනේය......
" වැඩ කරන තැන තමයි බං....මෙහෙම කියන්නත් හොඳ නැතුව ඇති..... ශිපින් එකක් හෝල්ඩ් කරන්න වුනොත් එහෙම පාඩුව කෝටි ගානක්...හැබැයි මුන්ට මෙහෙම වෙන්න ඕනෙ......."
ෆෙයි යීබෝ අසලට ඇවිත් කියද්දී ඔහු සිනහවක් පමණක් තිළිණ කලේය ....
**
**
**
**
**
මතුසම්බන්දයි ..........
...................................................................................................
✒️ ඉතින් අපි බලමු එයාලා ප්‍රශ්න විසඳගන්න හැටි.......
✒️ කොහොම වුනත් ඉතින් ලොක්කට නම් වැලේ වැල් නැති වෙන පාටක් තමා තියෙන්නේ......
✒️ හෙට Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ අරගෙන එන්නම් .....
✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න ......❤💚💛