🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..............
ඒ කම්මුල්...... චංගගේ පිච්ච මලනේ ඉතින්.................❤💚💛
.
.
.
.
.
" කෝ ආ කියන්න චංගා........"
" චුට්ටක් ඉන්න බෝදි.........මේක තාම හපනවා........"
",හපලා ගිලින්නකො අප්පා ....... "
ශාන් සිනාසෙමින් මුවතුල තිබුනු සියල්ල ගිලදමා යලිත් මුව විවරකලේය .... ඉතින් බොරුවට කෑගහන ශාන්ගේ පිච්ච මල යලිත් ඔහුට කවන්නට පටන්ගත්තේය ......
" ඔය ටික ඉවර කරනකොට කිය විතර වෙයිද චංගා......"
" හ්ම්ම්ම්........තව පැය තුනක් විතර යනකොට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්......... "
" පැය තුනක් කියන්නේ රාත්‍රී 12....... හැබැයි ඊට පස්සේ අනිත් වැඩේ චුට්ටක් චෙක් කරනවා අනං මනං කතන්දර බෑ........කෙලින්ම ඇදට......."
යීබෝ අවසන් කටත් ශාන්ගේ මුවතුලට තල්ලු කරමින් කියද්දී ශාන් හා යැයි හිස සැලුවේ ඇත්තෙන්ම ඔහුටත් අද සුව නින්දක් අවැසිවී තිබුනු නිසාවෙනි .....
" යන්න ඉතින් ඕකටම තව චුට්ටක් දාගෙන ඇවිල්ලා ඔයත් කන්නකෝ..... මට විතරක් කවලා ඈනුම් ඇර ඇර ඉන්නවා....."
" කැවුවට උම්මියක් වත් නෑ අප්පා........"
යීබෝ මූණත් අමුතුකරගෙන කියද්දී ශාන් ඉක්මනින් හිස හරවා ඔහුදෙස බැලුවේය .... දැන් ඉතින් පිට වෙන්නට වෙර දරන සිනහව සඟවාගෙන යීබෝ අහක බලාගෙන සිටින්නේ ශාන්ගේ දෙතොල් අසලට ඔහුගේ වම් කම්මුල දර්ශනය වන පරිද්දෙනි....
" උම්මා දීලා හපලා හපලා මිරිකන්නම් ඉන්නකො........උම්මා .......දැනට මේ එකයි......."
යීබෝගේ කම්මුල එබෙන්නටම හාදුවක් තැබූ ශාන් එලෙසින් කියද්දී ඔහු සිනාසෙමින් කාමරයෙන් පිටතට ගියේය ..... ශාන් ඉතින් කාමරයේ දොර අසලින් ඔහු නොපෙනෙන තුරුම බලාගෙන හිඳ යලිත් ලැප් එකට හිස යොමුකලේය .....
මේ ශාන් ඔහුගේම වෙබ්සයිට් එකක් නිර්මාණය කර තුන්වෙනි සතියයි..... කැතී වැඩ කරන ආයතනයට පළවෙනි ඇනවුම ලබා දුන් පසුව එම ආයතනයේ ශාඛාවලින් පවා නොනවත්වා ෆැබ්රික් ඩිසයින් ඇනවුම් ගලාගෙන එන්නට පටන් ගත් අතර ෂූයෑන්ග් ගේ garmin factory යෙන්ද මේ වන විට ඇනවුම් හතරක් ඔහුට ලැබී ඇත.......
ඊට අමතරව කායිගේ මාර්කට් එක අසල ගැසූ බැනර් කිහිපයකට පින් සිද්ධ වන්නටත් , කායිගේ හිතවත් වෙළඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් නිසාවෙනුත් ග්‍රැෆික් , ප්‍රින්ටින් ඩිසයින් ඇනවුම් කිහිපයක්ම ලැබී තිබුනි..... ඉතින් ශාන් හැමදාමත් උදෑසනින්ම සිදු කරන්නේත් අද දිනයට අත්‍යාවශ්‍ය ඇණවුම් සටහන් කරගෙන කාල සටහනක් නිර්මාණය කිරීමයි.......මෙයිව සහ යීබෝව ගෙන ගොස් හැරල වීම සහ රැගෙන එන රාජකාරියට අමතරව ඔහුට වෙන කිසිදු රාජකාරියක් කරන්නට ඉඩ ප්‍රස්ථාවක් නැත......සෙනසුරාදාට යීබෝ යතුරුපැදියේ රාජකාරියට යන්නේ ඒ දවස සම්පූර්ණයෙන්ම ශාන්හට වැඩ කරගන්නට අවස්ථාව සලසා දෙන අතරයි........
ශාන් එපාට්මන්ට් එකට වී වතුර පොදක්වත් පානය කරන්නේ නැතිව එකදිගට රාජකාරි කිරීම නිසා පසුගිය සතියේ දිනක ඔහුට ගැස්ට්‍රයිටිස් වැඩි වූ අතර එතැන් පටන් ශාන්ගේ නවාතැන මාරු උනේය .......යිබෝ යක් පැටියෙකු ලෙසින් එපාට්මන්ට් එකට ඇවිත් ශාන්ගේ අඩුම කුඩුම සියල්ල ඔසවාගෙන ඔහුගේ නිවසට රැගෙන ආ අතර ඔහුව තවත් කේන්ති ගස්සන්නට අකමැති වුනු නිසාම ශාන් නිහඩව යිබෝගේ නිවසේ යීබෝගේ කාමරය තුල ඔහුගේ කටයුතු සිදු කරගන්නට අවශ්‍ය වටපිටාව සූදානම් කරගත්තේය.......
ඇත්තෙන්ම ඉතින් ශාන් හිතුවක්කාර ලෙස එපාර්ට්මන්ට් එක තුළ කන්නේ බොන්නේ නැතුව වැඩ රාජකාරී සිදු කළත් යීබෝගේ නිවසට පැමිණි පසුව කෑම වේලක්වත් තේ වේලක්වත් වරදින්නේ නැත.......යීබෝ වැඩට ගිය අවස්ථාවලදී වෙරෝනිකා සහ මෙයි ඒ අඩුපාඩු සොයා බලා සපුරාලන නිසා එදායින් පසුව ඉතින් ඔහුට යළිත් ඒ කරුමක්කාර අසනීපය වැළඳුනේත් නැත......
කරගන්නට නොහැකි තරම් ඇනවුම් ලැබෙද්දී ශාන් තරමක් අසරණ වී සිටින්නේ අවශ්‍ය ප්‍රමාණයට භෞතික සම්පත් ඔහු අසල නොතිබීම හේතුවෙනි ...මේ වන විට ඔහු උපයා ඇති මුදල අවශ්‍ය උපකරණ මිලදී ගන්නට තරම් ප්‍රමාණවත් නොවන නිසා තරමක් අසීරුවට පත් වී සිටියත් ඉක්මනින්ම ඒවා මිලදී නොගත්තොත් ගුණාත්මක බවින් යුතු නිර්මාණයක් අවසන් කරගන්නට නොහැකි වන බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත....
ඔහු භාවිතා කරන ලැප්ටොප් එක වෙනුවට තරමක් විශාල සහ ගුණාත්මක බවෙන් යුතු desktop එකක් නම් දෙවැනි සතියේම ඔහු ගෙවීමේ ක්‍රමයට මිලදී ගත්තේය......තව ඉතින් ඊට අමතරව ඒ වෙනුවෙන් මිලදී ගත යුතු පුංචි පුංචි උපාංග උපාංගයේ ප්‍රමාණය මෙන් සිය ගුණයක් මිල අධික වන නිසා ශාන් මේ දිනවල ඉතා ඉවසීමෙන් සිදු කරන්නේ මොනවාදැයි කල්පනා කරමින් සිටින අතරයි.......
තවත් කාරණාවක් නම් සියලුම උපාංග තමන් සතුව තිබෙන්නේ නම් නිර්මාණයක් අවසන් කරන්නට මෙතරම් කාලයක් ගත නොවීමයි......සාමාන්‍යයෙන් පැය තුන හතරක් එක් නිර්මාණයක් වෙනුවෙන් මේ වන විට ශාන් හට වෙන්කරන්නට සිදුවී තිබුණත් අවශ්‍ය උපාංග මිලදී ගෙන තියෙන්නේ නම් ඒ පැය තුන ඇතුළත නිර්මාණ දෙකක් හෝ තුනක් අවසන් කරගන්නට හැකිවන්නේය.............
" ලොකූ............."
" එන්න චූටි ......."
ඉතින් ශාන් අඩුපාඩු පිළිබඳව කල්පනා කරමින්ම ඔහුගේ රාජකාරියේ නිරත වී සිටිද්දී මෙයි කාමරයේ දොර අසලට ඇවිත් කතා කළේය........
",තව ගොඩක් වෙලා යනවද ලොකු........"
" මේ ඩිසයින් දෙක රෑ දොළහ විතර වෙනකොට ඉවර කරගන්න පුලුවන් චූටි.......ආයේ ඉතින් හෙට උදේ වෙනකල් වැඩක් කරන්න අර යක් පැටියා දෙන්නේ නෑනේ....."
ශාන් ඉතින් ඒ ලෙසින් කීවත් ඔහුගේ කටහඬෙහි තිබෙන්නේ ආදරණීය බවකි.......
" යක් පැටියා යක් පැටියා කිව්වට බෝ අයියා කෑගහලා ඔයාව මෙහෙට ගෙනාවේ නැත්තං මේ වෙනකොට ඩිසයින් කරන එක පැත්තක තියලා හොස්පිටල් ගෙනිහිල්ලා ඇඩ්මිට් කරන්න වෙනවා......"
ඉතින් ශාන් එතැනින්ම යක් පැටියාට බැනීම නතර කර දැම්මේය........
" desktop එක විතරක් අරගත්තට ඔයාට තව මොනිටර් එකක් එහෙම ගන්න ඕන නේද ලොකූ.........මගේ යාළුවෙක් කිව්වා imac , harddisk drive එහෙම තියනවනම් වැඩේට ඔච්චර වෙලාවක් යන්නේ නෑ කියල......."
ෂාන් වැඩ කරන මේසය අසල තිබුණු නිර්මාණ කිහිපයක් අතට රැගෙන පරීක්ෂා කරන අතර ඇය එලෙසින් කියද්දී ශාන් බර හුස්මක් පිට කළේය........
" හ්ම්ම්ම්....... printer එකක් එහෙමත් ඕනේ......එක එක හිමීට අරගන්නව චූටි.......ඕඩර් ලැබෙන විදිහට ඔක්කොම බාරගන්නේ නැතුව මං මේ බේර බේර අරගන්නේ........"
" ඒ උනාට ලෝන් එකක් හරි දාලා ඒ ටික එකපාර ගත්තොත් ඔයාට අපහසුවකුත් නෑ නේද ලොකු......."
ශාන් පරිගණකයේ මේ වන විට හරි අපූරු නිර්මාණයක් සිදුකරමින් සිටින අතර එය racing කාර් එකකට design එකකි.......ඉතින් ඔහු එය නිර්මාණය කරන දෙස ආශාවෙන් බලාගෙන සිටින අතර මෙයි එලෙසින් කියද්දී ශාන් එය අනුමත කරන්නට හිස සැළුවේය......
" දැන් මට කවුද ලෝන් දෙන්නේ චූටි......මේ බිස්නස් එක තව ටිකක් develop වෙලා මොනවා හරි කරගන්න පුළුවන් උනාට පස්සේ නම් ලෝන් එකකට යන්න පුළුවන්......... අපි බලමුකෝ.......දැනට මේ ලැබුණු දෙයින් සතුටු වෙලා ගේම ගහගන්නවා.......අනික ඔය ගැන නිකමටවත් අර යක් පැටියට ඇහෙන්න කියන්න එපා.......".
ශාන් සිනාසෙමින් එලෙසින් කියද්දී මෙයි ශාන්ගේ පිටට නොරිදෙන්නට පහරක් එල්ල කළේය......
" දැන් ඒක නෙමෙයි මට කියන්නකෝ බලන්න එග්සෑම් එකට කොහොමද ලෑස්තිය කියලා......"
ෂාන් ඉතින් මේ ඇය සමගින් කතා කළත් ඇගේ සම්පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ සිදුකරන නිර්මාණය වෙතටයි......
" හ්ම්ම්ම්..........තව මාස හතරක් තියෙනවනේ ලොකු.......මම ඉතින් පුළුවන් විදිහට පාඩම් වැඩ ටිකත් කරගන්නවා.....අර ගන්න තිබුණ පොත් ටිකත් ඔයා පෙරේදා අරන් දුන්නේ......"
" කොහොමහරි හොඳට එග්සෑම් එක කරගන්න......ඊට පස්සේ කරන්න ඕන දේවල් අපි ඊට පස්සේ බලමු.......ගෙවල් ගැන එහෙම මොනවත් ආරංචි නැද්ද......"
" ලොකු විස්තරයක් දැනගන්න විදිහක් නෑ ලියාන් අක්කට දැන් තමයි ටික ටික අමාරුකම් හැදෙන්නේ.....ෆෝන් එකෙන් කතා කරන්නම බැයිලු.....ෆෝන් එක දකිනකොටත් වමනෙ යන්න එනවලු......"
" ඈ.......බබාලා හම්බවෙන්න ඉන්නකොට එහෙමත් වෙනවද......."
ශාන් පුදුමයෙන් අසද්දී මෙයි සිනාසුනේය ....
" හ්ම්ම්ම්.......එක එක්කෙනාට එක එක විදිහයි කියනවනේ.......සමහරු ඉන්නවලු වමන යන්නෙවත් නැතිව හොඳට කාලා බීලා බබා හම්බ වෙනකම්ම සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ඉන්න අය.......තව සමහරු ඉන්නවලු ප්‍රේග්නට් උන දවසේ ඉඳලා මාස තුන හතරක් යනකල් හොස්පිටල් වල ඉන්න අය.......ඒ කියන්නේ කන්න බොන්න බැරුව වමනය කරලා වීක් වෙලා......... ලියාන් අක්කට ඒ තරම් අමාරු නැති උනාට පොඩ්ඩ ඇත්තන් වමනෙ යනවලු......."
ඉතින් ශාන් බර හුස්මක් පිටකලේය .......
" දරුවෙක් හදන්න වයසකුත් නෙවෙයිනේ චූටි......ඔයාට වඩා අවුරුද්දක්වත් වැඩිමල් නෑ නේද......."
" ඔව්......හරියට බැලුවොත් ඉතින් මට වඩා මාස දහයක් විතර තමයි වැඩිමල්........"
මෙයි සිනාසෙමින් කියද්දී ශාන් හිස දෙපසට සැලුවේය .......
" මේ ඉරිදා දිහාට මමාට කියලා මොනවා හරි හොඳ කෑම ටිකකුත් හදලා, පලතුරු ටිකක් එහෙම අරන් දෙන්නම් චූටි ගිහිල්ල බලල එන්න...."
",මාත් ඕකම හිතුවා ලොකු........ මොනවත් අරගෙන නොගියත් මම ඉරිදා එයාව බලල එන්න යන්න තමයි හිතාගෙන හිටියේ......."
ඉතින් තවත් ටික වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිටි මෙයි පාඩම් කරන්නට ඇගේ කාමරයට ගිය අතර රාත්‍රී දහයට පමණ කඩය වසා දැමූ මව සහ පුතා නිවස තුළට ආවේය.......
" මං වොෂ් එකක් දාලා එන්නම්......."
කාමරය තුළට පැමිණි යීබෝ මූණත් අමුතු කරගෙන එලෙසින් පවසා ටවල් එකත් රැගෙන යළිත් කාමරයෙන් පිටතට යද්දී ඔහු එලෙසින් සිටින්නට හේතුව කුමක්දැයි හිතාගන්නට නොහැකිව ටික වේලාවක් ඒ දෙස බලාගෙන සිටි ෂාන් බර හුස්මක් පිටකරමින් යලිත් ඔහුගේ වැඩේට අවධානය යොමු කළත් ........
මොකක් හරි විශේෂ දවසක්වත් මට මේ උනාද.....මේ කොච්චි කරල මූණ එල්ලගෙන ඉන්නේ ඇයි දන්නෑ..... ගස්සගෙන ගියපු හැටි..... දැන් කලින් කාමරේ ඉන්නකොට හොඳට හිටියනෙ....කඩේට ගියපු ටිකට තමා මොකක් හරි වෙලා තියෙන්නේ...... දැන් ඉතිං ඔය පුපුර පුපුර ඉඳලා එයාම හේතුව කියයි නේ....... පුංචි බෝම්බෙ මගේ ......කොහොම හරි සද්දෙ දාලා වටේ ඉන්න මිනිස්සුන්වත් අවුස්සලා එයාට ඕනෙ දේ කරගන්නවා....... මට මතක් වෙන්නේ එදා ගෑස්ට්‍රික් හැදුන දවසේ අල්ලපු අඩව්ව...... මගේ බඩු ටිකත් ඔක්කොම අකුලගෙන ආපු ලස්සන.........
යීබෝගේ ගැසීමට සහ පිප්පීමට හේතුව හිතාගන්නට නොහැකිව තවමත් කල්පනා කරන්නේය......
..
" නිදි නැද්ද මැණික ......."
රාත්‍රී දොළහ වන විට අවසන් කරන්නට හිතාගෙන සිටි නිර්මාණය කෙලෙසින් හෝ එකොළහයි තිහ වන විට අවසන් කරගත් ශාන් හෙට දිනය වෙනුවෙන් තවත් කරන්නට රාජකාරි බොහෝමයක් ඉතිරි වී තිබුණත් ඒ සියල්ල හෙටටම කල් දමා ඇදට ආවේ දුරකථනය ඔබමින් යීබෝ තවමත් අවදියෙන් සිටින නිසාය........
"ගුන්නයිට් ......"
ශාන් ඔහු අසලින් හාන්සි වූ සැණින් එලෙසින් පැවසූ යීබෝ අනෙක් පසට හැරී නිදාගන්නට සූදානම් වෙද්දී ශාන් ඔහු අසලටම ගොස් පිටුපසින් ඔහුව වැළඳගෙන ගෙල මතින් තෙත හාදුවක් තැබුවේය......
" ඉතින් දැන් ගත්තාට සමාවෙලා , මගේ පුංචි මහත්තය තරහා වෙලා ඉන්න හේතුව කියන්න බලන්න........ ගෙවිච්ච පැය දෙක ඇතුළත දැනුවත්ව නම් මේ නර පණුවා අතින් කිසිදු වරදක් සිදුවුණේ නැත......."
ශාන් යීබෝගේ ඉණ මතින් අත දමා කමිසය යටින් සෙමින් පපුව අතගාන්නට සූදානම් වෙමින් එලෙසින් පවසද්දී යීබෝගේ මුහුණට සිනහවක් නැගුනත් ඔහු ඒ සිනහව කාගෙන තමන්ගේ පපුව පුරා දිව යන්නට සූදානම් වන ශාන්ගේ අත අතකින් අල්ලා ගත්තේය......තවමත් ඉතින් ඔහු සිටින්නේ ශාන්ට පිටුපා ඇදේ හාන්සිවී තරහෙන් පුපුරන අතරයි......
" මොකක්ද මැණික........දැන් මට කියන්නකෝ තරහ වෙලා ඉන්න හේතුව........"
අනෙක් පසට හැරී සිටින ඉරියව්ව වෙනස් කරන්නේම නැති නිසාත් , පපුව අතගාන්නට සූදානම් වූ අත ඔහුගේ අතකින් තදින් අල්ලාගෙන සිටින නිසාත් ශාන් බැගෑපත් ස්වරයකින් එලෙසින් කියද්දී යීබෝ ශාන් දෙසට හැරී අත් දෙකෙන්ම ඔහුගේ මුහුණ අල්ලා ගත්තේය.........
" මම ඔයාගේ කවුද......."
යීබෝ දැන් මෙතන විහිළුවක් නොකරන බව නම් ඉතින් ඔහුගේ ඉරියව්වලින් ශාන් අවබෝධ කරගත් අතර ඇස් දෙකත් සිහින් කරගෙන ටික වේලාවක් ඔහු දෙස බලාගෙන හිඳ ලගින් ලඟින් පෙනෙන ඒ දෙතුන් මතට කෙටි හාදුවක් තියන්නට හැදුවත් අත් දෙකෙන්ම මුහුණ අල්ලාගෙන සිටින නිසා ඉතින් ඊට අවකාශයක් ලැබුණේ නැත......
" මේ තමයි ඉතින් මගේ පණ........"
හාදුව වෙනුවට පිළිතුරක් ම බලාපොරොත්තුවෙන් සිටින යීබෝට ඉතින් ශාන් අවසානයේ ඔහු තමන්ගේ කවුරුන්දැයි කෙටියෙන් පැහැදිලි කළේය.....
" පණ.......... පණ නම් හිතේ තියෙන හැමදේම මට දැනෙන්න එපැයි.........මට ඒවා දැනෙන්නෙ නැති හින්දා පණ නෙවෙයි......."
කේන්තිය පිරුණු කටහඬකින් සහ බැල්මකින් ඔහු එලෙසින් කියද්දී තවමත් ඔහුගේ කේන්තියට හේතුව හිතාගන්නට නොහැකිව ශාන් පුදුමයෙන් ඒ මුහුණ දෙස බලාගෙන සිටින්නේය.......
" ඇයි චංගා ඔයාගේ වැඩේ ලේසියෙන් කරගන්න දේවල් අරගන්න ඕනේ කියන එක මට නොකීවේ..... මෙච්චර අමාරුවෙන් දුක් විඳගෙන නිදි මරාගෙන වැඩ කරන්න ඕනෙ නෑනේ ඒව අරගත්තා නම්......ඇයි ඒ වගේ ප්‍රශ්න මාත් එක්ක කතා කරන්නේ නැත්තේ චංගා..........."
කේන්තිය සියල්ල පහව ගොසින් ඒ ඇස් වලට කඳුළු පිරෙන්නට තත්පර දෙක තුනක්වත් ගත වුණේ නැත.......ඉතින් මෙයි සමගින් සිදුකළ සංවාදය ඔහුට ඇසෙන්නට ඇති බව මේ මොහොතේ ශාන් අනුමාන කළ අතර ඉක්මනින්ම ඔහුව පපුවට තුරුළු කරගෙන සෙමින් සෙමින් ඒ පිට අතගාන්නට පටන් ගත්තේ බර හුස්මක් ද පිට කරන අතරයි.......
" යුආන් හත්දාහක් විතර වටින computer එක ගන්න ඇප උනෙත් මගේ මැණික..... මේ හැම දෙයක්ම ඔයාගේ ඔළුවට දාලා සැහැල්ලුවෙන් ඉන්න ඔයා කල්පනා කර කර ඉන්නවා දකින්න ඕනෙ නැති හින්දනේ ම්.........."
",චංගා..........එහෙම හිතන්න එපා අප්පා.......අනිත් වෙලාවට නම් කියන්නේ අපි දෙන්නා දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා......ඇයි මේ වගේ තැන්වලදි විතරක් ඔය විදිහට හිතලා කඩා වැටෙන්නේ ......."
යීබෝ ශාන්ගේ පපුව මත හේත්තු කරගෙන සිටි මුහුණ ඔසවා ශාන්ගේ මුහුණ දෙස බලාගෙන එලෙසින් අසද්දී නම් ඉතින් ශාන් නිරුත්තර උනේය......
" නැගිටින්න......."
" බෝදි........"
" නැගිටලා වාඩිවෙන්න......."
යීබෝ ශාන්ගේ තුරුලෙන් ගැලවී ඇඳ මත වාඩි වෙමින් කියද්දී ඉතින් ශානුත් ඇස් දෙක ලොකු කරගෙන ඔහු දෙස බලාගෙනම ඇඳ මතින් වාඩි වුණේය......යීබෝ කොට්ටයක් තියාගෙන ඇඳ වියලට හේත්තු වෙද්දී ශානුත් ඉතින් එලෙසින්ම කලේය .......
" හ්ම්ම්ම්...........දැන් මෙතන අර ගන්න තියෙන දේවල් ටික සර්ච් කරලා ගාන එකතු කරන්න......"
" බෝද්........."
" චංගා මම කියන දේ කරන්න........"
දැන් නම් ඉතින් අර ශාන් නිතරම කියන පොඩි යක් පැටියා යන අන්වර්ථ නාමයට ගැලපෙන ලෙසින්ම ඒ මුහුණ හදාගෙන සිටින අතර ශාන් ටික වේලාවක් ඒ මුහුණ දෙස බලාගෙන හිඳ බර හුස්මක් පිට කළේය......
" බෝදි ඒ අත්‍යවශ්‍යම බඩු ටික ගන්න විතරක් බර ගානක් යනවා......"
" චංගා........බර ගාන කියන එකට වටිනාකමක් ඇතිනෙ.......බර ගාණක් කියලා ගානක් නෑනේ......මං අහන්නේ ඔය බර කියන ගාන ඉලක්කමෙන්......."
ඇස් දෙකත් අමුතු කරගෙන තොල් දෙකත් උල් කරමින් යීබෝ දැන් මෙතන බැන වදිද්දී සියල්ල පසෙක දමා ඔහුව ඇඳේ පෙරළාගෙන හාදු දෙන්නට හිතුනත් මේ ඊට සුදුසු මොහොතක් නොවන බව තමන්ගේ හදවතට දැඩි ලෙස ඒත්තු ගන්වමින් ශාන් යීබෝ දිගු කරගෙන සිටින ඔහුගේ දුරකථනය අතට අරගත්තේය........
ශාන් දුරකථනය දෙස බලාගෙන සිටින කොට ඉතින් ඔහු අසල සිටින පුද්ගලයාගේ මුහුණට නැගුණු ජයග්‍රාහී සිනහව නම් ඔහු දුටුවේ නැත......
" මෙන්න මේ ටික.....
High quality monitor
Printer
Scanner
Imack
මේ තමයි දැනට ශේප් එකේ වැඩ ටික කරගෙන යන්න අත්‍යවශ්‍යම දේවල්...........එතකොට මෙතනට යුආන් පහලොස් දාහක් වත් යනවා බෝදි........අන්න ඒ හේතුව හින්දා තමයි මේ අඩුපාඩුකම් ඉවසගෙන මම මේ වැඩේ කරන්නේ......."
ශාන් අවශ්‍ය සියල්ල එකින් එක ඔහුට පෙන්වමින් එලෙසින් කියද්දී යීබෝ ෂාන් අතේ තිබුණු දුරකථනය රැගෙන ඔහුගේ එකවුන්ට් එකට ගියේය......
" මේ බලන්න චංගා ...... මම දැන් වැඩට යන්න අරගෙන මාස හයක්...... මගේ එකවුන්ට් එකේ යුආන් දාහත් දාහක් තියෙනවා....... "
" බෝදි........මම කියන එක චුට්ටක් අහලා ඉන්න......මෙන්න මේ දේ වෙන හින්දා තමයි මම මේ ගැන කතා නොකර හිටියේ.......තව මාසයක් විතර යනකොට මට මේ මුදලෙන් බාගයක් විතර හොයාගන්න පුළුවන්........එතකොට කොහොම හරි කරලා කොම්පියුටරේට ගෙවලා ඉවර කරගත්තොත් ඊළඟට මේ ටික ගෙවන්න අරගන්න පුළුවන්...........එකපාර මෙච්චර මුදලක් යට කරලා රිස්ක් එකක් අරගන්න මට කොහෙත්ම බෑ......."
ශාන් ඉතාමත් තදින් එලෙසින් කියද්දී යීබෝ බර හුස්මක් පිට කළේය......
" හරි ......ඔක්කොම ටික අරගන්න ඕන නෑ.......ඔච්චර මැරීගෙන කරන්නෙ නැතිව වැඩේ ටිකක් ඊසි වෙන්න......මෙතනින් අර ගන්න ඕනේ අත්‍යවශ්‍යම දේවල් මොනවද චංගා......"
" දැනට මෙතනින් අත්‍යවශ්‍යම High quality monitor එක..........."
" හරි.....ඒක කීයක් වෙනවද......."
ශාන් යලිත් බර හුස්මක් පිටකලේය ....
" චංගා.......ඒක කීයක් වෙනවද කියලා ඔයාට කියන්න බැරි නම් මම සර්ච් කර්........"
" ඒක යුආන් හාරදාහක් විතර වෙනවා බෝදි........ "
" ඉතින් අපි එකක් ගමු.........හ්ම්ම්ම්......එතකොට දැන් වැඩ කරනවට වඩා ටිකක් හරි පහසුවෙන් වැඩ කරන්න පුළුවන්නේ.........."
ශාන් යලිත් බර හුස්මක් පිටකරමින් යීබෝගේ උරහිස මතින් හිස තියාගත්තේය .....
" මට බයයි බෝදි.........හැමදේටම ඔයාලට කරදර කරන්න ගිහිල්ලා ඔයාට මාව එපා වෙයි කියලා මට බයයි ........"
" චංගා......... එහෙම කියන්න තියා හිතන්න වත් එපා...... අමාරුවෙන් හරි අපි මේ ගමන ඉස්සරහට ඇවිදගෙන ගියොත් එහෙම අනාගතයේ හරිම පැහැදිලියිනේ චංගා....... බෙල්ල නවාගෙන මෙච්චර දුක් විඳින්නේ නැතිව චුට්ටක් හරි පහසුවෙන් ඒ වැඩ ටික කරගන්න පුළුවන්කම තියාගෙන නේ ඔයා සද්ද නොකර ඉඳලා තියෙන්නේ......"
ඉතින් එතැන් පටන් දෙදෙනාම අතර පැවතියේ කෙටි නිහැඬියාවකි......
" හරි එහෙනම් අපි හෙට හවස එකක් අරගමු......"
" හවස් වෙනකල් ඉන්න ඕනෙ නෑනේ චංගා......ගෙවන්න අරගන්නෙ නැති නිසා අත්සන් කරන්න දේවල් නෑනේ.......චෙන් එක්ක ගිහින් අරගන්න.........එතකොට හෙට දවසෙත් ඔයාට වැඩිපුර සැහැල්ලුවෙන් වැඩ කරගන්න පුළුවන්නේ ......."
ශාන් හා යැයි හිස සැලුවේය ...ඉතින් යීබෝ ඒ මොහොතේම ඔහුගේ ගිණුමෙන් ශාන්ගේ ගිණුමට මුදල් ට්‍රාන්සර් කලේය ....
" එහෙනම් දැන් උම්මියක් ........."
" නෝ........නෝ.......නෝ........ දේවල් හංගගෙන මට කියන්නෙ නැතුව දුක් වින්දට දවස් දෙකක් නෝ කිස්........බදාගෙන නිදාගන්න විතරයි පුළුවන්......."
" බෝදියා.........."
" ස්තීරයි..........ඉතින් නිදාගන්න ........එතකොට ඊළඟ දවසෙවත් ප්‍රශ්නයක් ආපු ගමන් ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ කාත් එක්කද කියන එක මහත්තයට මතක් වෙයි නේ.......ගුනයිට්........"
ශාන් යීබෝගේ උරහිස මතින් හිස රැගෙන ඇස් දෙකත් අඩවන් කරගෙන හරි අපූරුවට හාදුවකට සූදානම් වෙන්නට හැදුවත් සම්පූර්ණ අතම මූණ මතින් තබා ශාන්ව ඈත්කරමින් එක හුස්මට ඔහු සිදු කළ වරදට දඬුවම පැහැදිලි කළ යීබෝ ගුඩ්නයිට් යනුවෙන් පවසමින් ඇදේ හාන්සිවුනේය .....
" බෝදි........"
ශාන් තවමත් ඇඳ මත වාඩි වී මේ පුංචි යක් පැටියා දෙස බලාගෙන සිටියත් ඉතින් ඔහුගෙන් කිසිදු බුරුලක් නැති තැන මූනත් අමුතු කරගෙනම ඔහු යීබෝ අසලින්ම හාන්සිවුනේය ......
" ඒත් ඉතින් දැන් හෙට ඒක අරගන්න මම කැමති වුණා නේ........"
වෙනදාට ඉතින් තමන්ව වැළඳගෙන තමන්ගේ ගෙල අස්සේ මුහුණ තියාගන්නා යීබෝ අනෙක් පස හැරී සිටින නිසා ඔහුව පිටුපසින් වැළඳ ගනිමින් ශාන් කෙදිරි ගෑවත් යීබෝගෙන් කිසිදු සමාවක් නැති හැඩකි.......
" ඒත් ඊට කලින් මට දේවල් හැංගුවනේ.......චූටි එක්ක හූල්ල හූල්ල කිව්වෙ නැත්නම් ඕක මම දැන ගන්නෙත් නෑනේ.........ඒක නිසා නෝ චාන්ස්......ඔය ඔය බෙල්ල ඉඹින්නවත් අවසර නෑ........"
" හරි හරි මේකට කියන්නේ ඉඹිනවා කියලා නෙමෙයිනේ, මූණ තියාගෙන ඉන්නවා කියලා.....හරි එහෙනම් අද දවස විතරයි.......මං කොහොමද මගේ මේ සුවඳ මල ඉබින් නැතිව ඉන්නේ......."
" ඒක හෙට ඔය ගේනවා කියන එක ගෙනල්ලා ඉවර උනාට පස්සේ සලකලා බලන්නම්......එතකල් සද්ද නැතුව නිදාගන්න........"
" හ්ම්ම්ම්............ගුඩ් නයිට් මගෙ සතුපාට කොච්චි කරල.........."
යීබෝ කොයි තරම් එපා කීවත් ඉතින් ඒ ගෙල මතින් හා දෙක තුනක් තබමින් එලෙසින් පැවසූ ශාන් ඔහුව පිටුපසින්ම තදින්ම වැළඳගෙන දෙනෙත් පියාගත්තේය ......
යීබෝ මුදල් එකතු කරගන්නේත් ඉඩමක් මිලදී ගන්නා බලාපොරොත්තුවෙන් යුතුවයි.....ඉතින් ඒ පිළිබඳව හොඳින්ම දන්නා නිසාත්, මේ ගැටළු පිළිබඳව පැවසූ සැණින් ඒ මුදල තමන් අතට දෙන්නට අම්මා සහ පුතා දෙවරක් හිතන්නේ නැති බව දන්නා නිසාත් මේ ප්‍රශ්න ඉතින් ශාන් ඔහුට සැගවූයේය....... දැන් නම් ඉතින් තමන් කරගත් මෝඩකමක ප්‍රතිඵල හරි අපූරුවට විඳගන්නා අතර ඔහු හිතේ වේදනාවෙන්ම දෙනෙත් පියා ගත්තේය......
.
.
.
.
" මට අනිද්දා ක්ලිනික් ......පපාට කියනවද එන්න කියලා......."
රාත්‍රී ආහාර ගෙන අවසන් වී නිදියන්නට කාමරයට පැමිනි ලියාන් ඇඳ වියලට හේත්තුවී දුරකථනය ඔබමින් සිටින ජිලින්ග් හට කීවේය ......
" අනිද්දා ........."
", හ්ම්ම්ම්.........ගිය සතියේ මිස් ගෙදරට ආවනෙ......අනිද්දා උදේට තමා එන්න කියලා ලියලා දීලා ගියේ......."
හා යනුවෙන් පමණක් පවසා ඔහු දුරකථනයටම අවධානය යොමු කරමින් සිටීවි යැයි සිතුවත් කරමින් සිටි රාජකාරියක් නතර කර හිස ඔසවා ඇය දෙස බලමින් ජිලින්ග් එලෙසින් අසද්දී ලියාන්ගේ හිතට සතුටක් ඇතිවුනු අතර ඇය මිස් නිවසට පැමිණි කතාව පවා ඔහු සමග කීවේය......
" කොහෙද ඕක තියෙන්නේ......"
ජිලින්ග් එලෙසින් අසද්දී වතුර වීදුරුවක් පානය කල ලියාන් මිස් නිවසට පැමිණි මොහොතේ ලබා දී ගොස් තිබුණු පෝලික් ඇසිඩ් ටැබ්ලට් එකත් ගිලදමා ඇද අයිනෙන් අසුන්ගත්තේය ......
ඇත්තෙන්ම ඔවුන් දෙදෙනා අතර මෙවන් සුහදශීලී සංවාදයක් සිදුවන පළවෙනි අවස්ථාව මෙය යැයි කීවොත් නිවැරදිය.......
" හොස්පිට්ට්ල් එකේම වෙනම කොටසක් තියෙනවලු.......එතනට තමයි හත වෙනකොට එන්න කිව්වෙ.........මේ......මම දවල් පපාට කෝල් එකක් දාලා කිව්වා එතනට ඇඳගෙන යන්න ගැලපෙන ඇඳුමක් අරගන්න ඕනේ කියලා......හෙට ඒක දුන්නොත් අරගෙන එන්න........"
" ගැලපෙන ඇඳුමක්........."
ජිලින්ග් තවත් ටිකක් උනන්දුවෙන් එලෙසින් අසද්දී ලියාන් තවත් ටිකක් ඉතින් ඔහු අසලින් අසුන් ගත්තේය.......
" හ්ම්ම්ම්....... ඒවට අඳින්න වෙනම ගවුම් තියෙනවා......ඩොක්ටර්ස්ලට චෙක් කරන්න එහෙම පහසු වෙන්න.........."
ජිලින්ග් ඉතින් ඇස් දෙකත් ලොකු කරගෙන මේ කතාබස් වලට ඇහුම්කන් දෙන්නේ මෙවන් දේවල් ඔහු සවනත වැකෙන ප්‍රථම වතාව නිසා වන්නට ඇත....
" ඒවා ඉතින් පපාට අරගන්න තේරෙනවද......"
ජිලින්ග් ඊළඟට එලෙසින් අසද්දී ලියාන් බිම බලාගත්තේය ....
" ගෙවල් ළඟ කාටහරි කියලා අරගෙන එවයි......."
" දැන් ඔයා ටවුන් එකට ගියාට ප්‍රශ්නයක් නැද්ද........"
ජිලින්ග් තවමත් ටිකක් වත් වර්ධනය වී නැති කුස දෙසත් බලා එලෙසින් අසද්දී ලියාන් පුදුමයෙන් ඔහුගේ මුහුණ දෙස බැලුවේය.....
" ළඟකට එහෙම ගියාට ප්‍රශ්නයක් නැහැ........."
" හ්ම්ම්ම්......එහෙනම් මම හතරට විතර එන්නම්...... ලෑස්ති වෙලා ඉන්න ඇඳුමක් අරගන්න යන්න......."
ජිලින්ග් එලෙසින් පවසා යළිත් දුරකථනයට අවධානය යොමු කර ගනිද්දී ලියාන්ගේ මුහුණේ හරි ආදරණීය සිනහවක් මතු වුණේය....ජිලින්ග් එය නොදුටුවත් , මේ ලෙසින් හෝ තමන් පිළිබඳව සොයා බැලීම පිළිබඳව ලියාන් හදවතින්ම සතුටු වෙන්නට පටන් ගත්තේය.....
දරුවාවත් ඔහුගේ නොවේ යැයි පවසමින් එදා තමන්ව ප්‍රතික්ෂේප කළ නිසා ජිලින්ග් පිළිබඳව හදවතට දරාගන්නට නොහැකි කෝපයක් ඇති වී තිබුණත් ගෙවී ගිය සති දෙකක තුනක කාලයේ පටන් ඔහු ටිකෙන් ටික වෙනස් වෙන්නට පටන් අරගෙන තිබෙන බව ලියාන්ට නොදැනුනා නොවෙයි......නමුත් ඉතින් ගෙවී ගිය කාලය තුළ සිදු වූ සිදුවීම් නිසාම ඇය එක්වරම ඒ බව පිළිගන්නට සූදානම් නැත.......
පහුගිය දින කිහිපයේම ඔහු හවස නිවසට එන විට මොනවා හෝ රැගෙන එන්නට පුරුදු වී තිබුණු අතර , වෙනදාට නිවසට පැමිණි සැනින් මූනත් අමුතු කරගෙන ඇගේ අමාරු රාශියක් තම මව සමග පවසන්නට පුරුදු වී සිටියත් ටිකෙන් ටික ඒ ගතිය අඩුවී ගොස් පාඩුවේ කාමරයට ඇවිත් වොෂ් එකක් දමාගෙන ඇඳට වී සිටින්නටත් ඔහු පටන් ගත්තේය ....
ඊට අමතරව ඔහු ගෙනැවිත් දෙන කුමන හෝ කෑමක් ඔහු අසල වාඩි වී කන ගමන්ම ඔහුටත් දිගු කරද්දී කිසිදු ප්‍රතික්ෂේප කිරීමකින් තොරව ඉන් පොඩි කොටසක් හෝ කටේ දමා ගන්නටත් ඔහු පටන් ගත්තේය ........ ඊටත් වඩා ඉතින් සමහර අවස්ථාවලදී වමනය කරද්දී ලඟට ඇවිත් පිට අතගාන්නට කට හෝදා ගන්නට උදව් කරන්නට , අපහසුවෙන් සිටින විට අල්ලාගෙන ඇඳ ළඟට එක්කගෙන එන්නට ඔහු දෙවරක් හිතන්නේ නැත......
ඔහුගේ තත්ත්වය එලෙසින් උනත් සෙලීනාගේ වෙනස් කම් නම් දිනෙන් දින වර්ධනය වෙන්නට පටන් ගන්නේ තම බාල පුතාගේ වෙනසත් ඇයට දරාගන්නට නොහැකි නිසා වන්නට ඇත.......සොන් නම් උදෑසනින්ම වැඩට ගොස් සවස නිවසට පැමිණි සැනින් රූපවාහිනිය අසලින් අසුන් ගන්නා අතර සුපුරුදු පරිදි ඉතින් රාත්‍රී දහය පමණ වනතුරු එතැනට වීහිද නිදාගන්නට ගියත් ඔහුගෙන් කාටවත් ආපදාවක් නැත........
.
.
.
.
" ඔයාට........."
වෙලාව සවස හතරට ආසන්න වී තිබුණු අතර මේ ගාමන්ට් ෆැක්ට්‍රියේ සවස තේ විවේකයයි......එක් එක් අංශවලට තේ විවේකය ලැබෙන්නේ කඩින් කඩ නිසා නියෝගේ ලයින් එක මේ වනවිට තේ පානය සඳහා ආපනශාලාවට පිටවස් ගොස් තිබුණු අතර නියෝ අද ඩැමේජ් කිහිපයක් ලැබුනු මැෂින් එකක් ළඟ වාඩි වී ඒවා සූදානම් කරමින් සිටින්නේ ඊළඟ පැයේ ටාගට් එක හරිගස්සා ගන්නටයි.......
තේ පානයට ගිහින් එන ෂූයෑන්ග් නියෝගය ලයින් එක මැදින් ඉදිරියට ඇවිදගෙන ආවේ ඔහු තනියම ලයින් එක මැද මැෂින් එකක් අසල වාඩි වී දෙකට තුනට නැමී ගැන මොනවාදෝ හදමින් සිටින බව ඈතට දුටු නිසාවෙනි.......
" අහ්............තෑන්ක්ස් ......."
කරමින් සිටින රාජකාරියටම අවධානය යොමු කරගෙන සිටි නිසා ඔහු තරමක් තිගැස්සී ගිය අතර ඊලඟට තමන් අසල හිටගෙන සිටින පුද්ගලයා දැක ඔහුට සිනහවක් තිළිණ කළේය.......
" තේ බොන්න යන්නෙ නැද්ද....."
",දැන් මේක තියෙනවානේ........"
නියෝ මැෂින් එක උඩ තබා තිබෙන කුඩා යෝගට් පානය දෙස බලමින් එලෙසින් කියද්දී ෂූයෑන්ග් හිස දෙපසට සලමින් බර හුස්මක් පිටකලේය ...
" මොනවා හරි කාලා තේ එකක් බීලා ඉන්න ළමයෝ......"
බීම එක තියෙනවා යැයි කීවාට ඒකට අතවත් තියන්නේ නැතුව ඔහු තවත් ඩැමේජ් එකක් හදන්නට සූදානම් වන බව දුටු නිසාම රැගෙන ආ යෝගට් ඩ්‍රින්ක් එකේ පියන විවෘත කර ඔහු අසල තබමින් ෂූයෑන්ග් කීවේය ...
" ඊළඟ පැයේ ටාගට් එක නැති උනොත් එහෙම අපේ ඔළුව කන්න වර්ක් ස්ටඩි මහත්තයෙක් ඉන්නවනේ......."
තියෙන විවෘත කර දුන් යෝගට් පානයෙන් උගුරු කිහිපයක් අවසන් කරමින් නියෝ එලෙසින් කියද්දී ෂූයෑන්ග් ඇස් දෙකත් සිහින් කර ඔහු දෙස තත්පර කිහිපයක් බලාගෙන හිඳ ඊළඟට ඔවුන්ගේ ලයින් එකේ ආරම්භ වන ස්ථානයේ එල්ලා තිබෙන අද දවසේ ටාගට් එක සටහන්ව ඇති පුවරුව දෙස බැලුවේය.......
" අද ටාගට් එක ප්‍රශ්නයක් වෙලා නෑ නේ........ඔයා තමයි ඔක්කොම ඕනවට වඩා කල්පනා කර කර පිස්සු නටන්නෙ.......ඊළඟ දවසේ මාත් එක්ක ටී ටයිම් යන්න ලෑස්ති වෙන්න......"
ෂූයෑන්ග් තරමක් සැරෙන් අවවාදාත්මක ස්වරයෙන් එලෙසින් කියද්දී ඉක්මනින් හිස ඔසවා ඔහු දෙස බැලූ නියෝ තවත් බීම උගුරු කිහිපයක් පානය කලේය ....
" ලයින් එකේ කට්ටිය කියන කතා තවත් වැඩිවෙයි........"
" i don't care........ඒ කතාවලට මම කැමතියි........හවස කඩේට එන්න......."
කවදාවත් නැතිව නියෝගේ කම්මුලකට ඇඟිල්ලකින් අනිමින් එලෙසින් පැවසූ ෂූයෑන්ග් ඔහුගේ කාර්යාලය තුළට යන්නට ගිය අතර හිස් බීම බෝතලයත් අතේ තියාගෙන නියෝ නම් ඇස් දෙක ලොකු කරගෙන ඔහු නොපෙනී යනතුරු බලාගෙන සිටියේය.....
කම්මුලට ඇඟිල්ලෙන් ඇන්නා..... ආෂ් මට ප්‍රෙෂර් වගේ.......
ඉතින් හදවත තුළ මල් යායක් පිබිදෙද්දී නියෝ යලිත් ඩැමේජ් ටික හදන්නට පටන්ගත්තේය .... ගෙවී ගිය මාස පහක හයක කාලය පුරාවට ෂූයෑන්ග් ටිකෙන් ටික තමන් අසලට ලං වූවත් එක්වරම ඔහු සමග ඕනෑවට වඩා කුලුපඟ නොවෙන්නට ගියේ ලොකු කමට නම් නොවේ , මෙම ආයතනය තුළ ඇතිවෙන ආකාරය දෙස ඒවා පුළුවන් තරම් ඉක්මනින් නැතිවෙන ආකාරය දෙස, සමහර තරුණ ගැහැනු ළමයින් එවන් අවස්ථාවල විඳවන ආකාරය දෙස, තවත් සමහර ගැහැනු ළමයි දරුවන් කුසේ තියාගෙන අස්වීම ලබා දෙන ආකාරය දෙස උපේක්ෂාවෙන් බලාගෙන සිටි අයෙකු ලෙසින් සම්බන්ධතාවයක් ආරම්භ කරන්නට හිතේ තිබුණු බිය නිසාවෙනි.......
ෂූයෑන්ග් නියෝගේ සිතුවිලි ඔහුගේ වචනයෙන් ඇසුවේ නැති වුණාට යීබෝගෙන් හරි අපූරුවට දැනගත් නිසා ඔහු ටිකෙන් ටික නියෝට ඔහු පිළිබඳව විශ්වාසය ඇතිවන ලෙසින් හැසිරෙන්නට පරිස්සම් වුණේය.......ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ඔහු ෂූයෑන්ග් ට සෑහෙන්න ළංවී සිටින අතර ඉතින් සම්බන්ධතාවයක් ආරම්භ කරන්නට සුදුසුම කාලය බව ෂූයෑන්ග් ට අවබෝධ වී තිබුනි.......
.
.
.
.
" කීයට විතරද ඒක අරගත්තේ චංගා........"
" නමය වෙනකොට චෙන් ආවා......එවෙලෙම ගිහිල්ලා අරගෙන ආවා.......ඒක ෆික්ස් කරගන්න තමයි චුට්ටක් වෙලා ගියේ.......එකොළහ විතර වෙනකොට වැඩ පටන් ගත්තා......."
",හ්ම්ම්ම්...... දැන් ඉස්සෙල්ලට වඩා ලේසියිද චංගා......."
" හ්ම්ම්ම්.......ඒක කියන්න තේරෙන්නේ නෑ....... එකොළහේ ඉඳලා දෙක වෙනකොට වෙනදට එක වැඩක්වත් ඉවර කරගන්න බෑනේ......අද මම දෙකක් ඉවර කරලා තුන්වෙනි එකටත් රෙඩි වෙලා තමයි චූටිව ගේන්න ගියේ......."
යීබෝ ශාන්ගේ උරහිස මතින් හාදුවක් තැබුවේය.......
" ඔන්න එහෙනම් දැන් ගෙදර ගිහිල්ලා උම්මා එකක් ඔට්ටුයි......."
ශාන් පැති කණ්නාඩියෙන් පෙනෙන කොච්චි කරළගේ මුහුණ දෙස බලාගෙන මද සිනහවක් සමග කීවත් යීබෝ නෑ යැයි කියන්නට හිස සැළුවේය.......
" මම දුන්නට ඔයාට දෙන්න තහනම්......"
" මොකක්ද බෝධි......ඒක අසාධාරණයි නේ......ඔන්න ඉතින් මම හොඳ ළමයා වගේ ඔයා කියපු විදිහට වැඩත් කරානේ......."
ශාන් මූනත් අකුලගෙන දැන් මේ මෙලෙසින් කියන්නේ අද උදෑසන වැඩට යනවිට පවා යීබෝ ඔහුට හාදුවක් ලබා නොදුන් නිසාවෙනි,.......
" ඔය ළමයට පාඩමක් ඉගෙන ගන්න තමා මං මෙහෙම කරන්නේ.......තනියම ඔක්කොම හිතේ තියාගෙන.....හුම්........."
ශාන් එතැනින් එහාට කතා කරන්නට නොගියේ යීබෝගේ මුවින් අවසන් වචන කිහිපය තරමක් කේන්තියක් සහිතව පිටවුනු නිසාවෙනි...... මේ මොහොතේ ඔහුව ශේප් එකේ තියාගෙන නිවසට ගිය පසුව චාටු බස් ටිකක් දොඩවා කෙසේ හෝ හාදුවක් ලබාදීම ශාන්ගේ එකම අභිප්‍රායයි........ඉතින් දැන් මම ඔහු කේන්ති ගස්සවා ගත්තොත් කිසිවක් සිදු කරන්නට නොහැකි බව දන්නා ශාන් වේගවත් පිම්මක් වෙනුවෙන් අඩියක් පිටුපසට ගත්තේය.......
" කාමරේ ඉඩත් මදි වගේ නේද චංගා...."
දෙදෙනාම නිවසට එද්දී වෙනෝනෙකා තරමක් කාර්යබහුලව සිටි නිසා ඇයටත් වචනයක් දෙකක් කතා කළ ඔවුන් දෙදෙනා කෙලින්ම කාමරයට පැමිණි අතර යීබෝ පොත් මේසය අස්පස් කර ඒ මත පරිගණකය තබා තිබෙන නිසා කුඩා ස්ටූල් එකක් මත මොනිටර් එක ඒ අසලින්ම සම්බන්ධ කර තිබෙන ආකාරය දැක යීබෝ වේදනාවෙන් යුතුව පැවසුවේය.......
" එහෙම නෑ මැණික.......දැනට මේ හොඳටම ඇති....ආ.......ඉන්නකෝ ඔයාට බඩුවක් පෙන්නන්න......."
ශාන් ඔහුගේ දුරකථනය රැගෙන කායි විසින් සොයා දුන් ආයතනයක නැවුමක් අවසන් කිරීම නිසා එකවුන්ට් එකට බැර වී තිබුණු මුදල් පෙන්වූයේය .....යීබෝගේ මුහුණට හරි අපූරු සිනහවක් මතුවුනේය ....... ඒවා ඉතින් මේ මුදල් දුටු නිසා ඇතිවන සිනහවක් නොවේ , මේ මුදල් උපයන්නේ ෂාන්ගේ සහජ දක්ෂතාවයෙන් බව හදවතට දැනෙන නිසා ඇතිවුණු සිනහවකි.......
" හෙට නේද කැතී අක්කගෙ ෆැක්ට්‍රියේ සල්ලි හම්බවෙන්නේ........"
" කැටි අක්කගෙ නෙමෙයි බබා කැතී අක්කා වැඩ කරන........හ්ම්ම්ම්......."
දුරකථනය පසෙකින් තැබූ ශාන් ශේප් එකා යීබෝව වැළදගෙන කියද්දී ඇස් වලින් ඉතින් බොරුවට රවා බැලූ යීබෝ එපා යැයි කියන්නට ගියේ නැත.......
" උම්මියක් දෙන්නද මැණික....... මගේ සූඳ මල ඉඹින්න නැතුව නිකං පිස්සු වගේ ......"
සුපුරුදු පරිදි ඉතින් ඇස් දෙකත් අඩවන් කරගෙන ශාන් යීබෝගේ ලක් අසලට ඔහුගේ මුහුණ ලංකලත් යීබෝ ශාන්ගේ මුහුණ මතින් ඔහුගේ අත තබා මදකට නතර කළේය........ඉතින් ශාන් දැන් අමනාපය පිරුණු බැල්මකින් ඒ මුහුණ දෙස බලාගෙනම සිටින අතර යීබෝ මගේ අතැඟිලි දෙකක් එකට අල්ලා ශාන්ගේ නළලට නොරි දෙන පරිදි පහරක් එල්ල කළේය..........
" ආයෙ මොන ප්‍රශ්නෙ ආවත් මාත් එක්ක කතා කරනවා කියලා පොරොන්දු වෙන්න චංගා......"
" හ්ම්ම්.....පොරොන්දු වෙන්නම් ඉතින්........මගෙ සතු කොච්චි බෝම්බෙ......"
ශාන් දෙවැනි වතාවටත් හාදුවක් දෙන්නට හදද්දී යීබෝ එයත් නතර කලේය.....
" බෝදීහ්........"
" ඉන්න ඉන්න....... ප්‍රශ්න වලදි විතරක් අපි දෙන්නා දෙන්නෙක් කියලා හිතන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න චංගා........."
" උම්මා උම්මා උම්මා උම්මා ..........ඔන්න පොරොන්දු උනා.........."
බලෙන්ම කම්මුල් මතින් හාදු හතරක් තබමින් එලෙසින් පැවසූ ශාන් යීබෝගේ රත්පැහැ දෙතොල් මත කෙටි හාදුවක් තබා යටිතොල දෙස ටිකවේලාවක් බලාගෙන හිද සෙමින් එය දෙතොල් වලින් අල්ලාගත්තේය .......ඉතින් හිතේ කේන්තියට මෙතරම් වෙලාවක් අත් දෙක පහතට එල්ලාගෙන සිට යීබෝ ශාන්ගේ ගෙලවටා අත්දෙක දමාගෙන හාදුවට හවුල් වුනේය......... ශාන්ගේ මුවින් බර හුස්මක් පිටවෙද්දී යීබෝ තව තවත් ඒ සිරුරට තුරුලුවුනේය ............
**
**
**
**
**
මතුසම්බන්දයි ...........
.................................................................................................
✒️ රණ්ඩුවෙවී යාලුවෙවී එයාලා ලස්සන ගමනක් යන්න හදන්නේ......
✒️ ඔය ග්‍රැපික් පැබ්රික් ඩිසයින් ගැන මටත් මහා ලොකු දැනුමක් නෑ හොඳේ....විස්තර හොයලා තමයි ඔය ටිකත් ලිව්වේ....අඩුපාඩු තියනවනම් ඉතින් සමාවෙන්න.......
✒️ ජීලින්ග් ගැන මොකද හිතෙන්නේ.........
✒️ ගාමන්ට් එකේ ලව් එකත් නැඟලා යනවා..
✒️ හෙට Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ අරගෙන එන්නම් .....
✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න .......❤💚💛